The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඔස්ට්‍රේලියාව ඇෆ්ගනිස්ථානයට එරෙහි T20 තරගාවලියෙන් ඉවත් වූයේ ඇයි ?

T

The Leader Desk

March 19, 2024 • 3:46 PM

ඔස්ට්‍රේලියාව ඇෆ්ගනිස්ථානයට එරෙහි T20 තරගාවලියෙන් ඉවත් වූයේ ඇයි ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තාලිබාන් පාලනය යටතේ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට දිගින් දිගටම සිදුවන සීමා පැනවීම හේතුවෙන්
  • 20/20 තරග තුනකින් සමන්විත තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.
  • සිය රජයේ උපදෙස් අනුව ඇෆ්ගනිස්ථානයේ වෙසෙන කාන්තාවන් සහ ගැහැණු ළමුන් සඳහා වන තත්ත්වය “වඩාත් නරක අතට හැරෙමින් පවතින” බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පවසයි.
  • 2021 දී තාලිබාන් සංවිධානය නැවත බලයට පත්වීමෙන් පසු ඔස්ට්‍රේලියාව, ඇෆ්ගනිස්ථානය සමඟ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළ තුන්වන අවස්ථාව මෙයයි.
අකුරු ප්‍රමාණය (Font Size):

අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබු පන්දුවාර විස්සයි 20 පිරිමි තරගාවලියෙන් ඔස්ට්‍රේලියාව ඉවත්ව තිබේ.

20/20 තරග තුනකින් සමන්විත තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.


සිය රජයේ උපදෙස් අනුව ඇෆ්ගනිස්ථානයේ වෙසෙන කාන්තාවන් සහ ගැහැණු ළමුන් සඳහා වන තත්ත්වය “වඩාත් නරක අතට හැරෙමින් පවතින” බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පවසයි.
2021 දී තාලිබාන් සංවිධානය නැවත බලයට පත්වීමෙන් පසු ඔස්ට්‍රේලියාව, ඇෆ්ගනිස්ථානය සමඟ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළ තුන්වන අවස්ථාව මෙයයි.


2021 සැප්තැම්බරයේ දී එක් ටෙස්ට් තරගයක් සහ 2023 මාර්තු මාසයේ පැවති තරග තුනකින් යුත් (පිරිමි) එක්දින තරගාවලියක් ද ඔස්ට්‍රේලියාව විසින් අවලංගු කරන ලදී.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියාව අඛණ්ඩව ඇෆ්ගනිස්ථානය සමග තරගාවලි වලදී ක්‍රීඩා කරනු ලබයි.

පසුගිය වසරේ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියේ පැවති තරගයේදී ඇෆ්ගනිස්ථානය කඩුලු 03කින් පරාජය කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

xfgert45
"ඔස්ට්‍රේලියානු රජය සමග සිදුකළ සාකච්ජා වලදී ලැබුණු උපදෙස් වලින් අනතුරුව, ඔස්ට්‍රේලියායානු ක්‍රිකට් ආයතනය විසින් ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා මානව හිමිකම්වල කැපී පෙනෙන පිරිහීමක් දක්නට ලැබෙන බැවින් 2023 වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරඟාවලිය කල් දමනු ලැබුවා" ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

"පසුගිය මාස දොළහ තුළ ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය පිළිබඳව ඔස්ට්‍රේලියානු රජය සමඟ අඛණ්ඩව සාකච්ඡා කරනු ලැබුවා. රජයේ උපදෙස් වන්නේ ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් සහ ගැහැණු ළමුන් සඳහා පවතින තත්ත්වය නරක අතට හැරෙමින් පවතින බවයි. මේ හේතුව නිසා, අපි අපගේ පෙර ස්ථාවරය පවත්වා ගෙන යන අතර ඇෆ්ගනිස්ථානයට එරෙහිව ද්විපාර්ශ්වික තරගාවලිය කල් දමනු ලබනවා." ඔස්ට්‍රේලියා ක්‍රිකට් පැවසීය.

“ලොව පුරා කාන්තා සහ ගැහැණු ළමුන් ක්‍රිකට් ක්‍රීඩාවේ සහභාගීත්වය වෙනුවෙන් ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය තමන්ගේ කැපවීම අඛණ්ඩව පවත්වාගෙන යන අතර අනාගතයේදී ද්විපාර්ශ්වික තරග නැවත ආරම්භ කිරීමට සහාය වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවාදැයි තීරණය කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග ක්‍රියාකාරීව සම්බන්ධ වී ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය සමඟ සමීපව කටයුතු කරනවා." යැයි එම නිවේදනයේ සඳහන්ව තිබේ.

තාලිබාන් සංවිධානය 2021 වසරේ අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්ථානයේ නැවත බලයට පත් වූ අතර කාන්තාවන්ට වැඩ කිරීමට සහ ඉගෙනීමට ඇති අයිතිවාසිකම් සීමා කර ඇත.

afgun women
ඇෆ්ගනිස්ථානයේ ගැහැණු ළමයින්ට ප්‍රාථමික අධ්‍යාපනය ලැබීමට අවසර ඇත. එහෙත් නව යොවුන් වියේ ගැහැණු ළමයින්ට සහ කාන්තාවන්ට පාසල් සහ විශ්ව විද්‍යාල වලට ඇතුළුවීම තහනම් කර ඇත.

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට සහ තරුණ ගැහැණු ළමුන්ට උද්‍යාන, ශාරීරික ව්‍යායාම් මධ්‍යස්ථාන සහ නාන තටාකවලට ඇතුල්වීමට අවසර නැත. රූපලාවන්‍යාගාර වසා දමා ඇති අතර කාන්තාවන් තම දෑස් පමණක් පෙනෙන ආකාරයට ඇඳුම් පැළඳුම් භාවිතය සිදු කළ යුතුය.

ඔවුන් කිලෝමීටර 72 (සැතපුම් 45) ට වඩා වැඩි දුරක් ගමන් කරන්නේ නම් ඔවුන් සමඟ පිරිමි ඥාතියෙකු සිටිය යුතුය.


(BBC සිංහල සේවය)

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඔස්ට්‍රේලියාව ඇෆ්ගනිස්ථානයට එරෙහි T20 තරගාවලියෙන් ඉවත් වූයේ ඇයි ? | The Leader