The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

IPL තරගාවලිය: ආබාධයට ලක්වූ ලාංකික ක්‍රීඩකයින්ට කුමක් වෙයිද ?

T

The Leader Desk

March 22, 2024 • 3:59 PM

IPL තරගාවලිය: ආබාධයට ලක්වූ ලාංකික ක්‍රීඩකයින්ට කුමක් වෙයිද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 17 වන ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද ( මාර්තු මස 22 වැනිදා) ආරම්භ වෙයි.
  • IPL තරගාවලි පහකදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ශුරතාවලිය දිනා දුන් මහේන්ද්‍ර සිං දෝනි ඒ අනුව නායකත්වයෙන් ඉවත් කර ඒ වෙනුවට රුට්රාජ් ගායික්වාඩ් පත් කළ බව කණ්ඩායම් කළමනාකාරීත්වය නිවේදනය කරන ලදී.
  •   මේ අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකත්වය දැරූ රෝහිත් ෂර්මා ඉවත් කොට ඒ වෙනුවට හර්දික් පාන්ඩ්යා පත් කළ බව කණ්ඩායම් කළමනාකාරීත්වය මීට මාස කිහිපයකට පෙර නිවේදනය කළේය.
  • මේ අතර සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වයට පත් කර ඇත්තේ 2023 ලෝක කුසලාන එක්දින තරගාවලිය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක පැට් කමින්ස්.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙවර තරගාවලිය ආරම්භ වන්නේ පසුගිය වසරේ ශුරයින් වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර අද පැවැත්වෙන තරගයෙනි.

මෙම තරගය පැවැත්වෙන්නේ චෙන්නායි MA චිදම්බරම් ක්‍රීඩාංගණයේ දීය.

mxfjksතරගාවලිය ආරම්භ වන්නේ පසුගිය වසරේ ශුරයින් වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර අද පැවැත්වෙන තරගයෙනි

 

තරගාවලියට පෙර සිදුවූ නායකත්ව වෙනස්කම්

ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියේ දී සාර්ථකම කණ්ඩායමක් වූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් කිරීමට පියවර ගෙන ඇති බව එහි කළමනාකාරීත්වය නිවේදනය කරනු ලැබීය.

IPL තරගාවලි පහකදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ශුරතාවලිය දිනා දුන් මහේන්ද්‍ර සිං දෝනි ඒ අනුව නායකත්වයෙන් ඉවත් කර ඒ වෙනුවට රුට්රාජ් ගායික්වාඩ් පත් කළ බව කණ්ඩායම් කළමනාකාරීත්වය නිවේදනය කරන ලදී.

xldkd

IPL තරගාවලි පහකදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ශුරතාවලිය දිනා දුන් මහේන්ද්‍ර සිං දෝනි වෙනුවට රුට්රාජ් ගායික්වාඩ් නායකත්වයට පත් කළ බව කණ්ඩායම් කළමනාකාරීත්වය නිවේදනය කරන ලදී.

 

මේ අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකත්වය දැරූ රෝහිත් ෂර්මා ඉවත් කොට ඒ වෙනුවට හර්දික් පාන්ඩ්යා පත් කළ බව කණ්ඩායම් කළමනාකාරීත්වය මීට මාස කිහිපයකට පෙර නිවේදනය කළේය.

හර්දික් පාන්ඩ්යා කලින් නායකත්වය දැරූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායකත්වය සඳහා ශුබ්මන් ගිල් පත් කිරීමට එම කණ්ඩායමේ කළමනාකාරිත්වය පියවර ගනු ලැබිය.

මේ අතර සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වයට පත් කර ඇත්තේ 2023 ලෝක කුසලාන එක්දින තරගාවලිය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක පැට් කමින්ස්.

රිය අනතුරකට ලක්වීමෙන් වසරකට අධික කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්ව සිටි ඉන්දීය කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් නැවත ක්‍රිකට් ක්‍රීඩාවට එක්වීම සමග ඔහුව දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකත්වයට නම් කර තිබේ.

48fgමුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකත්වය දැරූ රෝහිත් ෂර්මා ඉවත් කොට ඒ වෙනුවට හර්දික් පාන්ඩ්යා පත් කර තිබේ

 

IPL තරගාවලිය සහ ඉන්දියානු මහ මැතිවරණය

ඉන්දියානු මහ මැතිවරණය අප්‍රේල් මාසයේදී ආරම්භ වීමට නියමිතය.

බිලියනකට අධික ඡන්ද දායකයින් පිරිසක් ජන්දය ප්‍රකාශ කරන මෙම මහ මැතිවරණය අදියර 07ක් යටතේ පැවැත්වේ.

මේ හේතුවෙන් මෙවර IPL තරගාවලියේ කාල සටහන සංශෝධනය කිරීමට තරග සංවිධායකවරුන් පියවර ගන්නා බව නිවේදනය කළේය.

ඒ අනුව IPL තරගාවලියේ පළමු කොටසේ තරග 17ක් පැවැත්වීමට ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ. එය අද ( මාර්තු 22 වෙනිදා) සිට අප්‍රේල් මස 07 වෙනිදා දක්වා පැවැත්වෙන බව නිවේදනය කර ඇත.

තරගාවලියේ ඉදිරි කාල සටහන පසුව නිවේදනය කෙරෙන බව ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර ඇත.

 

මෙවර IPL තරගාවලියට ක්‍රීඩා කරන ලාංකික ක්‍රීඩකයින් කවුද ?

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් රැසකට මෙවර IPL තරගාවලියට එක්වීමට අවස්ථාව උදාවිය.

පසුගිය වසරේ දී IPL තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ මහිෂ් තීක්ෂණ සහ මතිෂ පතිරණ රඳවා ගැනීමට ඔවුන් තීරණය කළේ මෙවර ක්‍රීඩක වෙන්දේසියට පෙර සිට ය.

IPL ක්‍රීඩක වෙන්දේසියේදී වේගපන්දු යවන ක්‍රීඩකයින් වන ඩිල්ෂාන් මධුශංක සහ නුවන් තුෂාර යන ක්‍රීඩකයින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදීගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගව සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබ තිබේ.

දුෂ්මන්ත චමීර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගැනීමට කණ්ඩායම් කළමනාකාරිත්වය තීරණය කළේ එංගලන්ත පන්දු යවන්නකු වන ගස් ඇට්කින්සන් මෙවර IPL තරගාවලියෙන් ඉවත් වීම හේතුවෙනි.

 

ලාංකික ක්‍රීඩකයින්ට IPL අහිමි වෙයිද ?

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට මෙවර IPL තරගාවලියට ක්‍රීඩා කිරීමට ඇති අවස්ථාව සීමා සහිත වී තිබේ.

සිම්බාබ්වේ, ඇෆ්ගනිස්ථාන සහ බංග්ලාදේශ සංචාර අතර වාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඩිල්ෂාන් මධුෂංක, මතිෂ පතිරණ , දුෂ්මන්ත චමීර සහ වනිදු හසරංග ආබාධයන්ට ලක්විය.

මේ අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ කළමනාකාරිත්වය විසින් ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංක වෙනුවට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ තරුණ වේග පන්දු ක්‍රීඩක ක්වේනා මාපාකා කැඳවීමට තීරණය කළ බව නිවේදනය කළේය.

IPL තරගාවලිය සඳහා මේ වන විට තමන් ක්‍රීඩා කරන කණ්ඩායම් සමග එක්ව සිටින්නේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම නියෝජනය කරන නුවන් තුෂාර සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන මහිෂ් තීක්ෂණ පමණය.

මෙවර ආබාධයන්ට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විමසීමක් සිදු කළේය.

ඊට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රසන්න රොද්‍රිගු කියා සිටියේ ආබාධයන්ට ලක්වූ ක්‍රීඩකයින් නැවත පුර්ණ ශාරිරික යෝග්‍යතාවයන්ට පත්වූ පසු ඔවුන්ට IPL තරගාවලිය නියෝජනය කිරීමට හැකියාව පවතින බවයි.

"දැනට ඉන්ජරි වෙලා ඉන්න ප්ලේයර්ස්ලා ගේ ෆිට්නස් ලෙවල් එක හරි ගියාම එයාලට ඒක තහවුරු කරලා IPL එකට ක්‍රීඩා කරන්න යන්න පුළුවන්."

ඒ වගේම ඒ අතර IPL කණ්ඩායම් වලට මේ ක්‍රීඩකයින් වෙනුවට රිප්ලේස්මන්ට් එනවුන්ස් කරන්නත් පුළුවන්." ඔහු පැවසීය.


(BBC සිංහල සේවය )

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...