The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මංගල ‘ලංකා T10 සුපර් ලීගය’: දෙස් විදෙස් ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම ඇරඹේ

T

The Leader Desk

October 16, 2024 • 3:46 PM

මංගල ‘ලංකා T10 සුපර් ලීගය’: දෙස් විදෙස් ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම ඇරඹේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ 2024 මංගල තරගාවලිය සඳහා ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීමේ දොරටුව දැන් විවර වී තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.
  • දෙසැම්බර් 12 සිට 22 දක්වා පැවැත්වෙන මේ තරගාවලියට ලොව සිටින දක්ෂතම ජාත්‍යන්තර ක්‍රිකට් තරු හා ඉහළම පෙලේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගි වීමට නියමිතයි.
  • සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයන් 17 දෙනෙකු බැගින් වන උපරිමයකින් යුත් සංචිත පවත්වා ගෙන යාමට හැකි වන අතර ජාත්‍යන්තර ක්‍රීඩකයන් හත් දෙනෙකු බැගින් මේ සංචිතවලට ඇතුළත්.
  • විදේශීය හා හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් www.srilankacricket.lk වෙබ් අඩිවිය ඔස්සේ ක්‍රීඩක ලියාපදිංචි වීමේ දොරටුව වෙත පිවිස ඔවුන්ගේ ලියාපදිංචිවීම් 2024 ඔක්තෝබර් 23 වැනි දින පස්වරු 6.00 (ශ්‍රී ලංකා වේලාවෙන්) ට හෝ ඊට පෙර සම්පූර්ණ කරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආරාධනය කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ 2024 මංගල තරගාවලිය සඳහා ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීමේ දොරටුව දැන් විවර වී තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

serw45

දෙසැම්බර් 12 සිට 22 දක්වා පැවැත්වෙන මේ තරගාවලියට ලොව සිටින දක්ෂතම ජාත්‍යන්තර ක්‍රිකට් තරු හා ඉහළම පෙලේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගි වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රාදේශීය ක්‍රිකට් මධ්‍යස්ථාන නියෝජනය කරන පිරිමි කණ්ඩායම් හයකගෙන් මේ ලීගය සමන්විතයි. සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයන් 17 දෙනෙකු බැගින් වන උපරිමයකින් යුත් සංචිත පවත්වා ගෙන යාමට හැකි වන අතර ජාත්‍යන්තර ක්‍රීඩකයන් හත් දෙනෙකු බැගින් මේ සංචිතවලට ඇතුළත්.

මේ තරගාවලිය සඳහා වන අයිතීන් කළමනාකරණය කර මෙහෙයවන්නේ T Ten Sports Management FZC, T TEN Global Sports FZE සහ නව ක්‍රම නිෂ්පාදන සමූහය වන FZE ආයතනවලින් සමන්විත සන්ධානය.

විදේශීය හා හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් www.srilankacricket.lk වෙබ් අඩිවිය ඔස්සේ ක්‍රීඩක ලියාපදිංචි වීමේ දොරටුව වෙත පිවිස ඔවුන්ගේ ලියාපදිංචිවීම් 2024 ඔක්තෝබර් 23 වැනි දින පස්වරු 6.00 (ශ්‍රී ලංකා වේලාවෙන්) ට හෝ ඊට පෙර සම්පූර්ණ කරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආරාධනය කරනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...