ජීවිතය කියන්නේ දීර්ඝ චාරිකාවක් ලෙස හිතන විටම “ දීර්ඝායුෂ ” වදන සිහිවේ. දීර්ඝ ජීවිතයක් හිමි වීමම දීර්ඝ ඉතිහාසයක් හිමි වීමක් වැනිය. දීර්ඝායුෂ

හිමි කර ගැනීමට මානව හිත් මෙතරම් ඇලුම් කරනුයේ මන්ද, ඇත්තටම එය ජීවන ප්‍රමෝදය පිණිස හේතුවක්ය. ප්‍රමෝදමය ජීවිතය තමාට තනිව උදාකර ගන්නට හැකියාවක් නැත. ඒ නිසාම ජීවිතය සහකාරයන් සමඟද සමාජය සමඟද බැඳී ගෙතෙන්නේය. එය ප්‍රමාණවත් නොවන තැන ප්‍රමෝදමය උදානය සඳහා රාජ්‍යයද දක්වා දීර්ඝ බන්ධනයක් බැඳ ගනී. රාජ්‍යය හා බැඳීමට රාජ්‍ය නායකයෙකු සොයා ගන්නේ එබැවිනි. දීර්ඝායුෂ පතන්නන්ගේ එකතුව සමාජය ජාතිය ලෙස පුළුල් වීමත් මේ ඒක්ක බැඳී ඇති කාරණයකි.

 

ඒ නිසා දීර්ඝායුෂය වූ කලී පුළුල්ම මානව ප්‍රාර්ථනාවකි. දිගු ජීවිත සතුටක් සොයන මානවාභාෂයක් සේ මානව චිත්තාභාෂයේ බැඳෙන දිගු ජීවිත ජීවනය “ ආයු අපේක්ෂාව” සේ නූතන ලෝකයේ සංවර්ධන නිර්ණායකයක් බවට ද මුලට ගෙන ඇත්තේ මේ සියල්ල එකට කාවැදී ඇති නිසාය.

 

ඒ නිසාම දීර්ඝ මානව සජීව ජීවිතය ගැන සිහින මවන්නන්ගේ පොදු එකතුව රාජ්‍යය වූ විට අපුරු දෙයක් සිදුවේ. එනම් දීර්ඝ ආයු වින්දනයක් සහිත නායකයන් සුලබව හමුවීමයි. නායකයෙක් වන්නා දීර්ඝ ආයු ඇත්තන් වීම දැකිය හැකි පොදු ඇත්තකි. මේ කවර හේතුවක්ද? රාජ්‍ය ප්‍රභවය ලද දා පටන් එය එලෙසමය. රාජකීය යුග, ප්‍රජාත්‍රන්තවාදී යුග, සමාජවාදී යුග ලෙස විවිධ යුග යොදා ගත්තද නායකයා දීර්ඝායු ඇත්තා වන්නේ මන්ද? මේ ගැන කතිකා කිරීමට නූතනය වන විට එතරම් නිර්භීත බවත් බොහෝ විට නැත.

 

live long cover 2 768x512

 

පුදුමය කියන්නේ දීර්ඝ ජීවිතය යදින පතන මානව සමාජය අතරින් නාකින් මහල්ලන් එපා යැයි මතයක් රාජ්‍ය පාලනයට අදාලව ප්‍රවේශ වී තිබේ. ඒත් මේ තරම් විහිළුවක් පොදු මතයක් වී තිබේ. ක්‍රමයක් කඩා වැටීමේ වේගය අනුව සමාජය තුළින් මෙවන් මත පිටවේ. මේ මත ජනකාන්ත වීම නිසාම වියපත් නායකයන්ද නිතරම තරුණ අපේක්ෂා ගැන කතිකා කරයි. මේ ලෝකයේ ස්වභාවය යැයි කියන්න හැමෝම බියය. සැබවින්ම කවර ක්‍රම වාදයක වුවද, රාජ්‍ය නායකයා වනුයේ දීර්ඝායුෂ ඇත්තායි.

 

මේ පොදු ධර්මතාවයක්ද, මේ ගැන තථාගතයාණන් වහන්සේ තෙපලන කතිකාව වඩාත් අපූරුය. රාජ්‍ය පාලකයාව සතුව සෘද්ධීයන් හතරක් ඇතැයි පවසා උන්වහන්සේ ඒ ඍද්ධියන් අතර තවත් එක් ඍද්ධියක් සේ “දීඝායුකො හොති චිරට්ඨීතො ” ලෙස අර්ථ විවරණව දක්වන්නේ දීර්ඝායුෂය. රාජ්‍ය නායකයා වන්නා දීර්ඝායුෂ වින්දනය උරුම කර ගන්නා චරිතයක් සේ උන්වහන්සේ දක්වයි. සැබවින්ම ලෝකයේ කවර කලාපයක වූවද කවර මත මාන දිශානතියක වුවද රාජ්‍ය නායකයන් සියල්ල දීර්ඝ ජීවිත පරිච්ඡේදයක් හිමිකර ගත් අයුරු පෙනේ. එසේ නම් මේ බුදුන් වහන්සේ පවසන රාජ්‍ය නායකයා සහබන්ධ “ දීඝායුකො සෘද්ධිය ” කුමක්ද? මේ ගැන කතිකාමය කලාපයකට අන් කවර දේශයක් ජනතාවකටත් වඩා ලාංකික බෞද්ධයන් සංවේදී විය යුතු වේ.

 

නායකයා යෞවනයෙකු වූවද ඔහුට දීර්ඝායු හිමි නොවේ නම් ඒ පුද්ගලයාට රාජ්‍ය තාන්ත්‍රිකභාවය හිමිකර ගැනීම අසීරු යැයි උන්වහන්සේ වදාරන්නේ එබැවිණි. ඒ කියන්නේ යම් නායකයෙක් දීර්ඝායුෂ වින්දනය කරන්නේ නම් එයම රාජ්‍ය නායකයෙක්ගේ ලක්ෂණය බවයි. ගෞතම තථාගතයන් වහන්සේ කියා සිටින සේ “ වෘද්ධ ඥාණමය නායකත්වයක් උදාවන්නේ දීර්ඝ ජීවානාභාෂයක් ඔස්සේය. මෙය කොතරම් සත්‍යයක්දැයි වැටහෙන්නේ ලෝකය දෙස ඇස හැර බැලිය හැකි විටය. අපගේ දෘෂ්ඨීමය එකඟතා, විරෝධතා කෙසේ වුවද නායකයන් වූ සියල්ලෝම බොහෝ විට දිගු ආයුෂ ගෙවන්නේ මේ නිසා විය යුතුය.

 

මේ ඥාන කලාපය දේශපාලනයේ අලුත් ප්‍රවේශයක් විවර කිරීමකි. රාජ්‍ය නායකයෙකුගේ ඍද්ධින් අතර ඇති මේ දීර්ඝායූෂ සම්පත්තිය තව දුරටත් විහිදී ගලා යන අයුරු ගෞතමයන් වහන්සේ පැහැදිළි කරන ශෛලීය මන බිඳින සදාර්ශනික කතාවකි. විටෙක මනුෂ්‍යයන් අතරින් මනුෂ්‍යයෙක් නායකයන් වීම කෙරෙහි බලපාන ජානමය ඥානමය මෙන්ම භාවමය සහ සංසාරික පරිචයන්ද විහිදාලන ඥාන මාර්ගයක අපව කැඳවාලීමකි. දීර්ඝායුෂ ඍද්ධිය ඇති නායකයාට හිමිවන ගුණාංගයක් අතරින් මනුසත් වෙසින් සිටින කිසිවෙකුට ඔහුට ජීවිත හානියක් කිරීමට ඇති නොහැකියාවද එයට ඇතුලත්ය. ඒවගේම රාෂ්ඨීය නායකයා වන්නේ නිසඟ නිරෝගී මනා කාය මනසකින් හෙබි පුද්ගලයෙකු බවද උන්වහන්සේ කියා දෙයි. රාජ්‍ය නායකයන් වන්නේ ආරක්ෂිත දීර්ඝ කාලයක් ජීවත් වන්නන් අතර, ඔහුට රෝග පීඩා ඇති නොවේ. ඇති වේ නම් එය අවමද බව කියා සිටියි. එවිට ඇති වන කුකුස වන්නේ රාජ්‍ය නායකයා හෙවත් චක්‍රවර්තිමය නායකයා විශ්මීය උත්තුංගයක් බවය. සැබවින්ම රාජ්‍යය නායකයා යනු ඍද්ධිය කරුණු හතරකින් ප්‍රබලයා යන්න ගැන කරන දෙවන විග්‍රහය වූ මෙම දීර්ඝායුෂ නායකයා යන්න තුළින් එය මනාව විවරණය කරයි.

 

photo 1529485726363 95c8d62f656f

 

රාජ්‍ය නායකයන් කෙරෙහි බලපාන මෙම සුවිශේෂි ගුණාංගය පැහැදිලි කරමින් උන්වහන්සේ මේ පවසන දේ තව දුරටත් පැහැදිලි කරන්නේය. එනම් රාජ්‍යය පාලකයා රස ඉන්ද්‍රිය මනාව පිහිටා ඇති අයෙකු බවය. එනම් ආහාර රස සිරුර පුරා විහිදීයන භාව පූර්ණය මනාව ඉටු කරගත හැකි රස නහර පිපුණ පූර්ණ භාව තෘප්තියක් ඇති රසවත් මිනිසෙකුම රාජ්‍ය නායකයා විය යුතු බවයි මින් කියවෙන්නේ. මේ අනුව රාජ්‍යය පාලකයාගේ දීර්ඝායුෂමය ඍද්ධිය පිළිබඳව බුදුන් වහන්සේ ප්‍රධාන තේමා තුනක් පැහැදිළි කර දී ඇත.

 

“ රාජා චක්කවත්ති දීඝායුකෝ හොති චිරට්ඨිතිකො
රාජා චක්කවත්ති අප්පාබාධො හොති අප්පාතංකො
සමවෙපාකිණියා ගහණියා සමන්නාගගො
නාතිසීතාය නාච්චුණනාය........................”

 

නායකත්වය අත්පත් කර ගන්නා තරුණ වුවද මහළු වුවද පලක් නැත. ඔහු දීර්ඝායු ඇති තවත් මිනිසෙකුට ඝාතනය කළ නොහැකි වූද රස ඉන්ද්‍රිය මනාව පිහිටා තිබිය යුතුද අයෙක් විය යුතුය. නීරෝගී රෝගී නැති අයකු විය යුත්තේය. මානව සමාජය අතරින් නැඟී විකසිතව මතු වන්නේ එවන් නායකයන්ය. මේ රාජ්‍ය නායකයන් සැබවින්ම මෙතරම් සුවිශේෂි වන්නේ එසේ නම් කෙසේද. ඔවුන් මානව ජාන අතරින් විශේෂ ජාන ඇත්තෙකු සේ බුදුන් වහන්සේ මෙම කරුණ ඔස්සේ විවරණ කරයි. දිගු ජීවිත කාලයක් හිමිව නීරෝගීව තවත් මනුෂ්‍යයෙකුට ඝාතනය කළ නොහැකි එමෙන්ම රස ඉන්ද්‍රිය මනාව පූර්ණව තිබිය හැක්කේ අතලොස්සකටය. නායකයන් වෙන්නට හදන අයත් නායකයන් හදන්නට යන අයත් වටහාගත යුත්තේ ඍද්ධිය නායකත්වය අතර “ දීඝායුකො ” යන්න වෙනත් යමක් බවය.

 

පරිසඤ්ඤු පාලකයා (වායාම 55) - සුජිත් අක්කරවත්ත(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

වායාම මිට පෙර පළවූ ලිපි 57 මෙතනින්


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්