The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මැරතන් පදක්කමක් දිනා ගත් Mr. Joshua

T

The Leader Desk

October 7, 2024 • 12:32 PM

මැරතන් පදක්කමක් දිනා ගත් Mr. Joshua

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Conception Bay South නගරය පසුගිය ඉරිදා සත්කාරකත්වය දැක්වූයේ ඔවුන්ගේ ප්‍රථම T’Railway Trek අර්ධ මැරතන් තරගයට.
  • එහි ධාවකයන් 250 දෙනා දේශීය ව්‍යාපාරයක් වන Taylor’s Pumpkin Patch පසු කරද්දී අලුත් තරගකරුවෙක් නිරායාසයෙන් තරගයට එක්වුනා.
  • Joshua ජනප්‍රිය තරුවක් බවට පත්වුනා.
  • ඇත්තටම අර්ධ මැරතන් තරගය දුවපු පුද්ගලයන් බොහෝ දෙනෙකුට තරගයේ අවසන් රේඛාවේදී Joshua එක්ක පිංතූර ගන්න අවශ්‍ය වුනා” යනුවෙන් නගරාධිපති Darrin Bent පැවසුවා.
අකුරු ප්‍රමාණය (Font Size):

Conception Bay South නගරය පසුගිය ඉරිදා සත්කාරකත්වය දැක්වූයේ ඔවුන්ගේ ප්‍රථම T’Railway Trek අර්ධ මැරතන් තරගයට. එහි ධාවකයන් 250 දෙනා දේශීය ව්‍යාපාරයක් වන Taylor’s Pumpkin Patch පසු කරද්දී අලුත් තරගකරුවෙක් නිරායාසයෙන් තරගයට එක්වුනා. එම තරගකරුවා නගරයේ නේවාසිකව සිටින Mr. Joshua නමැති එළුවෙක්.

අයිතිකරුවන් දුවගෙන ඇවිත් ඌ අල්ලා ගන්නා තෙක් Joshua තරගකරුවන් පසෙකින් කිලෝමීටර් හතරකට ආසන්න දුරක් ධාවනයේ යෙදුනා. උගේ අයිතිකරුවන් තරගයේ අවසන් කිලෝමීටර් භාගය ඌ සමග ඇවිද ගියේ අවසන් රේඛාව පසු කිරීම පිණිස.

 

“අපි ඉක්මනටම උගේ බෙල්ල වටේ පදක්කමක් පැළඳුවා. ඒත් එක්කම Mr. Joshua ජනප්‍රිය තරුවක් බවට පත්වුනා. ඇත්තටම අර්ධ මැරතන් තරගය දුවපු පුද්ගලයන් බොහෝ දෙනෙකුට තරගයේ අවසන් රේඛාවේදී Joshua එක්ක පිංතූර ගන්න අවශ්‍ය වුනා” යනුවෙන් නගරාධිපති Darrin Bent පැවසුවා.

තමාගේ එළුවාගේ දුර දිවීමේ අභිලාෂය පිළිබඳව දැන ගත්තේ සමාජ මාධ්‍ය හරහා බව CBC පුවත් සේවයට ප්‍රකාශයක් කරමින් එළුවාගේ හිමිකරු වන Jeremy Taylor කියා සිටියා.

 

Town of Conception Bay South retrieved from Facebook
“අවුරුදු ගාණක් තිස්සේ තිබුනු කරපටිය කඩාගෙන මැරතන් ධාවකයන් සමග එක් වන්න ඌ තීරණය කළා. මිනිස්සු ලොකු කණ්ඩායම්වලින් ඉන්නවා දැකීම එයාට පුරුදුයි. සෙනඟ දුවනවා දකින කොට එයාත් ඔවුන්ට එකතු වෙන්න තීරණය කළේ එයා මෙතෙක් දුවපු වැඩිම දුර මෙය බව දන්නේ නැතිවයි.”

Mr. Joshua වැඩි වේලාවක් යන්නට මත්තෙන් තරගයේ කැපී පෙනුනු චරිතයක් බවට පත්වූ අතර උගේ ඡායාරූප සමාජ මාධ්‍යයේ වාර සිය ගණනින් බෙදා ගැනුනා. Conception Bay South නුවර පැවති මේ අර්ධ මැරතන් තරගය අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ සැලසුම් කරගෙන පැමිණි බවත් Joshua ඊට වැදගත් දෙයක් එකතු කළ බවත් නගරාධිපති සඳහන් කළා.

“Joshua තරගයට එකතු වෙලා මේ ඉසව්වට වාසනාව ගෙන දේ යැයි සැලකෙන සුරතල් තරුවක් බවට පත්වීම අපි බලාපොරොත්තු නොවූ දෙයක්. එදා මෙදා තුර විශිෂ්ටතම ක්‍රීඩකයෙකුව හඳුන්වන Greatest of All Time යන වචනයේ මුල් අකුරු වන G.O.A.T. මේ තරගයේ ඇත්තටම එළුවෙක් වීම ගැන අපි ඉතාමත් සතුටු වනවා.”

ලබන වසරේ අර්ධ මැරතන් තරගය ට Joshua ධාවකයෙකු මෙන් නොව අවසන් රේඛාවේ රැඳී සිටින්නෙකු ලෙස එක්වනු ඇතැයි නගරාධිපතිවරයා ප්‍රාර්ථනා කරනවා.

 

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මැරතන් පදක්කමක් දිනා ගත් Mr. Joshua | The Leader