The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
ක්‍රීඩා

T20 ලෝක කුසලානය: බේස්බෝල් රජයන දේශයක තබන ක්‍රිකට් සළකුණ

T

The Leader Desk

May 4, 2024 • 3:52 PM

T20 ලෝක කුසලානය: බේස්බෝල් රජයන දේශයක තබන ක්‍රිකට් සළකුණ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බේස්බෝල් ක්‍රීඩාව රජයන දේශයක ක්‍රිකට් ක්‍රීඩාවේ සළකුණ තැබීමට ලබන මාසයේ පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලිය
  • “ලොව විශාලතම ක්‍රීඩා වෙළඳපොල වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් අමෙරිකාව ට ඇවිත් තිබෙනවා කියන කාරණය ම ලොකු උනන්දුවක් ඇතිකර තිබෙනවා” යැයි ජගත් ක්‍රිකට් කවුන්සලයේ තරග ප්‍රධානී Chris Tetley පවසනවා.
  • “අමෙරිකාවේ දැනටමත් තිබෙන දැවැන්ත ක්‍රීඩා ලෝලී පදනමට ලෝක මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව ද ඇතුලත් කිරීම 2028 ඔලිම්පික් වසර සහ ඉන් ඔබ්බට අමෙරිකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගත් ඉතාමත් වැදගත් පියවරක්” යැයි ඔහු ප්‍රකාශ කළා.
  • “මීට පෙර ඔවුන්ගේ එළිපත්තේ නොතිබුනු දෙයක් ඔවුන්ට ලබා දීමටයි අපේ මේ උත්සාහය.
අකුරු ප්‍රමාණය (Font Size):

උපකාරී වනු ඇතැයි ජගත් ක්‍රිකට් කවුන්සලය විශ්වාස කරනවා.

2028 වසරේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රදර්ශනය වීමට පෙර ක්‍රිකට්  ක්‍රීඩාවේ ආකෘතිය හා ජනප්‍රියතාව අමෙරිකාවේ ගොඩනැගීමට 2024 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට හැකි වනු ඇතැයි කවුන්සලය ප්‍රකාශ කරනවා.

එළඹෙන ජූනි මස පැවැත්වෙන මේ තරගාවලියට අමෙරිකා එක්සත් ජනපදය හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් සත්කාරකත්වය දරණ අතර අමෙරිකාවේ තරග නිව්යෝක්, ෆ්ලොරිඩා සහ ඩලස් යන නගරවල පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Chris Tetley

“ලොව විශාලතම ක්‍රීඩා වෙළඳපොල වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් අමෙරිකාව ට ඇවිත් තිබෙනවා කියන කාරණය ම ලොකු උනන්දුවක් ඇතිකර තිබෙනවා” යැයි ජගත් ක්‍රිකට් කවුන්සලයේ තරග ප්‍රධානී Chris Tetley පවසනවා.

“අමෙරිකාවේ දැනටමත් තිබෙන දැවැන්ත ක්‍රීඩා ලෝලී පදනමට ලෝක මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව ද ඇතුලත් කිරීම 2028 ඔලිම්පික් වසර සහ ඉන් ඔබ්බට අමෙරිකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගත් ඉතාමත් වැදගත් පියවරක්” යැයි ඔහු ප්‍රකාශ කළා.

“මීට පෙර ඔවුන්ගේ එළිපත්තේ නොතිබුනු දෙයක් ඔවුන්ට ලබා දීමටයි අපේ මේ උත්සාහය. ඒ අතරතුර, ක්‍රිකට් ක්‍රීඩාව ඇත්ත වශයෙන් ම බේස්බෝල්වලට වඩා අමෙරිකාවේ පරණ ක්‍රීඩාවක් බවට අමෙරිකානු ක්‍රීඩා ප්‍රජාවට පවසමින් ඔවුන්ගේ කුතුහලය ඇවිස්සීමට හැකිවනු ඇතැයි අපි හිතනවා.”


19 වැනි සියවසේ අමෙරිකා එක්සත් ජනපදයේ ග්‍රීෂ්ම සෘතුවල පිත්තකින් හා පන්දුවකින් කළ ක්‍රීඩාවක් පසුව බේස්බෝල් යනුවෙන් නම් කළ බව පැවසෙනවා.

T20 ක්‍රිකට් ක්‍රීඩාව ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දක්නට ලැබෙන අලුත් ක්‍රීඩා පහෙන් එකක්.

ක්‍රිකට් ක්‍රීඩාව මීට පෙර ඔලිම්පික් උළෙලක ක්‍රීඩා කර තිබෙන එක ම අවස්ථාව වන්නේ 1900 වසරේ පැරිසියේ. එහිදී මහා බ්‍රිතාන්‍යයෙන් පැමිණි කණ්ඩායමක් ප්‍රංශය පරාජය කර තිබෙනවා.

 

 
සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...