The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

යුරෝපීය T20 ප්‍රිමිය ලීගය: 2025 වසරේ සිට අලුත් තරගාවලියක්

T

The Leader Desk

January 11, 2025 • 12:23 PM

 යුරෝපීය T20 ප්‍රිමිය ලීගය: 2025 වසරේ සිට අලුත් තරගාවලියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කවුන්සලය (ICC) අනුමැතිය දී තිබෙනවා.
  • ප්‍රථම වතාවට මේ වසරේ ජූලි 15 සිට අගෝස්තු 3 දක්වා පැවැත්වීමට නියමිත මේ ETPL තරගාවලිය පෞද්ගලික හිමිකාරිත්වයක් තිබෙන ලීගයක් වන අතර මේ තරගාවලියේ විශේෂත්වය වනුයේ එය අයර්ලන්තය, ස්කොට්ලන්තය හා නෙදර්ලන්තය යන රටවල් තුනේ ජාතික ක්‍රිකට් පාලක මණ්ඩල හවුලක් වීම.
  • මේ නව තරගාවලියේ වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කරමින් ජනප්‍රිය බොලිවුඩ් නළුවෙක්, ව්‍යවසායකයෙක් හා ක්‍රීඩා උද්යෝගිවන්තයෙකු වන අභිෂේක් බච්චන් තරගාවලියේ සම අයිතිකරුවෙකු ලෙස මුදල් ආයෝජනය කර තිබෙනවා.
  • මේ තරගාවලියේ ප්‍රධාන මූල්‍ය ආයතන, ඒවායේ හිමිකරුවන් සහ ලාංජන ඇතුළු විස්තර ක්‍රීඩා ලෝලීන්ට ලබා දෙමින් ETPL දියත් කිරීමේ නිල උත්සවය ළඟදීම පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යොදා තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

කවුන්සලය (ICC) අනුමැතිය දී තිබෙනවා. යුරෝපය ට ඔවුන්ගේ ම ජාත්‍යන්තර ක්‍රිකට් ලීගයක් ලැබෙන්නේ ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වතාවට.

ප්‍රථම වතාවට මේ වසරේ ජූලි 15 සිට අගෝස්තු 3 දක්වා පැවැත්වීමට නියමිත මේ ETPL තරගාවලිය පෞද්ගලික හිමිකාරිත්වයක් තිබෙන ලීගයක් වන අතර මේ තරගාවලියේ විශේෂත්වය වනුයේ එය අයර්ලන්තය, ස්කොට්ලන්තය හා නෙදර්ලන්තය යන රටවල් තුනේ ජාතික ක්‍රිකට් පාලක මණ්ඩල හවුලක් වීම.

මේ සහයෝගී ප්‍රවේශය විසින් තරගාවලියට සැබෑ යුරෝපීය හැඟීමක් ගෙන දෙන අතර මේ රටවල් තුනේ දක්ෂතම ක්‍රීඩකයන් ලොව වටා සිටින හොඳම ක්‍රීඩකයන් සමග එකට එක්ව ක්‍රීඩා කරනු දැකීමේ අවස්ථාව ක්‍රිකට් ලෝලීන්ට උදා වනවා.

මේ නව තරගාවලියේ වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කරමින් ජනප්‍රිය බොලිවුඩ් නළුවෙක්, ව්‍යවසායකයෙක් හා ක්‍රීඩා උද්යෝගිවන්තයෙකු වන අභිෂේක් බච්චන් තරගාවලියේ සම අයිතිකරුවෙකු ලෙස මුදල් ආයෝජනය කර තිබෙනවා.

ඩබ්ලින් සහ බෙල්ෆාස්ට් (අයර්ලන්තය), ඇම්ස්ටඩෑම් සහ රොටඩෑම් (නෙදර්ලන්තය), එඩින්බ්‍රා සහ ග්ලාස්ගෝ (ස්කොට්ලන්තය) යන කණ්ඩායම්වල සහභාගිත්වයෙන් ආරම්භ වන මේ තරගාවලිය යුරෝපය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව හා එංගලන්තය යන ප්‍රධාන වෙළඳ පොළ ඇතුළු ලොව පුරා ප්‍රේක්ෂකයන් වෙත ප්‍රවිශ්ට වනු ඇතැයි අපේක්ෂා කෙරෙන්නේ ප්‍රමූඛ මාධ්‍ය හවුල්කරුවන් විසින් මේ තරගාවලියේ ආවරණය සහතික කර තිබෙන බැවින්.

මේ තරගාවලියේ ප්‍රධාන මූල්‍ය ආයතන, ඒවායේ හිමිකරුවන් සහ ලාංජන ඇතුළු විස්තර ක්‍රීඩා ලෝලීන්ට ලබා දෙමින් ETPL දියත් කිරීමේ නිල උත්සවය ළඟදීම පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යොදා තිබෙනවා.

මේ තරගාවලිය යුරෝපීය ක්‍රිකට් ක්‍රීඩාවේ විප්ලවීය වෙනසක් සිදුකරනු ඇතැයි ICCය බලාපොරොත්තු වනවා.


warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...