The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
ක්‍රීඩා

Josh Baker: 20 හැවිරිදි දඟ පන්දු යවන්නාගේ අකල් මරණයෙන් එංගලන්තය කම්පා වෙයි

T

The Leader Desk

May 3, 2024 • 9:31 AM

Josh Baker: 20 හැවිරිදි දඟ පන්දු යවන්නාගේ අකල් මරණයෙන් එංගලන්තය කම්පා වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාර්ථක ක්‍රිකට් අනාගතයක පෙරනිමිති පහළ කරමින් සිටි වූස්ටෂා ප්‍රාන්ත කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක 20 හැවිරිදි ජොෂ් බේක කඩුලු තුනක්
  • ඔහුගේ ශෝචනීය මරණයට පැය කිහිපයකට පෙර මේ තරුණ වමත් දඟ පන්දු යවන්නා ඔහුගේ ජීවිතයේ අවසාන තරගයේදී කඩුලු තුනක් ලබා ගන්නා අයුරු දිස්වන අවසන් වීඩියෝවේ දසුන්වලින් ඇතිවන්නේ හද කකියවන දුකක්.
  • මේ වමත් ක්‍රීඩකයා ඔහුගේ පළමු පෙල ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළේ 2021 වසරේදී.
  • ඔහු වූස්ටෂා ප්‍රාන්ත ක්‍රිකට් සමාජය සමග වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කර වැඩිකල් යන්නට පෙර සෑම දෙනාගේම ආදරය දිනා ගනිමින් එම සංචිතයේ ජනප්‍රිය චරිතයක් බවට පත්වුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

දවා ගෙන පැය කිහිපයකට පසුව මිය යාමේ පුවතින් මුළු එංගලන්ත ක්‍රිකට් ප්‍රජාව ම කම්පාවට පත්ව සිටිනවා.

ඔහුගේ ශෝචනීය මරණයට පැය කිහිපයකට පෙර මේ තරුණ වමත් දඟ පන්දු යවන්නා ඔහුගේ ජීවිතයේ අවසාන තරගයේදී කඩුලු තුනක් ලබා ගන්නා අයුරු දිස්වන අවසන් වීඩියෝවේ දසුන්වලින් ඇතිවන්නේ හද කකියවන දුකක්.

 

 

ජොෂ් බේක (Josh Baker)ගේ ඛේදජනක මරණය සිදුවන්නේ බදාදා ‘සමසෙට්’ පිලට එරෙහිව පැවති තරගයකදී ‘වූස්ටෂා’ (Worcestershire) දෙවැනි පෙල කණ්ඩායම වෙනුවෙන් ඔහු කඩුලු 3ක් ලබා ගැනීමෙන් පසුව. 

ඔහු මේ තරගයේදී අතිදක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ඕවර  20ක් යවා ලකුණු 66කට කඩුලු 3ක් ලබා ගැනීමට සමත් වුනා. 

 

පුහුණු සැසියකදී පන්දු රැකීමේ අභියෝගයක් බාර ගෙන ජොෂ් බේක ගුවනේ පාවෙමින් තනි අතින් පන්දුවක් රැක ගන්නා අයුරු දිස්වන වීඩියෝවක් වූස්ටෂා ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම විසින් සමාජගත කර තිබුනේ මීට සති හයකට පෙර. පියඹා එන පන්දුව අල්ලා ගැනීම පිණිස ජොෂ් සැණින් ප්‍රතිචාර දක්වන අයුරු එහි පෙනෙන්නට තිබුනා.

මේ වමත් ක්‍රීඩකයා ඔහුගේ පළමු පෙල ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළේ 2021 වසරේදී. ඔහු වූස්ටෂා ප්‍රාන්ත ක්‍රිකට් සමාජය සමග වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කර වැඩිකල් යන්නට පෙර සෑම දෙනාගේම ආදරය දිනා ගනිමින් එම සංචිතයේ ජනප්‍රිය චරිතයක් බවට පත්වුනා.

 

skysports josh baker worcestershire 6540733ක්‍රිකට් ක්‍රීඩාවේ ශෛලීන් තුනේ ම තරග 47ක් ක්‍රීඩා කළ ඔහු කඩුලු 70ක් ලබා ගෙන සිටියා.

ක්‍රිකට් ක්‍රීඩාවේ ශෛලීන් තුනේ ම තරග 47ක් ක්‍රීඩා කළ ඔහු කඩුලු 70ක් ලබා ගෙන සිටියා. 2022 ලෝක කුසලාන අවුරුදු 19න් පහළ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග ඔහු අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සංචාරය කළා.

‘සමසෙට්’ කණ්ඩායමට එරෙහි තරගයේ තෙවැනි දිනය ක්‍රීඩා කිරීමට ඔහු නොපැමිණි බැවින් දුරකථනයෙන් ඔහුව සම්බන්ධ කර ගැනීමට දැරූ අසාර්ථක උත්සාහයෙන් පසුව ඒ ගැන සොයා බැලීමට ඔහුගේ මහල් නිවසට ගිය මිතුරෙකුට ජොෂ් මිය ගොස් තිබෙන අයුරු දක්නට ලැබී තිබෙනවා.

මේ යොවුන් ක්‍රීඩකයාගේ අකල් මරණය සම්බන්ධයෙන් වෙනත් කිසිම තොරතුරක් මෙතෙක් වාර්තා වී නැහැ.

 

joshමේ යොවුන් ක්‍රීඩකයාගේ අකල් මරණය සම්බන්ධයෙන් වෙනත් කිසිම තොරතුරක් මෙතෙක් වාර්තා වී නැහැ.

ජොෂ්ගේ මරණයෙන් කම්පාවට පත් එංගලන්ත ක්‍රිකට් ප්‍රජාවෙන් පණිවුඩ විශාල ප්‍රමාණයක් ගලා එමින් තිබෙනවා. ඒ සමග, එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක බෙන් ස්ටෝක්ස් හා ජොෂ් බේක 2012 වසරේදී එකිනෙකාට එරෙහිව තරග කිරීමෙන් පසුව ස්ටෝක්ස් එවූ හැඟීම්බර පණිවිඩයක මතකය ද අවදි වී තිබෙනවා.

 

ඒ වන විට 18 හැවිරිදි වියේ පසුවූ ජොෂ්ගේ එක ඔ්වරයකට ‘ඩර්රම්’ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටි ස්ටෝක්ස් හයේ පහර 5ක් එම තරගයේදී එල්ල කළා.

ඉන්පසුව ස්ටෝක්ස් විසින් ජොෂ් වෙත එවන ලද පණිවිඩයේ මෙසේ සඳහන්ව තිබුනා: “ඔබට දියුණු කළ හැකි විශේෂ හැකියාවක් තිබෙනවා. ඔබ ගොඩක් දුර යාවි කියා මම හිතනවා!”

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...