The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

සටන් ක්‍රීඩාවට වෙනස්ම අත්දැකීමක්: Karma Fight League දෙවැනි අදියර මාර්තු 30 වැනිදා

T

The Leader Desk

March 12, 2024 • 7:39 AM

සටන් ක්‍රීඩාවට වෙනස්ම අත්දැකීමක්: Karma Fight League දෙවැනි අදියර මාර්තු 30 වැනිදා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කරාටේ, බොක්සිං හා තායි කික් බොක්සිං (Muay Thai) යන සටන් තුනේ ම සංයෝජනයක් වන Karma Fight League – KFL - තරගාවලියේ දෙවැනි අදියර මාර්තු 30 වැනිදා The Taprobane හි පැවැත්වෙනවා.
  • K-1 හි අතිශය ජනප්‍රිය අංගයක් බවට පත්වුනු විවෘත බර ශූරතාවලිය - Open Weight Championship - මෙවර KFL002 තරගාවලිය සඳහා එක්කර තිබීම විිශේෂත්වයක්.
  • අසමාන බර හා  අසමාන උසින් යුත් සටන්කරුවන් එක ම සටන් වළල්ලක ගැටෙමින් වෙනස් ම වූ සටන් අත්දැකීමක් ප්‍රේක්ෂකයන්ට ලබා දීමට KFL002 සූදානම්.  මෙහි විවෘත බර ශූරතාවලිය ඔබ මින් පෙර කිසිදිනෙක අත්නොදුටු ඝණයේ අංගයක්.
  •   KFL002 Open Weight Championship සඳහා ශ්‍රී ලංකාවේ දැනට සිටින ප්‍රමුඛ පෙළේ සටන්කරුවන් 8 දෙනෙකු  සහභාගි වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


K1 නීති අනුගමනය කරමින් පැවැත්වෙන මේ සටන් ක්‍රීඩාව මෙරට සටන් ඉතිහාසයට වෙනස් ම වූ අත්දැකීමක් එක් කළ ඉසව්වක්. 

මෙහි පළමු අදියර පසුගිය වසරේ අගෝස්තු මාසයේ පැවති අවස්ථාවේදී එය ශ්‍රී ලංකා ඉතිහාසයේ සංවිධානය වූ දැවැන්තම සටන් තරගාවලිය බවට පත්වුනා.

මෙවර තරගාවලියට නවමු අංග රැසක් එක්කර තිබෙනවා. K-1 හි අතිශය ජනප්‍රිය අංගයක් බවට පත්වුනු විවෘත බර ශූරතාවලිය - Open Weight Championship - මෙවර KFL002 තරගාවලිය සඳහා එක්කර තිබීම විිශේෂත්වයක්. අසමාන බර හා  අසමාන උසින් යුත් සටන්කරුවන් එක ම සටන් වළල්ලක ගැටෙමින් වෙනස් ම වූ සටන් අත්දැකීමක් ප්‍රේක්ෂකයන්ට ලබා දීමට KFL002 සූදානම්. 

මෙහි විවෘත බර ශූරතාවලිය ඔබ මින් පෙර කිසිදිනෙක අත්නොදුටු ඝණයේ අංගයක්. KFL තරගාවලියේ විවෘත බර ශූරතාවලියේ විශේෂත්වය වන්නේ සටන් රාත්‍රිය - Fight Night - පවත්වනු ලබන දිනය තෙක් ම සටන්කරුවන් ඔවුන්ගේ ප්‍රතිවාදීන් කවුද යන්න දැන නොසිටීම යි. මේ හේතුවෙන් ප්‍රේක්ෂකයන්ට නොඅනුමානව ලැබෙන්නේ උද්වේගී අත්දැකීමක්.

 

kflp
KFL002 Open Weight Championship සඳහා ශ්‍රී ලංකාවේ දැනට සිටින ප්‍රමුඛ පෙළේ සටන්කරුවන් 8 දෙනෙකු  සහභාගි වනවා.

මලින්ද අමරසිංහ, ශ්‍රීමාල් රොද්‍රිගෝ, කුමුදු ප්‍රසන්න, ලක්සිරි සිල්වා හා සිල්වෙස්ටර් සිල්වා වැනි අත්දැකීම් බහුල සටන්කාමීන් මෙන්ම නව පරපුරේ දක්ෂ සටන්කරුවන් වන ගිහාන් ප්‍රසන්න, ගිරි කනේෂන් සහ හේෂාන් බෙන්ජමින් වැනි ප්‍රබල සටන්කරුවන් රැසක් විවෘත බර ශූරතාවලියට මෙවර එක්ව සිටිනවා.

මේ තරගාවලියේ තිබෙන ප්‍රධානතම විශේෂත්වය වන්නේ මෙය එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා සටන් ඉතිහාසයේ ලබා දෙන විශාලතම ත්‍යාග මුදල වන රුපියල් මිලියනයක ත්‍යාග මුදල් සංචිත හිමි සටන් තරගාවලිය වීම.

අමුතුම මාදිලියේ සටන් අත්දැකීමක ආස්වාදය විඳගන්න පැමිණෙන ලෙසට සංවිධායකයින් ප්‍රේක්ෂකයින්ට ආරාධනා කරනවා.

KFL තරගාවලිය සඳහා ටිකට් පත් මෙවරත් MyTable වෙබ් අඩවිය ඔස්සේ වෙන් කරවා ගත හැකි බවට නිවේදනය කෙරෙනවා.

මේ පිළිබඳ වැඩි විස්තර 0760003232 දුරකථන අංකයෙන් දැනගැනීමට අවස්ථාව තිබෙනවා.

තරගාවලිය සඳහා ටිකට් පත් මිළ ගණන් මෙසේයි.

(phase 1)
General Seating - රුපියල් 3000
Ring Side Seating - රුපියල් 6000




සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...