The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ODI හා T20 තරගවලට කාලය මැනීමේ ඔරලෝසු අනිවාර්යයි

T

The Leader Desk

March 18, 2024 • 6:47 AM

ODI හා T20 තරගවලට කාලය මැනීමේ ඔරලෝසු අනිවාර්යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර එක්දින (සීමිත ඕවර 50) ක්‍රිකට් හා විස්සයි20 – T20 - ක්‍රිකට් තරගවල පන්දු ඕවර අතර ගතවන කාලය නියාමනය කිරීම පිණිස
  • මේ ක්‍රියාව ස්ථිර ලෙසින් සිදුවන්නක් ලෙසට කවුන්සලය තීරණය කර තිබෙන්නේ මේ සම්බන්ධයෙන් සිදුකළ අත්හදා බැලීම් සාර්ථක වීමෙන් පසුව.
  • දෙසැම්බරයේ සිට ජාත්‍යන්තර සීමිත ඕවර පිරිමි ක්‍රිකට් තරගවලදී අත්හදා බැලුනු මේ ක්‍රමයෙන් පෙනී ගොස් තිබෙන්නේ එක් ජාත්‍යන්තර තරගයක මිනිත්තු 20කට ආසන්න කාලයක් බැගින් ඉතිරි කරගෙන ඇති බව.
  •   මේ අනුව, පන්දු රකින කණ්ඩායම් නව ඕවරයක් යැවීම පසුගිය ඕවරය සම්පූර්ණ වී මිනිත්තුවක් ඇතුළත සිදු කළ යුතු වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

කාලය මැනීමේ ඔරලෝසු (Stop Clocks) භාවිතා කිරීම ජූනි මාසයේ සිට අනිවාර්ය කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

මේ ක්‍රියාව ස්ථිර ලෙසින් සිදුවන්නක් ලෙසට කවුන්සලය තීරණය කර තිබෙන්නේ මේ සම්බන්ධයෙන් සිදුකළ අත්හදා බැලීම් සාර්ථක වීමෙන් පසුව.

දෙසැම්බරයේ සිට ජාත්‍යන්තර සීමිත ඕවර පිරිමි ක්‍රිකට් තරගවලදී අත්හදා බැලුනු මේ ක්‍රමයෙන් පෙනී ගොස් තිබෙන්නේ එක් ජාත්‍යන්තර තරගයක මිනිත්තු 20කට ආසන්න කාලයක් බැගින් ඉතිරි කරගෙන ඇති බව.

 

 132932578 gettyimages 1850896932

 

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හා අමෙරිකාවේදී ජූනි මාසයේ පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලියෙන් ආරම්භ වන මේ නව ක්‍රමවේදය ජගත් ක්‍රිකට් කවුන්සලයේ සියළුම පූර්ණ සාමාජික ජාත්‍යන්තර එක්දින (ODI) හා විස්සයි20 තරගවල අනිවාර්ය අංගයක් වන බව ජගත් ක්‍රිකට් කවුන්සලය ඔවුන්ගේ වාර්ෂික මහා සභා රැස්වීමෙන් පසුව ප්‍රකාශ කළා.

 

මේ අනුව, පන්දු රකින කණ්ඩායම් නව ඕවරයක් යැවීම පසුගිය ඕවරය සම්පූර්ණ වී මිනිත්තුවක් ඇතුළත සිදු කළ යුතු වනවා. මේ වෙනුවෙන් ක්‍රීඩාංගණයේ ප්‍රදර්ශනය වන විද්‍යුත් ඔරලෝසුවක් සෑම අවස්ථාවකදීම අවරෝහණ ගණනයක යෙදීම ආරම්භ කරනවා.

 

ICC

පෙර ඕවරය සම්පූර්ණ වීමෙන් පසුව ඊළඟ ඕවරයේ පළමු පන්දුව තත්පර 60ක් ඇතුළත යැවීමට යම් කණ්ඩායමක් සූදානම්ව නොසිටින්නේ නම්, එම කණ්ඩායමට දෙවතාවක් අනතුරු අඟවනු ඇති අතර ඉන්පසුවත් සිදුකරන එම වැරදි වෙනුවෙන් එක් අවස්ථාවකට ලකුණු 5 බැගින් දඩ ගැසීමක් සිදුවනවා. 


සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ODI හා T20 තරගවලට කාලය මැනීමේ ඔරලෝසු අනිවාර්යයි | The Leader