The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පන්දුව ඔප දැමීමට ඛේටය පාවිච්චි කරන්න පුළුවන්: පින්නට එරෙහිව IPL තරග දෙවැනි ඉනිමට පන්දු දෙකක්

T

The Leader Desk

March 21, 2025 • 11:35 AM

පන්දුව ඔප දැමීමට ඛේටය පාවිච්චි කරන්න පුළුවන්: පින්නට එරෙහිව IPL තරග දෙවැනි ඉනිමට පන්දු දෙකක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මීට අමතරව, IPL පන්දු යවන්නන්ට තවත් සුභාරංචියක් ගෙන එමින් රාත්‍රී තරගවල දෙවැනි ඉනිමේදී පන්දු දෙකක් භාවිතා කිරීමටද අවසර ලබා දී තිබෙනවා.
  • ඉලක්කය හඹා යාමේ 11 වැනි ඕවරයෙන් පසුව, ක්‍රීඩා කරමින් තිබෙන පන්දුව වෙනුවට තරග විනිසුරුගේ අභිමතය පරිදි ලකයක් නැති එහෙත් වියළි පන්දුවක් භාවිතා කිරීමට මේ අනුව ඉඩ ලැබෙනවා.
  • පන්දුව වෙනස් කරන ලෙසට විනිසුරුගෙන් ඉල්ලා සිටීමට පන්දු රකින කණ්ඩායමට පුළුවන්.
  • පිනි වැටීම නිසා ක්‍රීඩාවට බාධාවක් ඇතිවන බවක් කණ්ඩායමකට හැඟෙනවා නම් පන්දුව වෙනස් කරන ලෙසට විනිසුරුගෙන් ඉල්ලා සිටීමට ඔවුන්ට පුළුවන්.
අකුරු ප්‍රමාණය (Font Size):


මීට අමතරව, IPL පන්දු යවන්නන්ට තවත් සුභාරංචියක් ගෙන එමින් රාත්‍රී තරගවල දෙවැනි ඉනිමේදී පන්දු දෙකක් භාවිතා කිරීමටද අවසර ලබා දී තිබෙනවා. මේ නැවුම් වෙනස සිදුකර තිබෙන්නේ පින්න නමැති සාධකයට එරෙහි වීමට. ඉලක්කය හඹා යාමේ 11 වැනි ඕවරයෙන් පසුව, ක්‍රීඩා කරමින් තිබෙන පන්දුව වෙනුවට තරග විනිසුරුගේ අභිමතය පරිදි ලකයක් නැති එහෙත් වියළි පන්දුවක් භාවිතා කිරීමට මේ අනුව ඉඩ ලැබෙනවා.

පන්දුව වෙනස් කරන ලෙසට විනිසුරුගෙන් ඉල්ලා සිටීමට පන්දු රකින කණ්ඩායමට පුළුවන්. එහෙත් දේශගුණික තත්ත්වයන් තක්සේරු කර ඊට එකඟ වීම හෝ එකඟ නොවීම තීරණය කරන්නේ පිටියේ සිටින විනිසුරුවන්.

 

ipl787686

දෙවැනි ඉනිමේදී වෙනස් පන්දු දෙකක් භාවිතා කිරීමේ බලය සම්පූර්ණයෙන් පවරා තිබෙන්නේ පිටියේ තරග විනිසුරුවන්ට. 11 වැනි ඕවරයෙන් පසුව දෙවැනි පන්දුවක් යොදා ගැනීමට විනිසුරුවරයෙකුට හැකියාව තිබෙන අතර ඒ අවස්ථාවේ දේශගුණයේ තත්ත්වය දෙස බැලීමෙන් පසුව දෙවැනි පන්දුවක් පාවිච්චි කිරීම පිණිස අවසර දීම ඔහුගේ තීරණයක්. පිනි වැටීම නිසා ක්‍රීඩාවට බාධාවක් ඇතිවන බවක් කණ්ඩායමකට හැඟෙනවා නම් පන්දුව වෙනස් කරන ලෙසට විනිසුරුගෙන් ඉල්ලා සිටීමට ඔවුන්ට පුළුවන්.

මේ වෙනස සිදුකිරීම සහ කොවිඩ් වසංගතය සමයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) විසින් පනවනු ලැබූ පන්දුව ඛේටයෙන් ඔප දැමීමේ තහනම අවලංගු කිරීම ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් ක්‍රියාත්මක කර තිබෙන්නේ මුම්බායි නගරයේ ඊයේ පැවති IPL කණ්ඩායම් නායකයන් සමග සාකච්ඡාවෙන් පසුව.

 

ipl67864786
මේ පිළිබඳව අදහස් විමසීමේදී පන්දුව ඔප දැමීම සඳහා කෙළ පාවිච්චි කිරීමට කිසිම නායකයෙක් අකමැති වී නැති බැවින් එම තහනම ඉවත් කිරීමට ඒකමතික එකඟත්වයකට පිවිස තිබෙන බව වාර්තා වනවා. “මෙය ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ දේශීය තරගාවලියක්. ඒ නිසා අපි ICCයේ නිර්ණායකයන් පිළිපැදීමට බැඳී නැතැයි BCCI උසස් නිලධාරියෙක් ප්‍රකාශ කරනවා.

ඛේටය යොදා ගනිමින් පන්දු ඔප දැමීමේ ක්‍රියාවලියෙන් විස්සයි20 තරගවලට නියම බලපෑමක් ඇති වේවිද යන්න ඉදිරියේදී දැකගත හැකි වේවි. එහෙත් අනෙක් නීති වෙනස වන ලකුණු හඹා යාමේදී පන්දු දෙකක් භාවිතා කිරීමෙන් ක්‍රීඩාවට ඇති වන ප්‍රබල බලපෑම ගැන නම් කිසිම සැකයක් නැහැ.


warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

සබැඳි පුවතක් :

පන්දුව ඔප දැමීමට කෙළ පාවිච්චි කිරීමේ තහනම IPL සමග ඉවත් වේවිද?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පන්දුව ඔප දැමීමට ඛේටය පාවිච්චි කරන්න පුළුවන්: පින්නට එරෙහිව IPL තරග දෙවැනි ඉනිමට පන්දු දෙකක් | The Leader