The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා පාසල් Maroons හොකී පිලට ජාතික ජයග්‍රහණයක්

T

The Leader Desk

March 17, 2024 • 5:30 AM

ශ්‍රී ලංකා පාසල් Maroons හොකී පිලට ජාතික ජයග්‍රහණයක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා හොකී සංගමය විසින් පසුගියදා සංවිධානය කරන ලද වයස 21න් පහළ ජාතික හොකී ශූරතාවලියේ සිව් වෙනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා පාසල් හොකී කණ්ඩායම සමත්විය.
  • බණ්ඩාර (විද්‍යාර්ථ විද්‍යාලය, මහනුවර), තවීෂ ද සිල්වා (ධර්මදූත විද්‍යාලය, බදුල්ල), සෙනුල දෙව්මිත් - කණ්ඩායම් නායක (ඉසිපතන විද්‍යාලය, කොළඹ), V.රිවිෂ මාරඹගේ (රාජකීය විද්‍යාලය, කොළඹ), උදන්ත සඳරුවන් නානායක්කාර (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ), D.D.M.L.
  •   නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනයේ පැවති ශූරතාවලිය මෙහෙයවනු ලැබුවේ කොළඹ හොකී සංගමය විසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


තරගාවලිය අතරතුර දී ඒකාබද්ධ විශ්වවිද්‍යාල හොකී කණ්ඩායම ගෝල් 3-1 වශයෙන් පරාජයට පත්කළ පාසල් හොකී කණ්ඩායම, දඬුවම් පහර වටයේදී මර්කන්ටයිල් හොකී කණ්ඩායම ද පරාජයට පත් කළේය. 

ඉන් අනතුරුව ගාලු හොකී සමාජය සමග තරගය ජය පරාජයකින් තොරව අවසන් කරමින් අර්ධ අවසාන පූර්ව වටයට තේරී පත්විය. 

අර්ධ අවසාන පූර්ව වටයේදී වෙන්නප්පුව හොකී සංගමය පරාජයට පත් කළ Maroons පාසල් හොකී කණ්ඩායම, අවසාන් පූර්ව වටයේදී මහනුවර හොකී සංගමයට පරාජයට පත්වුවත් 2023/2024 වයස 21න් පහළ ජාතික හොකී ශූරතාවලියේ සිව් වෙනි ස්ථානය දිනා ගැනීමට සමත්විය.  

නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනයේ පැවති ශූරතාවලිය මෙහෙයවනු ලැබුවේ කොළඹ හොකී සංගමය විසිනි.

 

hockey 6

ශ්‍රී ලංකා පාසල් Marrons හොකී කණ්ඩායම: 
සෙනුර සුලෝචන ලියනගේ (මාරිස් ස්ටෙලා විද්‍යාලය, මීගමුව), රවීන් මධුරංග (ක්‍රිස්තුදේව විද්‍යාලය, මාතලේ), රිචී නෙමසන් වික්ටෝරියා (ශාන්ත ජෝශප් විද්‍යාලය, කොළඹ) D.M.C.D.B. දිසානායක (විජය විද්‍යාලය, මාතලේ), මුවිඳු උත්පල දේවින්ද (ශාන්ත් තෝමස් විද්‍යාලය, මාතර), K. M. J. V. බණ්ඩාර (විද්‍යාර්ථ විද්‍යාලය, මහනුවර), තවීෂ ද සිල්වා (ධර්මදූත විද්‍යාලය, බදුල්ල), සෙනුල දෙව්මිත් - කණ්ඩායම් නායක (ඉසිපතන විද්‍යාලය, කොළඹ), V.රිවිෂ මාරඹගේ (රාජකීය විද්‍යාලය, කොළඹ), උදන්ත සඳරුවන් නානායක්කාර (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ), D.D.M.L. චන්ද්‍රප්‍රේම (විද්‍යාර්ථ විද්‍යාලය, මහනුවර), U.W.L.S.B අබේකෝන් (විජය විද්‍යාලය, මාතලේ), L. ශෙනොල් ප්‍රනාන්දුපුල්ලේ (මාරිස් ස්ටෙලා විද්‍යාලය), දිදුල රත්නායක (නාලන්දා විද්‍යාලය, කොළඹ), R.M.ආකීල් (ට්‍රිනිටි විද්‍යාලය, මහනුවර), K.M.B.W චූලරත්න (ශාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස) සහ C.N.B. දිසානායක (ට්‍රිනිටි විද්‍යාලය).

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...