The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
ක්‍රීඩා

NSSF Trap Open වෙඩිතැබීමේ ශූරතාවලිය : මීගමුව හා කොළඹ ක්‍රීඩකයන්ගෙන් වැඩි දස්කම්

T

The Leader Desk

May 2, 2024 • 2:35 PM

NSSF Trap Open වෙඩිතැබීමේ ශූරතාවලිය : මීගමුව හා කොළඹ ක්‍රීඩකයන්ගෙන් වැඩි දස්කම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ජාතික වෙඩිතැබීමේ ක්‍රීඩා සම්මේලනය (NSSF) මෙහෙයවූ Trap විවෘත ශූරතාවලියේදී වැඩි දස්කම් පෑමට මීගමුව රයිෆල්
  • පයාගල CTSCC වෙඩිතැබීමේ පිටියේ පැවති මේ තරගාවලියේ සමස්ත ශූරයා බවට පත්වුනේ මීගමුව රයිෆල් වෙඩිතැබීමේ සමාජයේ කෞශාන් සමරනායක.
  • ඔහුගේ කණ්ඩායමේ ෂියාම් ඩයස් රිදී පදක්කම්ලාභියා වූ අතර CTSCC කණ්ඩායමේ ඩිලන්ජන් ජයසූරිය ට ලෝකඩ පදක්කම හිමිවුනා.
  • ඉලක්කයට වෙඩිතැබීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 50කට වැඩි පිරිසක් මේ තරගාවලියට සහභාගි වූයේ කොළඹ, මීගමුව, පුත්තලම, කඳුරට හා වයම පළාතෙන්.
අකුරු ප්‍රමාණය (Font Size):

වෙඩිතැබීමේ සමාජය (NRC) සහ කොළඹ Clay Target වෙඩිතැබීමේ සමාජයේ (CTSCC) ඉලක්කයට වෙඩිතැබීමේ ක්‍රීඩකයන් සමත් වුනා.

පයාගල CTSCC වෙඩිතැබීමේ පිටියේ පැවති මේ තරගාවලියේ සමස්ත ශූරයා බවට පත්වුනේ මීගමුව රයිෆල් වෙඩිතැබීමේ සමාජයේ කෞශාන් සමරනායක.

තරගාවලියේ ප්‍රධාන ඉසව්වේදී රන් පදක්කම දිනා ගැනීමට ඔහු සමත් වූ අතර ජොහාන් ප්‍රනාන්දු හා ජෙරමි ප්‍රනාන්දු යන CTSCC ක්‍රීඩකයන් පිළිවෙලින් රිදී හා ලෝකඩ පදක්කම් හිමිකර ගත්තා.

jkhdsfjhdf
කෙසේ වෙතත්, විවෘත අංශයේ රන් පදක්කම දිනා ගත්තේ ජොහාන්. ඔහුගේ කණ්ඩායම් සගයා වන ජෙරමි රිදී පදක්කම හිමිකර ගත් අතර මේ අංශයේ ලෝකඩ පදක්කමෙන් සෑහීමට පත්වීමට කෞශාන් ට සිදුවුනා.

මාස්ටර්ස් අංශයේදී නැවත වතාවක් ආධිපත්‍ය පිහිටුවූයේ මීගමුව රයිෆල් වෙඩිතැබීමේ සමාජය යි. එහිදී අම්බ්රිත් සමරනායක ශූරයා වුනා. ඔහුගේ කණ්ඩායමේ ෂියාම් ඩයස් රිදී පදක්කම්ලාභියා වූ අතර CTSCC කණ්ඩායමේ ඩිලන්ජන් ජයසූරිය ට ලෝකඩ පදක්කම හිමිවුනා.

කණිෂ්ඨ අංශයේදී, NRC කණ්ඩායමේ ඩිමිත්‍රි ලිවේරා කණිෂ්ඨ ක්‍රීඩක රන් පදක්කම දිනා ගැනීමට සමත් වුනා. ඔහුගේ කණ්ඩායම් සගයා දෙව්දුන් තිසේරා රිදී පදක්කම හිමිකර ගත්තා.

කණිෂ්ඨ ක්‍රීඩිකා රන් පදක්කම දිනා ගත්තේ CTSCC හි ඇනිට්රා ධර්මරත්න.

NRC Alpha කණ්ඩායම් මේ ශූරතාවලියේ කණ්ඩායම් රන් පදක්කම දිනා ගත් අතර එම කණ්ඩායම කෞශාන් සමරනායක, අම්බ්රිත් සමරනායක හා ෂියාම් ඩයස්ගෙන් සමන්විත වුනා.

ඉලක්කයට වෙඩිතැබීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 50කට වැඩි පිරිසක් මේ තරගාවලියට සහභාගි වූයේ කොළඹ, මීගමුව, පුත්තලම, කඳුරට හා වයම පළාතෙන්. ඉදිරි ජාත්‍යන්තර තරග සඳහා වන ජාතික සංචිතය යාවත්කාලීන කිරීමේ පෙරහුරු තරගාවලියක් ලෙස ද මේ ශූරතාවලිය සැලකුනා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...