පලමු තරගයේ දී වයස් කාණ්ඩ අවුරුදු 25 - 29 තරග ඉසව්වේ කිලෝමීටර් 1.9 දිවීම, කිලෝමීටර් 90 බයිසිකල් පැදීම, කිලෝමීටර් 21 මාර්ග ධාවන ඉසව්වෙ සමස්ථ කාලය පැය 4: විනාඩි 42 තත්ත්පර 42 අවසන් කරමින් එම වයස් කාණ්ඩයේ සමස්ථ තරගකරුවන් 187 අතරින් 29 වැනි ස්ථානය දිනාගැනීමට සමත්විය විය.
මෙම තරගය සදහා රටවල් 15 අධික තරග කරුවන් 1500 පමන සහබාගී වීම විශේෂත්වයකි.
ෂේන් අමරසිංහ තරග වැදි දෙවැනි IRONMAN 70.3 තුන්ප්‍රයාම තරගය ඕස්ට්‍රේලියාවේ Western Sydney නගරයේ දී රටවල් 15 අධික සංඛ්‍යාවක් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1300 අධික සංඛ්‍යාවක් සහභාගී වූ අතර , එහිදි ෂේන් අමරසිංහ තුන්ප්‍රයාම ඉසව්වෙ මීට පෙර පැවති තරගයේදී වාර්තා කල දක්ශතාවයට වඩා කැපී පෙනන දක්ශතා අතරට පැමිනීම විශේශත්වයකි.
මෙම අදියරේදී පැය 4: විනාඩි 37: තත්පර 57 දක්ශතාවය සමගින් එම වසස් කණ්ඩයේ 27 වැනි ස්තානය දිනාගැනීමට සමත්විය.
මෙම අදියර අවසන් වීමත් සමග නැවත වරක් IRONMAN 70.3 තුන්ප්‍රයාම තරගාවලියේ මීලග අදියර නොවැම්බර් 09 වැනි දින ඕස්ට්‍රේලියාවේ මෙල්බන් හිදී පැවත්වේ.
2026 වසරේ IRONMAN 70.3 තුන්ප්‍රයාම තරගාවලියේ එක් අදියරක් පෙබරවාරි මස 22 වැනිදා ශ්‍රී ලංකාවේ කොළඹ ගෝල්ෆේස් අවට පැවත්වීමට සංවිධායකයන් තීරණය කර ඇත.

(
| සමීර මදුසංක හේවා ගමගේ)
madusanka8816@gamil.com




