The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

T20 ලෝක කුසලානයට කොදෙව්වන්ගෙන් භයානක පිතිකරු පෙලක්

T

The Leader Desk

March 13, 2024 • 4:10 PM

T20 ලෝක කුසලානයට කොදෙව්වන්ගෙන් භයානක පිතිකරු පෙලක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කැරිබියන් දූපත් හි මේ ජූනි මාසයේ පැවැත්වෙන විස්සයි20 – T20 - ලෝක කුසලාන ක්‍රිකට් තරග වෙනුවෙන්
  • තම මව්බිමේ පැවැත්වෙන තරගාවලිිය සඳහා දැන් අවශ්‍යව තිබෙන්නේ කොදෙව් පන්දු යවන්නන්ට ඔවුන්ගේ නිශ්චිත කාර්යයන් පැවරීම පමණක් බව කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඩැරන් සැමී පවසනවා.
  • කොදෙව්වන් ඔවුන්ගේ විස්සයි20 ලෝක කිරුළු දෙක ම 2012 හා 2016 වසරවල දිනා ගත්තේ සැමීගේ නායකත්වය යටතේ.
  • “බටහිර ඉන්දීය කොදෙව් යනු අනතුරුදායක බලකායක් බවට වන ශක්තිමත් පණිවිඩයක් එමගින් ලෝකයට ගෙන යනවා” යැයි හිටපු කොදෙව් නායක ඩැරන් සැමී ප්‍රකාශ කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

බටහිර ඉන්දීය කොදෙව් පිල භයානක පිතිකරු පෙලක් එකලස් කර තිබෙනවා.

තම මව්බිමේ පැවැත්වෙන තරගාවලිිය සඳහා දැන් අවශ්‍යව තිබෙන්නේ කොදෙව් පන්දු යවන්නන්ට ඔවුන්ගේ නිශ්චිත කාර්යයන් පැවරීම පමණක් බව කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඩැරන් සැමී පවසනවා.

කොදෙව්වන් ඔවුන්ගේ විස්සයි20 ලෝක කිරුළු දෙක ම 2012 හා 2016 වසරවල දිනා ගත්තේ සැමීගේ නායකත්වය යටතේ. ක්‍රිකට් ක්‍රීඩාවේ කෙටි ම ශෛලිය තවමත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ වඩාත් ම ශක්තිමත් ක්‍රිකට් ක්‍රීඩාව වී තිබෙනවා.

2023 වසරේදී දකුණු අප්‍රිකාව, ඉන්දියාව හා එංගලන්තය ට එරෙහිව T20 තරගමාලාවන් ජයග්‍රහණය කළ කොදෙව්වන් මේ වසර මුල ඔස්ට්‍රේලියාවේදී 2-1කින් තරගමාලාව පරාජය වූවද 200කට වැඩි මුළු ලකුණු සංඛ්‍යාවන් පිට පිට තෙවතාවක් වාර්තා කිරීමට සමත් වීමෙන් ඔවුන්ගේ පිතිකරණ ශක්තිය ප්‍රදර්ශනය කර තිබෙනවා.

Daran sammy


“බටහිර ඉන්දීය කොදෙව් යනු අනතුරුදායක බලකායක් බවට වන ශක්තිමත් පණිවිඩයක් එමගින් ලෝකයට ගෙන යනවා” යැයි හිටපු කොදෙව් නායක ඩැරන් සැමී ප්‍රකාශ කරනවා.

“මම මේ දෙය මීට කළින් මගේ සගයන්ට කියා තිබෙනවා. මම මේ කණ්ඩායම මීට පෙර දැක තිබෙන බවත්, මේ ආකාරයේ ශක්තිය හා පුපුරනසුලු ගතිය මම මීට පෙර දැක තිබෙන බවත් මම ඔවුන්ට කීවා. මෙය මම මීට පෙර නායකත්වය දුන් කණ්ඩායම වැනි පිරිසක්” සැමී සඳහන් කරනවා.


එබැවින් තමා විශ්‍රාම ගොස් වසර අටකට පසුව නැවත වතාවක් එවැනි කණ්ඩායමක් දක්නට ලැබීමෙන් පෙනී යන්නේ එළඹෙන ජූනි මාසයේ ලෝක කුසලාන තරගාවලියේදී කොදෙව්වන් හමුවේ තිබෙන්නේ ප්‍රබෝධමත් කාලයක් බව යැයි ඩැරන් සැමී කියනවා.

කොදෙව් කණ්ඩායමට තවමත් විසඳා ගැනීමට නොහැකි ගැටළුව වී තිබෙන්නේ ඉනිමේ අවසන් ඕවරවලදී පන්දු යැවීම. එහෙත් පන්දු යැවීමේ විවිධ කාර්යයන් වෙනුවෙන් පන්දු යවන්නන් අවසාන වශයෙන් තේරීම දැන් සිදු කරමින් යන බව ඔහු පවසනවා.

Shamar Josephවේග පන්දු යවන 24 හැවිරිදි ෂමා ජෝසෆ් (Shamar Joseph) සැමීගේ ලෝක කුසලාන මනසේ රැඳී සිටිනවා. ඒ, මේ වසර මුල ඔස්ට්‍රේලියාවේදී සිය මංගල ටෙස්ට් තරගමාලාවේදී ම සිරස්තල මවමින් ඔහු දැක්වූ අතිවිශිෂ්ට දක්ෂතා හේතුවෙන්.

ජෝසෆ්ගේ ඒ හපන්කම් කැරිබියන් කලාපය සිසාරා සැමරුනු අතර මව්බිමේදී ලෝක ක්‍රිකට් කුසලානයක් දිනා ගැනීමෙන් ක්‍රිකට් ක්‍රීඩාවට තිබෙන ඒ උනන්දුව එලෙසම පවත්වා ගෙන යාමට උපකාරයක් වනු ඇති බවට සැමී විශ්වාස කරනවා.  


“කොදෙව්වන් ඉතා හොඳින් ක්‍රීඩා කරන විට කැරිබියන් දූපත්වල කැලඹීමක් ඇති වෙනවා” සැමී කියනවා.

“ඔස්ට්‍රේලියාවේදී ෂමා ජෝසෆ් දැක්වූ වික්‍රමයන් නිසා කැරිබියන්වල කැලඹීමක් නිර්මාණය වූ ආකාරය ඔබ දුටුවා. ඒ නිසා අපටත්, පුහුණුකරු ලෙස මටත්, කුසලානය හිමිකර ගැනීම යනු ඉතාමත් වටිනා කර්තව්‍යක්.”

Rovman Powell
2024 T20 ලෝක කුසලාන තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට නායකත්වය දෙන්නේ ජැමෙයිකානු මැද පෙළ පිතිකරු  රෝව්මන් පවල් (Rovman Powell).


සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

T20 ලෝක කුසලානයට කොදෙව්වන්ගෙන් භයානක පිතිකරු පෙලක් | The Leader