The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

T20 තරගාවලිය: වෙල්ලාලගේ ප්‍රමුඛ දඟ පන්දු බල ඇණිය කොදෙව්වන් අසරණ කරයි

T

The Leader Desk

October 16, 2024 • 4:53 AM

T20 තරගාවලිය: වෙල්ලාලගේ ප්‍රමුඛ දඟ පන්දු බල ඇණිය කොදෙව්වන් අසරණ කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව තරග 3 කින් යුත් T20 තරග මාලාව දෙපිලම තරග 1-1ක් ලෙස ජයග්‍රහණය කර සම තත්ත්වයේ පසුවේ.
  • සිය මංගල T20 තරගය සඳහා ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාලගේ බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන්ට එරෙහිව දක්ෂ පන්දු යැවීමක නිරත විය.
  • ඒ, පළමු විස්සයි 20 තරගය සඳහා ක්‍රීඩා කළ චමිදු වික්‍රමසිංහ සහ අසිත ප්‍රනාන්දු වෙනුවට දුනිත් වෙල්ලාලගේ සහ නුවන් තුෂාර ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබිණි.
  • ශ්‍රී ලංකා ඉනිමේ සිව්වෙනි පන්දු වාරයේදී පැතුම් නිස්සංක විසින් ෂමාර් ජෝසෆ් යැවු පන්දු වාරයේදී හතරේ පහරවල් 05ක් එල්ල කිරීමට සමත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව තරග 3 කින් යුත් T20 තරග මාලාව දෙපිලම තරග 1-1ක් ලෙස ජයග්‍රහණය කර සම තත්ත්වයේ පසුවේ.

සිය මංගල T20 තරගය සඳහා ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාලගේ බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන්ට එරෙහිව දක්ෂ පන්දු යැවීමක නිරත විය.
කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක චරිත් අසලංක විසින් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරන ලදී.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක්

ඊයේ තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබුණි.

ඒ, පළමු විස්සයි 20 තරගය සඳහා ක්‍රීඩා කළ චමිදු වික්‍රමසිංහ සහ අසිත ප්‍රනාන්දු වෙනුවට දුනිත් වෙල්ලාලගේ සහ නුවන් තුෂාර ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබිණි.


dunith සිය මංගල T20 තරගය සඳහා ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාලගේ බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන්ට එරෙහිව දක්ෂ පන්දු යැවීමක නිරත විය

ආරම්භක පිතිකරුවන්ගේ ශක්තිමත් ආරම්භය

පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ශක්තිමත් ආරම්භයක් ලබා දීමට ඊයේ තරගයේදී සමත් විය.

ඉතා ඉවසීමෙන් පිතිකරණයේ නියැලුණු ආරම්භක පිතිකරුවන් දෙදෙනා ක්‍රමයෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ නැංවීමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිමේ සිව්වෙනි පන්දු වාරයේදී පැතුම් නිස්සංක විසින් ෂමාර් ජෝසෆ් යැවු පන්දු වාරයේදී හතරේ පහරවල් 05ක් එල්ල කිරීමට සමත් විය.

ඒ අනුව පැතුම් සහ කුසල් ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල සඳහා පන්දු වාර 10 කදී ලකුණු 77ක් එක් කළහ.

ලකුණු 26ක් ලබා ගෙන සිටියදී කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ල දවා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ෂමාර් ස්ප්‍රින්ගර් සමත් විය.

මෙන්ඩිස් ගේ දැවී යෑමෙන් පසු පිටියට පැමිණි කුසල් ජනිත් පෙරේරා පන්දු 16 කදී වේගවත් ලකුණු 24ක් රැස් කළේය.

කුසල් ජනිත් පෙරේරා දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වුයේ පන්දු වාර 13.4 කදී ලකුණු 111ක් ලෙසය.

ඊයේ තරගයේදී පැතුම් නිස්සංක සිය විස්සයි 20 තරග දිවියේ 12 වන අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය.


ලකුණු 54ක් රැස් කරගෙන සිටියදි පැතුම් නිස්සංකගේ කඩුල්ල දවා ගැනීමට අල්සාරී ජෝසප් සමත් විය.


pathum පැතුම් නිස්සංක සිය විස්සයි 20 තරග දිවියේ 12 වන අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය

කමිදු මෙන්ඩිස් ඊයේ තරගයේදී ලකුණු 19ක් රැස් කිරීමට සමත් වූ අතර තණ තීරුවේ මන්දගාමි තත්ත්වය ප්‍රයෝජනයට ගත් බටහිර කොදෙව් පන්දු යවන්නෝ ශ්‍රී ලංකා ඉනිම පන්දු වාර 20 කදී කඩුලු 05 කට ලකුණු 162ක් ලෙස සීමා කිරීමට සමත් වූහ.

charithචරිත් අසලංක ලකුණු 06 කට කඩුලු 02ක් සහ මහීෂ් තීක්ෂණ ලකුණු 07 කට කඩුලු 02ක් දවා ගැනීමට සමත් වූහ

කොදෙව් පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් ගෙන දුන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්

සිය මංගල විස්සයි 20 තරගය සඳහා ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාලගේ සිය පන්දු වාර 04 තුලදී ලකුණු 09කට කඩුලු 03ක් දවා ගැනීමට සමත් විය.

චරිත් අසලංක ලකුණු 06 කට කඩුලු 02ක් සහ මහීෂ් තීක්ෂණ ලකුණු 07 කට කඩුලු 02ක් දවා ගැනීමට සමත් වූහ.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් ඉනිම පන්දු වාර 16.1 කදී ලකුණු 89කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්න සමත් වුහ.

තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ ඊයේ දිනයේ සිය 12 වැනි අර්ධ ශතකය රැස් කළ පැතුම් නිස්සංකය.


දෙරට අතර තීරණාත්මක අවසන් T20 තරගය ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිතය.

(BBC සිංහල සේවය)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

T20 තරගාවලිය: වෙල්ලාලගේ ප්‍රමුඛ දඟ පන්දු බල ඇණිය කොදෙව්වන් අසරණ කරයි | The Leader