The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

T20 ලෝක කුසලාන අවසාන තරගය දිනන්න ඉන්දියාව යෙදූ උප්පරවැට්ටිය අනාවරණය වෙයි

T

The Leader Desk

October 12, 2024 • 4:27 PM

T20 ලෝක කුසලාන අවසාන තරගය දිනන්න  ඉන්දියාව යෙදූ උප්පරවැට්ටිය අනාවරණය වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උප්පරවැට්ටියක් පිළිබඳව ඉන්දියා ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා ප්‍රථම වරට අනාවරණය කර තිබෙනවා.
  • ජයග්‍රහණය හා T20 ලෝක කුසලානය සඳහා දකුණු අප්‍රිකාව ට පන්දු 30කින් ලකුණු 30ක් අවශ්‍ය වෙමින් තරගය ගමන් කරමින් තිබුනේ තියුණු අවසානයක් කරා.
  • තරගය මන්දගාමී කිරීමට මේ සිද්ධිය උපකාරී වූ බව ෂර්මා පවසන අතර ඉන්දියාව අවසානයේ විශිෂ්ට ජයග්‍රහණයකින් කුසලානය දිනා ගත්තා.
  • ප්‍රතිකාර කිරීම සඳහා හැකි තරම් වැඩියෙන් කාලය ගන්නා ලෙසට තමා භෞත චිකිත්සකවරයාට කී බව පාන්ට් පවසනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

 උප්පරවැට්ටියක් පිළිබඳව ඉන්දියා ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා ප්‍රථම වරට අනාවරණය කර තිබෙනවා.

ජයග්‍රාහී ඉලක්කය හඹා යමින් සිටි දකුණු අප්‍රිකානු පිතිකරුවන්ගේ ලකුණු රැස් කිරීමේ රිද්මය බිඳ දැමීම පිණිස බොරු ආබාධයක් මවා පාමින් කඩුලු රකින පිතිකරු රිශාබ් පාන්ට් රඟ දැක්වූ ඉතා බුද්ධිමත් උපක්‍රමය පිළිබඳව ෂර්මා දැන් හෙළි කරනවා.

ජයග්‍රහණය හා T20 ලෝක කුසලානය සඳහා දකුණු අප්‍රිකාව ට පන්දු 30කින් ලකුණු 30ක් අවශ්‍ය වෙමින් තරගය ගමන් කරමින්  තිබුනේ තියුණු අවසානයක් කරා.

දකුණු අප්‍රිකානුවන්ගේ ලකුණු ලබා ගැනීමේ රිද්මය කඩාකප්පල් කර තරගයේ වාසිය ඉන්දියාව දෙසට හැරවීම පිණිස විශේෂ යමක් කළ යුතුව තිබුනා. පාන්ට් ට හදිසියේම දණහිසේ ආබාධයක් හට ගෙන ඊට ප්‍රතිකාර කිරීමට භෞත චිකිත්සකවරයා පිටියට කැඳවනු ලැබුවේ මේ අවස්ථාවේදී.

තරගය මන්දගාමී කිරීමට මේ සිද්ධිය උපකාරී වූ බව ෂර්මා පවසන අතර ඉන්දියාව අවසානයේ විශිෂ්ට ජයග්‍රහණයකින් කුසලානය දිනා ගත්තා. ප්‍රතිකාර කිරීම සඳහා හැකි තරම් වැඩියෙන් කාලය ගන්නා ලෙසට තමා භෞත චිකිත්සකවරයාට කී බව පාන්ට් පවසනවා.

“මම මොනවා කරන්නද කියලා කල්පනා කරමිනුයි හිටියේ. මොකද, එක පාරටම තරගයේ රටාව වෙනස් වී තිබුනා. ඕවර 2-3 තුළ ලකුණු ගොඩක් රැස් කෙරුනා. ඒ නිසා මම හිතුවා, ලෝක කුසලාන අවසාන තරගයක ක්‍රීඩා කරද්දී මේ වගේ මොහොතක් අයෙ එන්නේ කවදාද කියලා. මම භෞත චිකිත්සකවරයාට කීවා ඇති තරම් වෙලාව ගන්න, හැකි තරම් කාලය නාස්ති කරන්න කියලා.”

“මම හොඳින්ද කියල එයා මගෙන් ඇහුවා. එවිට මම කිවුවා මම මේ කරන්නේ රඟපෑමක් කියලා. සමහර අවස්ථාවල තරගයක ඒ වගේ තත්ත්වයකදී වැඩේ හරියනවා. හැම වෙලේම ඒක සාර්ථකයි කියලා මම කියන්නේ නැහැ. නමුත් ඒ වගේ මොහොතක ඒ උපක්‍රමය වැඩ කළොත්, අයෙ වෙනත් දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ” යනුවෙන් සමාජ මාධ්‍යයේ ජනප්‍රියව තිබෙන වීඩියෝවෙන් රිශාබ් පාන්ට් කියා සිටිනවා.

ඊට පෙර, රෝහිත් ෂර්මා The Kapil Sharma Show වැඩසටහනකදී ඒ සිද්ධිය සම්පූර්ණයෙන් මෙනෙහි කළා .

xsdrt45
“දකුණු අප්‍රිකාව ට පන්දු 30කින් ලකුණු 30ක් අවශ්‍යව තිබෙන්නට මොහොතකට පෙර පොඩි විරාමයක් තිබුනා. ඒ වෙලාවේ පාන්ට් තරගය නතර කරවීමට ඔහුගේ බුද්ධිය පාවිච්චි කළා. ඔහුට දණහිසේ ආබාධයක් තිබුනු අතර ඔහු තමාගේ දණහිසට බැන්ඩේජ් එකක් දමා ගන්න කටයුතු කළා. මේ නිසා තරගයේ රිද්මය අඩු වුනා. මොකද, ඒ වෙලාවේ තරගය ක්‍රීඩා කරමින් තිබුනේ ඉතාමත් වේගයෙන්. පිතිකරුවන්ට උවමනා කර තිබුනේ පන්දුව ඉක්මනින් තමා වෙතට ගෙන එමින් ඊට පහර දීමටයි.”

“නමුත් අපට මේ රිද්මය බිඳින්න අවශ්‍ය වුනා. මම පන්දු රකින්නන් පිටියේ ස්ථානගත කරමින් පන්දු යවන්නන්ට කතා කරමින් සිටින විට, හදිසියේම මම දැක්කා පාන්ට් බිමට වැටෙනවා. භෞතචිකිත්සකවරයා පැමිණ පාන්ට්ගේ දණිහිස ටේප් එකකින් ඔතමින් සිටියා. පිතිකරුවා තරගය නැවත ආරම්භ වන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටියා. අපි තරගය දිනපු එකම හේතුව මේ උප්පරවැට්ටිය බව මම කියන්නේ නැහැ. නමුත් ඒකත් එක දෙයක් වෙන්න පුළුවනි...පාන්ට් ඔහුගේ නුවණ පාවිච්චි කරපු නිසා අපේ වාසියට වැඩ සිද්ධ වුනා” යනුවෙන් ඉන්දියා නායකයා සඳහන් කළා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

T20 ලෝක කුසලාන අවසාන තරගය දිනන්න ඉන්දියාව යෙදූ උප්පරවැට්ටිය අනාවරණය වෙයි | The Leader