The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ජනවාරියේ ශ්‍රී ලංකාවේ T20 තරග සංචාරයක

T

The Leader Desk

December 3, 2025 • 3:11 PM

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ජනවාරියේ ශ්‍රී ලංකාවේ T20 තරග සංචාරයක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව සමග ජාත්‍යන්තර විස්සයි20 තරග තුනක් ක්‍රීඩා කිරීම සඳහා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ලබන ජනවාරි මස
  • 2026 වසරේ පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීමක් ලෙසින් පැවැත්වෙන මේ තරගමාලාවේ සියලු තරග ක්‍රීඩා කරනු ඇත්තේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ.
  • තරග පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ජනවාරි 7, 9 හා 11 යන දිනවලයි.
  • ලබන වසරේ පැවැත්වෙන ගෝලීය ඉසව්වට පෙර වටිනා තරග පුහුණුවක් මේ සංචාරයෙන් කණ්ඩායමට ලැබෙන බව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) ප්‍රකාශ කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
මුල් කාලයේ දිවයිනට පැමිණෙනවා.

2026 වසරේ පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීමක් ලෙසින් පැවැත්වෙන මේ තරගමාලාවේ සියලු තරග ක්‍රීඩා කරනු ඇත්තේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ. තරග පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ජනවාරි 7, 9 හා 11 යන දිනවලයි.

මෙය පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නව වසරේ පළමු තරග සංචාරයයි. ලබන වසරේ පැවැත්වෙන ගෝලීය ඉසව්වට පෙර වටිනා තරග පුහුණුවක් මේ සංචාරයෙන් කණ්ඩායමට ලැබෙන බව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) ප්‍රකාශ කරනවා. පාකිස්තානය 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඔවුන්ගේ සියලුම තරග ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකාවේ.

PCBය පසුගිය මාස හයක කාලයක් තිස්සේ ප්‍රමුඛතාව දී තිබුනේ ඔවුන්ගේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට හැකි තරම් දුරට ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් තරග ලබා දීමටයි. මේ වසරේ මැයි මාසයේ පාකිස්තාන සුපර් ලීගය (PSL) අවසන් වීමෙන් පසුව පාකිස්තාන කණ්ඩායම ඔවුන්ගේ රටේ හා විදේශයන්හි බංග්ලාදේශය, බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව ට එරෙහිව ද, තුන්කොන් තරගාවලියක් හා ආසියානු කුසලාන තරගාවලියට ද ක්‍රීඩා කර තිබෙනවා. බංග්ලාදේශය සහ ආසියානු කුසලානයේ අවසාන තරගය යන විදේශයන්හි පැවති තරගමාලාවන් හැරුනු විට අනෙක් සෑම තරගමාලාවකම ජයග්‍රාහකයන් වීමට පාකිස්තානය සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම ද පාකිස්තානයේ කළ සති තුනක සංචාරයක් (ජාත්‍යන්තර එක්දින තරග 3ක් හා සිම්බාබ්වේ ද ඇතුළත් වූ තුන්කොන් තරගාවලියක්) අවසන් කළේ මෑතකදී.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...