මහ බැංකු බැඳුම්කර දුෂණ සෙවූ වෝහාරික විගණන වාර්තාවට කබ්රාල් කලබල ඇයි?

ද ලීඩර් ටීවී දෛනික පුවත් විවරණය, අද (2015-01-15) අවධානය

2015 ජනාධිපතිවරණයට අදාලව පැවති ඒකාධිපති රාජපක්ෂ පාලනයට එරෙහිව එවකට පොදු විපක්ෂය ගෙනා ප්‍රමුඛ සටන් පාඨයක් වුණේ යහපාලනයක් පිහිටුවීමයි.

ඒ යෝජනාව ජනතාව පිළිගෙන ලක්ෂ 64ක ජනවරමක් එවකට විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙත ලබාදුන් නමුත් යහපාලන ආණ්ඩුව 2015 පෙබරවාරියේ සිදුකල මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවක් හේතුවෙන් එම රජය දින 100ක් ඇතුළතදීම දැඩි අපකීර්තියකට ලක්වුනා.

ආණ්ඩුව අභ්‍යන්තරයෙන් මෙන්ම විපක්ෂය වෙතින්ද ඊට එරෙහිව දැඩි විරෝධයක් එල්ලවුවා.

එනිසාම 2015 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමට යහපාලන ආණ්ඩුව සමත්වුවත් 2018 පැවති පළාත් පාලන මැතිවරණය පරාජය වුනා.

ඒ වගේම තමයි 2019 ආණ්ඩු පෙරලියටත් පාස්කු ප්‍රහාරයට අමතරව මේ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව දැඩි බලපෑමක් කල බව විචාරක මතය වුනා.

කොහොම නමුත් දේශපාලන කරලිය තුල වගේම ජන සමාජය තුලත් මතුවූ දැඩි විරෝධය කියාපෑවේ බැඳුම්කර වංචාවේ චූදිතයන්ට දඬුවම් ලබාදිය යුතු බවයි.

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සම්බන්ධව සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කිරීමට එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති කොමිසමක් පත්කරණට කටයුතු යෙදුනෙත් ඒ අනුවයි.

එම කොමිසමේ නිර්දේශ පසුව නිකුත්වූ අතර එහිදී කාගේත් අවධානය යොමුවූ විශේෂ කරුණක් තිබුනා. ඒ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධව ජාත්‍යන්තර ස්වාධීන ආයතනයක් හරහා වෝහාරික විගණනයක් සිදුකිරීමයි.

එහි වූ විශේෂත්වය වූයේ මෙකී වෝහාරික විගණනය හරහා අනාවරණය වන කරුණු හරහා බැඳුම්කර ගනුදෙනු වලදී වංචා සිදුකර ඇත්නම් එකී පාර්ශවයන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනුකර නීතිය හමුවට ගෙන ඒමේ හැකියාව ඇති බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දීමයි.

ඒ අනුව වෝහාරික වාර්තාව වෙත කාගේත් දැඩි අවධානයක් යොමුවුනා. එවකට විපක්ෂය නියෝජනය කල, අද ආණ්ඩු බලය හොබවන පොදුජන පෙරමුණ මේ සම්බන්ධව දැක්වුයේ දැඩි උනන්දුවක්.

මේ වන විට රුපියල් මිලියන 900ක් පමණ වැය කර ජාත්‍යන්තර ස්වාධීන ආයතනයක් හරහා සිදුකල ඒ වෝහාරික විගණන වාර්තාව මහ බැංකුව වෙත ලැබී අවසන්.

පසුගිය වසර අවසානයේ එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව වෙතත් ලැබී තිබුනා.

නමුත් එය පාර්ලිමේන්තුව වෙත ලබාදීමේදී ආණ්ඩු පෙරලියක් වගේම තවත් සුවිශේෂ නිර්දේශයක් නිකුත් කරන්නට මහ බැංකුව කටයුතු කර තිබුනා.

ඒ අදාළ වෝහාරික විගණන වාර්තාව සම්බන්ධව ඉදිරි කටයුතු සිදුවිය යුතුව ඇත්තේ නීතිපති උපදෙස් අනුව බවයි.

ජනතාව අපේක්ෂාව වූයේ වත්මන් පාලනය පළමු අවස්ථාවේම මෙකී වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ප්‍රසිද්ධ ලේඛනයක් බවට පත්කරනු ඇති බවයි.

ඒ හරහා නීතිය ක්‍රියාත්මකවීම කෙසේ වෙතත් අපරාධ චෝදනා ලබන්නට සුදුසු නියම දුෂිතයන් කවුද යන්න දැනගන්නට හැකිවනු ඇති බවයි.

නමුත් පොදුජන පෙරමුණ ආණ්ඩු බලය ඇතිව සිටියත් වෝහාරික විගණන වාර්තාව ප්‍රසිද්ධ කිරීමට උනන්දු වන බවක් පෙනෙන්නට තිබුනේ නෑ,

එජාප සහ ජවිපෙ පාර්ශව මේ ආකාරයට බැඳුම්කර ගනුදෙනු සම්බන්ධ වෝහාරික විගණන වාර්තාව ගැන උනන්දු වුවත් පොදුජන පෙරමුණ ඊට උනන්දු නොවන්නේ ඇයි ? මේ ප්‍රශ්නය අද පක්ෂ විපක්ෂ කාගේත් මුවග රැවු දෙන්නක්ව තිබෙනවා.

ඒ වගේම තමයි පොදුජන පෙරමුණ අභ්‍යන්තරයෙන් මේ වෝහාරික විගණන වාර්තාව සම්බන්ධව දැඩි විරෝධයක් එල්ල වන බවකුත් පෙනෙන්න තිබෙනවා.

ඒ විරෝධයේ කසකරුවාව සිටින්නේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ එවකට මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කල අජිත් නිවාඩ් කබ්රාල්.

එයත් විශේෂයි,

මොකද වෝහාරික විගණන වාර්තාව නිකුත්වීමට ආසන්න දින වල සිට මේ දක්වාම හිටපු මහ බැංකු අධිපති එකී වාර්තාවට එරෙහිව දැඩි විරෝධයක් දක්වනවා. වාර්තාව ගැන විවිධ විවේචන කරමින් මාධ්‍ය නිවේදන නිකුත් කරනවා. මාධ්‍ය වෙත ලිපි ලියනවා.

ඒ හමුවේ කාටත් නැගෙන පොදු ප්‍රශ්නයක් තිබෙනවා.

ඒ තමයි අද මහින්ද රාජපක්ෂ අගමැතිගේ ජේෂ්ඨ ආර්ථික උපදේශක මෙන්ම එදා මහින්දගේ ආණ්ඩුවේ මහ බැංකු අධිපති වූ අජිත් නිවාඩ් කබ්රාල් මේ වෝහාරික විගණනයට මෙච්චර විරුද්ධ ඇයි යන්න.

මේ ප්‍රශ්නයට උත්තර හොයන විට මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පිලිබඳ කිසිවෙක් නොසිතු නොපැතූ මානයක් දක්නට ලැබෙනවා.

ඒ තමයි අදාළ වෝහාරික විගණනය සිදුකර ඇත්තේ 2015 පෙබරවාරි මාසයේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව පමණක් නොවීම. මේ වෝහාරික විගණනය 2008 - 2015 බැඳුම්කර ගනුදෙනුත් ආවරණය කර තිබීම.

දැන් කාරණය පැහැදිලියි. 2015 දී සිදුකල මහ බැංකු බැඳුම්කර සම්බන්ධව එවකට මහ බැංකු අධිපති වූ අර්ජුන් මහේන්ද්‍රන් කොච්චර කලබල වෙන්න ඕනද ?

අන්න ඒ තරම් අසහනයකට 2008 - 2014 කාලයේ ගනුදෙනු ගැන අජිත් නිවාඩ් කබ්රාල් ටත් ලක්වීමට සිදුව තිබෙනවා.

දැන් අපි ඒ ගැන අවධානය යොමු කරමු.

බැඳුම්කර ගනුදෙනු වලදී පාවිච්චි කරන ක්‍රම දෙකක් තිබෙනවා.

පළවෙනි ක්‍රමය වන්නේ වෙන්දේසී ක්‍රමය අනෙක් ක්‍රමය වන්නේ සෘජු නිකුතු ක්‍රමය. ලොව විවිධ රාජ්‍යයන් අවශ්‍යතාවය අනුව මෙම ක්‍රමවේද දෙකම අඩුවැඩි වශයෙන් පාවිච්චි කරනවා.

ශ්‍රී ලංකාවේ මහ බැංකුවත් ක්‍රම දෙකම පාවිච්චි කර තිබුණා.

එහෙත් 2008 සිට රාජපක්ෂ ආණ්ඩුව මහ බැංකු සෘජු නිකුතු ක්‍රමය අධික ලෙස පාවිච්චි කරන්නට පටන්ගෙන තිබුණා.

2014 දක්වා සිදුකළ බැඳුම්කර ගනුදෙනු අතරින් සීයට 90ක්ම සෘජු ක්‍රමයට ලබාදී තිබෙනවා. එම ක්‍රමය වංචාවක් සිදුවීමට විශාල ඉඩක් තිබෙන ක්‍රමයක්.

එහිදී සිදුවන්නේ මහ බැංකුව තීරණ්‍ය කරන පාර්ශ්වයකට තීරණය අගයක් අනුව බැඳුම්කර නිකුත් කිරීම බැලු බැල්මට මෙම ක්‍රමය අයහපත් වුණත්, මෙම ක්‍රමයත් පැවතීම වැදගත්.

රජයට ඇතිවෙන හදිසි මුදල් අවශ්‍යතා සපුරාගැනීමට ප්‍රධාන වශයෙන් ඒ ක්‍රමය අවශ්‍ය වෙනවා. එහෙත් අසාමාන්‍ය ලෙස සෘජු ක්‍රමයට පමණක් බැඳුම්කර නිකුත් කිරීම සැක සහිතයි.

බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිසමේ 11 වැනි නිර්දේශයෙහි මෙලෙස සඳහන් වෙනවා.

'2015 ට පෙර සෘජු නිකුතු ක්‍රමය හරහා යම් අක්‍රමිකතා සිදු වීමට අවකාශයක් තිබිව හැකි බවට අදහස් ඇතිකර ගැනීමට ප්‍රමාණවත් සාධක තිබේ.

එම වාර්තාවේ වැඩිදුරටත් මෙලෙස සඳහන් වෙනවා.

'2008 සිට 2014 කාල සීමාව තුළ රාජ්‍ය නය දෙපාර්තුමේන්තුව විසින් කරන ලද බැඳුම්කර සෘජු නිකුතුවලදී සැලකිය යුතු අක්‍රමිකතා සිදු වී තිබේද, එසේ නම් එවැනි අක්‍රමිකතාවන්ට වගකිව යුතු රාජ්‍ය ණය දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ උසස් නිලධාරීන්, ප්‍රාථමික වෙළෙන්ඳන් සහ වෙනත් පුද්ගලයන් කවුරුන් යන්නද හඳුනා ගැනීම සඳහා විමර්ශනයක් සිදු කළ යුතු යැයි අපි නිර්දේශ කරමු.

එසේම එවැනි අක්‍රමිකතා හේතුකොටගෙන රජයට අලාභ සිදුවී ඇත්නම් , ඒ අලාභ කොතෙක්ද යන්න ගණනය කිරීමත් එවැනි වීමර්ශනයකින් සිදු විය යුතුය. ඒ සඳහා වෝහාරික විගණනයක් උචිත විය හැකිය.'

දැන් කාරණය ටිකක් පැහැදිළියි.

වෝහාරික විගණනය ගැන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ගේ කලබලය මොකක්ද යන්න තවදුරටත් මේ විදිහට හඳුනා ගන්න පුළුවන්.

ඒ තමයි, සාමාන්‍ය විගණනයකින් සොයා බලන්නේ ගිණුම්වල සඳහන් වන කරුණුවල පරස්පරයක, දෝෂයක් හෝ ගැටලුවක් තිබෙනවාද කියායි.

වෝහාරික විගණනය ඊට එහා යනවා.

ළබැඳියාවන් අතර ගැටුමක් තිබෙනවාද යන්න, අල්ලස් ගැනීම හෝ ලබාදීම සිදුව තිබෙනවාද යන්න, අසාධාරණ ලෙස බලෙන් පැහැරගැනීමක් කර තිබෙනවාද යන්න එහිදී සොයා බලනවා.

ඒ අනුව ගිණුම් වාර්තා පමණක් නොවෙයි, ඒවාට මැදිහත් වුණ පුද්ගලයන්, ඔවුන්ගේ සම්බන්ධතා හා හැසිරීම් ගැනත් හොයනවා. එ සියල්ලෙන් පසුව සාමාන්‍යයෙන් වෝහාරික විගණනයක් සිදුකළ කෙනෙකු අධිකරණය ඉදිරියේ පෙනී සිටීමත් සිද්ධවෙනවා.

දැන් හොඳටම පැහැදිලියි.

දැන් මේ වෝහාරික විගණන වාර්තාව 2015 පෙබරවාරියේ සිදුකල බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව පමණක් නොවෙයි, 2008 - 2014 කාලය තුළ බැඳුම්කර ගනුදෙනු හරහා ගෝනි සෙල්ලම් දැමූ කාගේ කාගේත් කෙරුම් එළියට ගෙනෙන්නක් බවට පත්ව තිබෙනවා.

ඒ අනුව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ජනවාරි 07 වැනිදා' දිවයින ' පුවත්පතේ පිටුවක් පුරා ලියා ඇති දීර්ඝ ලිපියක් මගින් බැඳුම්කර පිළිබඳව ඉදිරිපත් කර ඇති වෝහාරික විගණන වාර්තාව දැඩිව විවේචනයට ලක් කර තිබීම සාධාරණයි.

ඒ ලිපියේ සිරල්තලය වුණේ ' බැදුම්කර වංචා වසන් කිරීමේ අලුත්ම මෙහෙයුම වෝහාරික විගණන' යන්නයි.

මීට සති දෙකකට පමණ පෙර එම කරුණුම ඇතුළත් ඉංග්‍රීසි ලිපියක් ඩේලි එෆ්ටී පුවත්පතේ පළවී තිබුණා. ඒ ලිපියේ රචකයාගේ නම ලෙස සඳහන් වුණේ අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක හා මහබැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියායි.

මේ විදිහට කබ්රාල් කලබල වෙනකොට කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් කබ්රාල් මේ විදියට කලබල වෙන්නේ වෝහාරික විගණන වාර්තාව එයා කියවලද කියලා.

ඒ ගැන හරියටම කියන්න අපි දන්නෙ නෑ සහ එය අපිට අදාලත් නෑ.

නමුත් මූල්‍ය වෙළඳපොල විශ්ලේෂකයන් විසින් සිදුකරන අනාවරණ කිහිපයක් තිබෙනවා. ඒ වගේම කබ්රාල්ගේ හැසිරීමේ පොඩි සැකසංකා නැතුවත් නෙවෙයි.

අපි ඒ ගැන දෙවැනි කොටසින් අනාවරණය කරනවා.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්