The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
ක්‍රීඩා

වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ මංගල T10 තරගාවලිය අප්‍රේල් 27 සිට

T

The Leader Desk

April 25, 2024 • 10:43 AM

වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ මංගල T10 තරගාවලිය අප්‍රේල් 27 සිට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙළඳ සේවා ක්‍රිකට් සංගමය ප්‍රථම වතාවට මෙහෙයවන T10 ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් 27 වැනිදා ආරම්භ වනවා.
  • කණ්ඩායම් 16ක් කොටස් හතරකට බෙදී ලීග් තරග 24ක් ක්‍රීඩා කිරීමෙන් පසුව ඒ ඒ කොටස්වල ඉහළටම පිවිසෙන කණ්ඩායම් දෙක තරග 7කින් සමන්විත පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලබනවා.
  • ලීග් තරග අප්‍රේල් 27 හා 28 දිනවල වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණය සහ පන්නිපිටිය ධර්මපාල විදුහල හා කඳාන ඩි මැසිනඩ් විදුහල් ක්‍රීඩාංගණවල පැවැත්වෙන අතර මැයි 4 වැනිදා අර්ධ අවසන් පූර්ව තරග පැවැත්වෙන්නේ ඩි මැසිනඩ් විදුහල් පිටියේදී.
  • අවසන් පූර්ව තරග හා අවසාන මහා තරගය මැයි 5 වැනිදා වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි නියමිත.
අකුරු ප්‍රමාණය (Font Size):


තරග 31කින් සමන්විත තරගාවලිය අදියර දෙකකින් පැවැත්වෙන්නේ ක්‍රීඩාංගණ තුනක. කණ්ඩායම් 16ක් කොටස් හතරකට බෙදී ලීග් තරග 24ක් ක්‍රීඩා කිරීමෙන් පසුව ඒ ඒ කොටස්වල ඉහළටම පිවිසෙන කණ්ඩායම් දෙක තරග 7කින් සමන්විත පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලබනවා.

ලීග් තරග අප්‍රේල් 27 හා 28 දිනවල වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණය සහ පන්නිපිටිය ධර්මපාල විදුහල හා කඳාන ඩි මැසිනඩ් විදුහල් ක්‍රීඩාංගණවල පැවැත්වෙන අතර මැයි 4 වැනිදා අර්ධ අවසන් පූර්ව තරග පැවැත්වෙන්නේ ඩි මැසිනඩ් විදුහල් පිටියේදී. අවසන් පූර්ව තරග හා අවසාන මහා තරගය මැයි 5 වැනිදා වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි නියමිත.

 

Assetline Insurance brokers (Private) Limited ආයතනය මේ වෙළඳ සේවා ක්‍රිකට් මංගල T10 තරගාවලියට අනුග්‍රහය දැක්වීම සඳහා ඉදිරිපත්ව සිටිනවා. තරගාවලියට සහභාගි වන කණ්ඩායම්: Recovery Room, Powerhand Plantations, Peoples Leasing Co., Ansell Textiles, George Steuarts Health, Emar Pharma, Certis Lanka, Softlogic Life, Citizens Development Business Finance (CDB), David Pieris Group of Companies, Dialog Axiata PLC, Hilton Colombo Residencies, Seylan Bank, Astron Lanka, LOLC, Maliban Biscuits.


තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය පිරිනැමීම හා මාධ්‍ය සාකච්ඡාව ඊයේ වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේදී පැවති අතර ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ අධ්‍යක්ෂ සහ ඇසට්ලයින් රක්ෂණ බ්‍රෝකර්වරුන්ගේ සමාගමේ සභාපතිනි රොමානි පරාක්‍රම මෙනවිය සහ එම රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ හා ඩේවිඩ් පීරිස් ලෙෂර් සමාගමේ සභාපති ධනික ද සිල්වා, කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී නිහාල් හඳුන්ගේ, ඩේවිඩ් පීරිස් ලෙෂර් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ග්‍රිබ්සන් හපුකොටුව, වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති මහේෂ් ද අල්විස් සහ ලේකම් රොහාන් සෝමවංස යන මහත්වරු ඊට සහභාගි වුනා.


සටහන :

warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...