The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

UWSFF GALAXY කායවර්ධන තරගාවලියේදී නිශාන්ත පෙරේරාට රන් - රිදී පදක්කම්

T

The Leader Desk

March 9, 2024 • 10:49 AM

 UWSFF GALAXY කායවර්ධන තරගාවලියේදී නිශාන්ත පෙරේරාට රන් - රිදී පදක්කම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ලෝක ක්‍රීඩා හා යෝග්‍යතා සම්මේලනය - United World Sports & Fitness Federation (UWSFF) - මෙහෙයවීමෙන් පැවති
  • මේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කළ එක ම තරගකරුවා වූ නිශාන්ත එහිදී මාස්ටර් ඉසව්වෙන් රන් පදක්කමක් ද, කිලෝග්‍රෑම් 85 බර පංතියෙන් රිදී පදක්කමක් ද හිමිකර ගෙන තිබෙනවා.
  • තායිලන්තයේ පටායා නුවර මේ තරගාවලිය පැවැත්වුනේ මාර්තු 2, 3, 4 දිනවල.
  • නිශාන්ත පෙරේරා ජාත්‍යන්තර පදක්කම් ගණනාවක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ලබා දුන් බරඉසිලීම ක්‍රීඩාවේ ප්‍රවීනයෙක්.
අකුරු ප්‍රමාණය (Font Size):

UWSFF GALAXY 2024 කායවර්ධන තරගාවලියේදී පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කායවර්ධන  ශූර නිශාන්ත පෙරේරා සමත්ව සිටිනවා.

මේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කළ එක ම තරගකරුවා වූ නිශාන්ත එහිදී මාස්ටර් ඉසව්වෙන් රන් පදක්කමක් ද, කිලෝග්‍රෑම් 85 බර පංතියෙන් රිදී පදක්කමක් ද හිමිකර ගෙන තිබෙනවා.

තායිලන්තයේ පටායා නුවර මේ තරගාවලිය පැවැත්වුනේ මාර්තු 2, 3, 4 දිනවල. තායිලන්තය, ඉන්දියාව, පාකිස්තානය හා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් හත් දෙනෙක් මේ තරගාවලියට සහභාගි වුනා.

නිශාන්ත පෙරේරා ජාත්‍යන්තර පදක්කම් ගණනාවක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ලබා දුන් බරඉසිලීම ක්‍රීඩාවේ ප්‍රවීනයෙක්. රට වෙනුවෙන් විදේශයක තරග කර පදක්කම් දිනා යළි මව්බිමට පැමිණි අවස්ථාවේදී ඔහු පිළිගැනීම සඳහා රතු පලසක් එලා තිබුනේ නැහැ. තනිව ම පැමිණි නිශාන්ත වෙත දුව ගොස් මල් කළඹක් දී සිඟිති පුතා විසින් පියා පිළිගනු ලැබූ අවස්ථාව සැබැවින්ම හැඟීම්බර මොහොතක්.

Nishantha Perera 2024.03.09

warnan Gunasekaraසටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

UWSFF GALAXY කායවර්ධන තරගාවලියේදී නිශාන්ත පෙරේරාට රන් - රිදී පදක්කම් | The Leader