The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

එංගලන්ත පිතිකරු හැරී බෲක් ට දෙවසරක IPL තහනමක්

T

The Leader Desk

March 15, 2025 • 8:45 AM

 එංගලන්ත පිතිකරු හැරී බෲක් ට දෙවසරක IPL තහනමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊට හේතුව වී තිබෙන්නේ සිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කිරීම පිණිස ඔහු අවසන් මිනිත්තුවේදී අයි.පී.එල්.
  • ජොස් බට්ලර් වෙනුවට එංගලන්ත සීමිත ඔ්වර ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පිවිසෙන ක්‍රීඩකයන් අතර පෙරමුණේ සිටින 26 හැවිරිදි බෲක්, ලබන සතියේ ඇරඹෙන IPL තරග වාරය සඳහා ‘දිල්ලි කැපිටල්ස්’ (Delhi Capitals) කණ්ඩායම සමග කොන්ත්‍රාත් අත්සන් කර තිබුණා.
  • හැරී බෲක් ට පැනවූ තහනම පිළිබඳව එංගලන්ත හා වේල්ස ක්‍රිකට් මණ්ඩලයට (ECB) දන්වා තිබෙන බව ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) නිලධාරියෙක් ප්‍රකාශ කරනවා.
  • මේ තහනම IPL වෙන්දේසියට පසුගිය වසරේ ලියාපදිංචි වීමට පෙර සෑම ක්‍රීඩකයෙකු ට ම දන්වන ලද ප්‍රතිපත්තියේ කොටසක් බව එම නිලධාරියා කියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
ඊට හේතුව වී තිබෙන්නේ සිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කිරීම පිණිස ඔහු අවසන් මිනිත්තුවේදී අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත් වීම.

ජොස් බට්ලර් වෙනුවට එංගලන්ත සීමිත ඔ්වර ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පිවිසෙන ක්‍රීඩකයන් අතර පෙරමුණේ සිටින 26 හැවිරිදි බෲක්, ලබන සතියේ ඇරඹෙන IPL තරග වාරය සඳහා ‘දිල්ලි කැපිටල්ස්’ (Delhi Capitals) කණ්ඩායම සමග කොන්ත්‍රාත් අත්සන් කර තිබුණා.

බෲක් ඔහුගේ ආච්චි මිය යාමෙන් පසුව පසුගිය තරග වාරයේදී ද ‘දිල්ලි’ කණ්ඩායම සමග තිබූ කොන්ත්‍රාත්තුවෙන් ඉවත් වුණා.

හැරී බෲක් ට පැනවූ තහනම පිළිබඳව එංගලන්ත හා වේල්ස ක්‍රිකට් මණ්ඩලයට (ECB) දන්වා තිබෙන බව ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) නිලධාරියෙක් ප්‍රකාශ කරනවා.

මේ තහනම IPL වෙන්දේසියට පසුගිය වසරේ ලියාපදිංචි වීමට පෙර සෑම ක්‍රීඩකයෙකු ට ම දන්වන ලද ප්‍රතිපත්තියේ කොටසක් බව එම නිලධාරියා කියනවා.

මේ නීති පනවා තිබෙන්නේ විදෙස් ක්‍රීඩකයන් අවසන් මොහොතේ තරගාවලියෙන් ඉවත් වීම වැළැක්වීමට. මේ නීතිය ලිහිල් කළ හැක්කේ ආබාධවලට ලක්වූ ක්‍රීඩකයන් වෙනුවෙන් පමණයි.

“ළමා කාලයේ සිටම මට අවශ්‍යව තිබුනේ මගේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නයි. ඒ උසස් ම තලයේ ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව මම ස්තූතිවන්ත වනවා. මම විශ්වාස කරන පුද්ගලයන් සමග කතා කිරීමෙන් පසුව, එංගලන්ත ක්‍රිකට් වෙනුවෙන් මගේ කාලය යොදවන්න මම තීරණය කළා. රට වෙනුවෙන් මගේ ඊළඟ කාර්යයට පෙර නැවත ප්‍රාණවත් වෙන්න මට කාලය අවශ්‍යයි” බෲක් කියා සිටිනවා.

“හැම කෙනෙකුටම මේක තේරුම් ගන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. නමුත් එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීම තමයි මගේ අංක එකේ ප්‍රමුඛතාව. මට ලැබුණු අවස්ථාවන් හා සහයෝගයට මම කෘතඥ වෙනවා.”

හැරී බෲක් IPL තරගාවලියේ එක් තරග වාරයක් ක්‍රීඩා කර තිබෙනවා. ඒ, 2023 වසරේදී ‘සන්රයිසර්ස් හයිද්‍රබාද්’ කණ්ඩායම වෙනුවෙන්. එහිදී ඔහු ‘කොල්කටා නයිට් රයිඩර්ස්’ පිලට එරෙහිව පන්දු 55කින් ශතකයක් වාර්තා කළා.

warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

එංගලන්ත පිතිකරු හැරී බෲක් ට දෙවසරක IPL තහනමක් | The Leader