The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

නුවන් තුෂාරගේ කඩුලු ත්‍රිත්වය සමග බංගලාදේශයට එරෙහි T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

T

The Leader Desk

March 9, 2024 • 3:59 PM

නුවන් තුෂාරගේ කඩුලු ත්‍රිත්වය සමග බංගලාදේශයට එරෙහි T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බංගලාදේශ කණ්ඩායම සමග අද ( මාර්තු 09 වැනිදා) පැවති තෙවන පන්දුවාර විස්සයි 20 තරගයෙන් ලකුණු 28ක
  • ඒ අනුව තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි 20 තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
  • ‘වනිදු අපිට තවත් එක් ක්‍රීඩකයෙක් විතරයි’ අවසන් විස්සයි 20 තරගයට පෙර (මාර්තු 8 වැනිදා) පැවති මාධ්‍ය සාකච්ජාවේදී බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබුණි.
  • එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හතුරුසිංහ කියා සිටියේ වනිදු හසරංග තවත් එක් ක්‍රීඩකයෙක් පමණක් බවත්, ඔහු හමුවේ තම කණ්ඩායම සුපුරුදු පරිදි ක්‍රීඩා කරනු ඇති බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි 20 තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

dfgsdgf

‘වනිදු අපිට තවත් එක් ක්‍රීඩකයෙක් විතරයි’

අවසන් විස්සයි 20 තරගයට පෙර (මාර්තු 8 වැනිදා) පැවති මාධ්‍ය සාකච්ජාවේදී බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබුණි.

තරග තහනමෙන් පසු වනිදු හසරංග නැවත ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීම බංග්ලාදේශ කණ්ඩායම දකින්නේ කෙසේදැයි මාධ්‍යවේදියෙකු චන්දික හතුරුසිංහට ප්‍රශ්නයක් යොමු කරමින් අසා තිබුණි.

එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හතුරුසිංහ කියා සිටියේ වනිදු හසරංග තවත් එක් ක්‍රීඩකයෙක් පමණක් බවත්, ඔහු හමුවේ තම කණ්ඩායම සුපුරුදු පරිදි ක්‍රීඩා කරනු ඇති බව ය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම්

කාසියේ වාසිය දිනු බංගලාදේශ කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

බංග්ලාදේශ කණ්ඩායම සමග අද ( මාර්තු 9 වැනිදා) පැවති තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් තුනක් කර තිබුණි.

දෙවන පන්දුවාර විස්සයි 20 තරගය සඳහා ක්‍රීඩා කිරීමේදී ආබාධයකට ලක්වූ මතිෂ පතිරණ වෙනුවට නුවන් තුෂාර කණ්ඩායමට කැඳවා තිබුණි.

ඊට අමතරව අවිශ්ක ප්‍රනාන්දු වෙනුවට ධනංජය ද සිල්වා ද, ඩිල්ෂාන් මධුෂංක වෙනුවට වනිදු හසරංග අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබුණි.

තරග දෙකක තහනමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වන වනිදු හසරංග අද කණ්ඩායම සමග එක්විය.

සාර්ථක නොවූ ආරම්භය

පළමු විස්සයි 20 තරග දෙකේදී මෙන්ම අද තරගයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමට බලාපොරොත්තු වූ ආරම්භය ලබා ගැනීමට නොහැකි විය.

අවිශ්ක ප්‍රනාන්දු වෙනුවට අද තරගයේදී ආරම්භක පිතිකරුවා ලෙස කැඳවා තිබූ ධනංජය ද සිල්වා ලකුණු 8 කට දැවී ගියේය.

එවන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව දැක්වුණේ පන්දු වාර 3 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 1 කට ලකුණු 18ක් ලෙස ය.

ධනංජය ද සිල්වාගේ දැවී යාමෙන් පසු පිටියට පැමිණි කමිදු මෙන්ඩිස්ටද වැඩි කාලයක් කඩුල්ලේ රැඳී සිටීමට නොහැකි විය.

කමිදු මෙන්ඩිස් ලකුණු 12 කට දැවී යන විට ඔහු සහ කුසල් මෙන්ඩිස් අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන කඩුල්ල වෙනුවෙන් පැවති සම්බන්ධතාවය ලකුණු 34කි.

ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගු සම්බන්ධතාවය

පන්දු වාර 7 යි පන්දු 4 කදී ලකුණු 52 කට කඩුලු 2ක් ලෙස පැවති ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමට කුසල් මෙන්ඩිස් සහ නායක වනිදු හසරංග සමත් විය.

බංගලාදේශ පන්දු යවන්නන් විසින් ශ්‍රී ලංකා ඉනිමේ පළමු පන්දු වාර කිහිපයේදී එල්ල කළ පීඩනයට සාර්ථකව මුහුණ දීමට කුසල් මෙන්ඩිස් සමත් විය.

කුසල් සහ වනිදු එක්ව ශ්‍රී ලංකා ඉනිමේ තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 59ක සබඳතාවයක් එක් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිමේ 13 වන පන්දු වාරයේ දී ලකුණු 15ක් රැස් කරගෙන සිටි වනිදු හසරංග දවා ගැනීමට බංගලාදේශ පන්දු යවන්නන් සමත් වන ලදී.

ශ්‍රී ලංකා ඉනිමේ බර කරට ගත් කුසල්

අද තරගයේදී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුයේ කුසල් මෙන්ඩිස්ය. ඔහු පන්දු 55 කදී ලකුණු 86ක් රැස් කිරීමට සමත් විය.

කුසල් මෙන්ඩිස් ගේ ඉනිමට හයේ සහ හතරේ පහරවල් 6 ක් ඇතුළත් විය.

අද තරගයේදී කුසල් මෙන්ඩිස් රැස් කළ ලකුණු 86, පන්දුවාර විස්සයි 20 තරගයකදී ඔහු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වේ.

ශ්‍රී ලංකාව පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලකුණු 174ක් රැස් කිරීමට සමත් විය.


sdfeeනුවන් තුෂාරගේ පන්දු යැවීම හමුවේ නජ්මුල් හුසේන් ෂන්තෝ, තව්හිද් හිර්දෝයි සහ මොහොමඩ් මහමදුල්ලා දැවී ගියහ

 

බංගලාදේශ ඉනිම වැනසූ තුෂාර

ලකුණු 175ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමට පැමිණි බංග්ලාදේශ පිතිකරුවන්ට පෙර තරග වලදී මෙන් ලකුණු අතරට පිවිසීමට ඉඩක් නොලැබුණි.

බංගලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලිටන් දාස් ලකුණු 7 කට දවා ගැනීමට ධනංජය ද සිල්වා සමත් විය.

ඒ වන විට බංගලාදේශ කණ්ඩායමේ ලකුණු පුවරුව දිස්වුයේ පන්දු වාර 2 යි පන්දු 2 කට ලකුණු 13ක් ලෙස ය.

බංගලාදේශ ඉනිමේ සිව්වන පන්දු වාරය යැවීමට පැමිණි නුවන් තුෂාර විස්සයි 20 තරගයකදී සිය මංගල කඩුලු ත්‍රිත්වය ලබා ගැනීමට සමත් විය.

තුෂාර ගේ පන්දු යැවීම හමුවේ නජ්මුල් හුසේන් ෂන්තෝ, තව්හිද් හිර්දෝයි සහ මොහොමඩ් මහමදුල්ලා දැවී ගියහ.

නුවන් තුෂාර ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි 20 තරගයකදී කඩුලු ත්‍රිත්වයක් දවා ගත් පස්වන ශ්‍රී ලංකික පන්දු යවන්නා ලෙස වාර්තා පොත් අතරට එක්විය.

Nuwan thusharaනුවන් තුෂාර ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි 20 තරගයකදී කඩුලු ත්‍රිත්වයක් දවා ගත් පස්වන ශ්‍රී ලංකික පන්දු යවන්නා ලෙස වාර්තා පොත් අතරට එක්විය

 

පිටිය මැද උණුසුම් තත්ත්වයක්

මේ අතර නුවන් තුෂාරගේ පන්දුවක් හමුවේ දැවී ගිය බංග්ලාදේශ පිතිකරු තව්හිද් හිර්දෝයි සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර යම් වචන හුවමාරුවක් සිදුවන අයුරු ද තරගය අතරතුර දක්නට ලැබුණි.

හිර්දෝයි සිය ඇඟිල්ල දිගු කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට යමක් පැවසූ අවස්ථාවේදී පිටියේ විනිසුරුවරයා මැදිහත් වී ඔහුව එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගනු ලැබීය.

xfgsdrtgrපළපුරුදු පිතිකරුවන් සියලු දෙනා දැවී යන විට බංගලාදේශ කණ්ඩායම ගෞරවාන්විත ලකුණු මට්ටමකට ගෙන ඒමට රිෂාඩ් හුසේන් සමත් විය.


බංගලාදේශ ඉනිමේ පස්වන කඩුල්ල ලෙස සෞම්ය සර්කාර් ලකුණු 11 කට දවා ගැනීමට නුවන් තුෂාර සමත් විය.

වනිදු හසරංග ලකුණු 04ක් ලබාගෙන සිටි ජකර් අලී ගේ කඩුල්ල දවා ගන්නා විට බංගලාදේශ ඉනිමේ ලකුණු පුවරුව දිස්වුයේ පන්දු වාර 8 යි පන්දු 1 කදී කඩුලු 06 කට ලකුණු 32ක් ලෙස ය.

පළපුරුදු පිතිකරුවන් සියලු දෙනා දැවී යන විට බංගලාදේශ කණ්ඩායම ගෞරවාන්විත ලකුණු මට්ටමකට ගෙන ඒමට රිෂාඩ් හුසේන් සමත් විය.

ඔහු මෙහෙදී හසන් සමග එක්ව බංග්ලාදේශ ඉනිමේ 07 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 44ක් එක් කිරීමට සමත් වන ලදී.

කෙසේ වුවද වනිදු හසරංග විසින් ලකුණු 20ක් රැස් කරගෙන සිටි මෙහෙදී හසන් ගේ කඩුල්ල දවා ගනු ලැබීය.

ඔහුගේ දැවී යාමෙන් පසු පිටියට පැමිණි ටස්කින් අහමඩ් සමග එක්වූ රිෂාඩ් හුසේන් සිය කණ්ඩායමේ 08 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 41ක සබඳතාවයක් එක් කරනු ලැබීය.

පන්දු 30 කදී හයේ පහරවල් 07ක් එල්ල කරමින් රිෂාඩ් හුසේන් ලකුණු 53ක් රැස් කරගෙන සිටියදී මහීෂ් තීක්ෂණ ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

බංග්ලාදේශ කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් පන්දු වාර 19 යි පන්දු 4 කදී ලකුණු 146 කට දැවී ගියේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ලකුණු 28 කින් ජය ගනු ලැබිය.

අද තරගයේදී ශ්‍රී ලංකාවේ සාර්ථකම පන්දු යවන්නා වූ නුවන් තුෂාර ලකුණු 20 කට කඩුලු 05ක් දවා ගනු ලැබීය.

ඔහුට අමතරව වනිදු හසරංග කඩුලු දෙකක් දවා ගත්තේය.

මාලිංගගෙන් පැසසුම්

මේ අතර අද තරගයේදී කඩුලු ත්‍රිත්වයක් සමග කඩුලු 05ක් දවා ගත් නුවන් තුෂාර ගේ දක්ෂතාවය ගැන හිටපු වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංග අදහස් දක්වා තිබුණි.

ලසිත් මාලිංග කියා සිටියේ නුවන් තුෂාර අනිවාර්යෙන්ම මීළඟ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම තුළ සිටිය යුතු බව ය.

"මම ගොඩක් කල් ඉදලා නුවන් තුෂාර සහ මතීෂ පතිරණ ගැන කිව්වා. ඒ දෙන්නා අනිවාර්යෙන්ම ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 11 දෙනා අතර සිටිය යුතුයි."

"තුෂාරට හොඳට පන්දුව දෝලනය කරන්න හැකියාව තියෙනවා. ඔහු මාත් එක්ක දකුණු අප්‍රිකාවේදී වැඩ කළා කියල ඔයාලා දන්නවා."

"ඔහු ( තුෂාර) අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටිය යුතුයි." මාලිංග කියා සිටියේය.

ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලු 7 ට 174 (කුසල් මෙන්ඩිස් 86, වනිදු හසරංග 15, දසුන් ශානක 19, ටස්කින් අහමඩ් 25/2, රිෂාඩ් හොසේන් 35/2) බංග්ලාදේශ පිල ඕවර 19.4 කදී සියලු දෙනාදැවී 146 (මෙහෙදී හසන් 19, රිෂාඩ් හොසේන් 53, ටස්කින් අහමඩ් 31, නුවන් තුෂාර 20/5, වනිදු හසරංග 32/2)

(BBC සිංහල සේවය)

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...