රේමන්ඩ් ඉලිංවර්ත්ගේ නායකත්වය යටතේ ඔස්ට්‍රේලියාවේදී 1970-71 ‘අළු බඳුන’ ජය ගත් එංගලන්ත කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටි ලීව එහිදී මංගල ටෙස්ට් වරම් ලැබුවේ වයස 30 දී.
ලැංකෂ ප්‍රාන්ත ක්‍රීඩකයෙකු වන ලීව ඊට පෙර 1970 මුල් කාලයේදී එංගලන්තය වෙනුවෙන් ලෝක කණ්ඩායමකට එරෙහිව ක්‍රීඩා කළා. මේ Rest of World 11 කණ්ඩායමට එරෙහි තරග පසුව ටෙස්ට් තත්ත්වයෙන් ඉවත් කළා.
යෝක්ෂ ප්‍රාන්තයේ උපන් මේ පන්දු යවන්නා ටෙස්ට් තරග17කින් කඩුලු 41ක් සහ ජාත්‍යන්තර එක්දින තරග 10කින් කඩුලු 11ක් ලබා ගත්තා.
Peter Lever
1960 සිට 1976 දක්වා ලැංකෂ කණ්ඩායමට ක්‍රීඩා කළ ලීව පළමු පෙල තරග 301කට ක්‍රීඩා කරමින් කඩුලු 796ක් ලබා ගැනීමෙන් පසුව ඔවුන්ගේ කීර්තිමත් ක්‍රීඩක සමූහයට (Hall of Fame) ඇතුළත් කරගනු ලැබුවා.
පීට ලීව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම බිය ගන්වන සිද්ධියකට පැටලුනා.

ආරක්ෂක හිස්වැස්ම වන හෙල්මටය ක්‍රිකට් තරග බිමට පැමිණීමට පෙර යුගයේදී ලීවගේ ‘බවුන්ස’ පන්දුවක් නවසිලන්ත පිතිකරු ඉවන් චැට්ෆීල්ඩ් (Ewen Chatfield)ගේ හිසේ වැදුනා. ඒ, 1975 වසරේ ඔ්ක්ලන්ඩ් හි පැවති ටෙස්ට් තරගයකදී.
පන්දුව හිසේ වැදීමෙන් පසුව චැට්ෆීල්ඩ්ගේ හදවතේ ක්‍රියාකාරිත්වය මොහොතකට නැවතුනු අතර ඔහුගේ ජීවිතය බේරා ගත්තේ ඒ අවස්ථාවේ නුවණක්කාරව කටයුතු කළ එංගලන්ත භෙෘත චිකිත්සක බර්නාඩ් තොමස් (Bernard Thomas).
වහාම පිටියට දිව ගිය තොමස්, හදවත් සම්බාහනයක් හා යළි ප්‍රකෘති සිහියට පත් කරන ක්‍රියාවලියකින් චැට්ෆීල්ඩ්ගේ දිව මුදා හැරීමට සමත් වුණා.
සිංහ හදවතක් තිබූ පන්දු යවන්නෙකු වූවත් හොඳ මහත්මයෙකු ද වූ ලීව මේ සිද්ධියෙන් තදින් කැලැඹුණු අතර ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වීමට පවා කල්පනා කළා.

“මම ඇත්තටම හිතුවේ මම ඔහුව මරා දැමුවා කියලා. මොකද, එයා දැඩිලෙස ගැහෙමින් බිම වැතිරී සිටින හැටි මම දැක්ක නිසා” යනුවෙන් ලීව පසුව කියා තිබුණා.
“මට වමනයට එන බවක් හා ලජ්ජාවක් දැණුනා. මට ක්‍රීඩාවෙන් විශ්‍රාම යන්න අවශ්‍යයි කියලා තමයි මම ඒ වෙලාවේ හිතපු එකම දෙය.”
“අවුරුදු කිහිපයකට පසුව, ඩර්බිෂ සහ ලැංකෂ අතර පැවති ජනප්‍රිය තරගයකදී, හිම වැටී තණතීරුව ක්‍රීඩාවට භයානක එකක් බවට පත්වුනා. එහිදී අනතුරක් වීමට ඉඩ ඇතැයි සිතමින් ලීව පන්දු යැවීම ප්‍රතික්ෂේප කළා.”

ලීව ඔහුගේ බිරිඳ සමග ඩෙවොන් ප්‍රදේශයේ ජීවත් වීමට පැමිණ එහි ප්‍රදේශීය ප්‍රජාව සමග එක්වුනා.
ඔහු Lewdown ක්‍රිකට් සමාජයේ පුහුණුකරු වශයෙන් කටයුතු කරමින් ගම්මානය වටා කැලෑ මල් පැල කළා.
ඇග්නිව් මෙසේ පවසනවා: “ඔහුගෙන් මගේ ක්‍රිකට් ජීවිතයට දැවැන්ත බලපෑමක් තිබුනා. තමන්ගේ වීරයන්ව කවදාවත් මුණ නොගැසිය යුතු යැයි කියමනක් තියෙනවා.”
“නමුත් මගේ වීරයාව දැනගන්න ලැබීමට තරම් මම ගොඩක් වාසනාවන්ත වුනා!”




