The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ODI තරග 3ක් සහ T20 තුන්කොන් තරගාවලියකට සහභාගි වීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද පාකිස්තානයට

T

The Leader Desk

November 8, 2025 • 10:02 AM

ODI තරග 3ක් සහ T20 තුන්කොන් තරගාවලියකට සහභාගි වීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද පාකිස්තානයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ තරග සංචාරයක් සඳහා අද (8) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියා.
  • එක්දින තරග නොවැම්බර් 11, 13 සහ 15 යන දිනවල රාවල්පින්ඩි නුවර පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර තුන්කොන් තරගාවලිය නොවැම්බර් 17 වැනිදා සිට රාවල්පින්ඩි හා ලාහෝර් නගරවල ක්‍රීඩා කරමින් අවසාන තරගය නොවැම්බර් 29 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
  •   ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ උපනායකත්වය පැවරී තිබෙන්නේ දසුන් ශානක ට.
  • ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට කැඳවා තිබෙන අතර ඔහු අවසන් වරට ජාත්‍යන්තර විස්සයි20 තරගයකට ක්‍රීඩා කළේ මේ වසර ආරම්භයේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය සමග ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගමාලාවකට සහ ඉන්පසුව සිම්බාබ්වේ ද සහභාගි වන ජාත්‍යන්තර විස්සයි20 තුන්කොන් තරගාවලියකට සහභාගි වීමට නියමිතයි.

එක්දින තරග නොවැම්බර් 11, 13 සහ 15 යන දිනවල රාවල්පින්ඩි නුවර පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර තුන්කොන් තරගාවලිය නොවැම්බර් 17 වැනිදා සිට රාවල්පින්ඩි හා ලාහෝර් නගරවල ක්‍රීඩා කරමින් අවසාන තරගය නොවැම්බර් 29 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

 

SLC 11
ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ උපනායකත්වය පැවරී තිබෙන්නේ දසුන් ශානක ට.

ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට කැඳවා තිබෙන අතර ඔහු අවසන් වරට ජාත්‍යන්තර විස්සයි20 තරගයකට ක්‍රීඩා කළේ මේ වසර ආරම්භයේ. ඔහු නැවත කැඳවීමට එක් හේතුවක් වී තිබෙන්නේ මෑතකදී පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් T20 තරගාවලියේ ඔහු ප්‍රදර්ශනය කළ වේගවත් පිතිහරඹය. ඔහුගේ පැමිණීම මගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පිතිකරු පෙල ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

SLC 2
කෙසේ වෙතත්, එම තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ නුවනිදු ප්‍රනාන්දු සංචිතයට ඇතුළත් කර නැහැ. ඔහු එම තරග බිමේදී ලකුණු රැස්කළේ 124ක ප්‍රහාරාත්මක වේගයකින්. මේ මස අග ඩෝහා නුවර පැවැත්වෙන විස්සයි20 නැගී එන තරු ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට නුවනිදු නම් කර තිබෙනවා. එම තරගාවලියේදී ශ්‍රී ලංකාව ට නායකත්වය දෙන්නේ පාකිස්තාන සංචාරයේ සංචිත දෙකේ ම ස්ථානයක් අහිමි වූ වමතින් දඟ පන්දු යවන දුනිත් වෙල්ලාගේ.

මේ අතර, වේග පන්දු යවන එෂාන් මාලිංග තුන්කොන් තරගාවලියේදී මංගල ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් වරම් ලැබීමට නියමිතව සිටිනවා. ඔහු එක්දින සංචිතයට ද ඇතුළත්. මාලිංග නම් කර තිබෙන්නේ දණහිසේ ආබාධයකට ලක්ව සිටින ඩිල්ෂාන් මදුශන්ක වෙනුවට. ඩිල්ෂාන් සංචිතයට නම් කර තිබුන ද, ඔහු තවමත් සුවය ලබමින් සිටින බැවින් සංචාරයට එක්වන්නේ නැහැ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් තවමත් ක්‍රීඩා කර නැති මැද පෙල පිතිකරු 23 හැවිරිදි පවන් රත්නායක එක්දින සංචිතයට නම් කර තිබෙනවා. ඒ, ඔහු දීර්ඝ කාලයක් තිස්සේ දේශීය තරග බිමේ දැක්වූ දස්කම් සැලකිල්ලට ගනිමින්. ජූලි මස අවසානයේදී ඔහු ‘ඒ’ ලැයිස්තුවේ තරගයකදී ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා.

 

SLC 3

මතීෂ පතිරණ විස්සයි20 සංචිතයට නම් කර ඇතත් ඔහු ද පාකිස්තාන සංචාරයට සහභාගි නොවන්නේ ආබාධයකින් සුවය ලබමින් සිටින බැවින්. ඔහු වෙනුවට අසිත ප්‍රනාන්දු සංචිතයට ඇතුළත්ව සිටිනවා.

පාකිස්තාන සංචාරයේ 16 දෙනාගේ ශ්‍රී ලංකා සංචිත:

 

SLC3
ජාත්‍යන්තර එක්දින - චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, ලහිරු උදාර, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, පවන් රත්නායක, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුශාන්, එෂාන් මාලිංග.

ජාත්‍යන්තර විස්සයි20 - චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, කමිල් මිෂාර, දසුන් ශානක (උපනායක), කමිඳු මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුශාන් හේමන්ත, දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු, එෂාන් මාලිංග.

 

SLC 4
අනුග්‍රහය - ශ්‍රී ලංකා ක්‍රිකට්
(Visuals Credit: SLC)

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...