The Leader News
BREAKING
බලංගොඩ කස්සප හිමි ඇතුළු 7ක් රිමාන්ඩ්; මත්ද්‍රව්‍ය පරීක්ෂණවලටත් නියෝග●උසස් පාසල් සහතික අර්බුදය මැද ඉන්දුනීසියානු උප ජනාධිපති ධුරයෙන් ඉවත් වෙයි●සිනමාකාරයන් සොයාගත් අලුත් කලාව●“ප්‍රේම කරනා හැටි” ඉගෙන ගන්නා දිනය අද යි●'ඔත්තු බලන තරු' සහ අතුරුදන් වූ මිනිසුන්ගේ විමුක්ති සිනමාව●නව අයවැය සහ 2028 ණය අභියෝග පිළිබඳ එජාපයෙන් විශ්ලේෂණයක්●පනාමුරේ කතාව (19 කොටස) : මඩුවන්වෙල බූදලය මොළමුරේ පරපුරට | ඉන්දු පෙරේරා●බ්‍රිතාන්‍ය ශිෂ්‍ය වීසා ඉල්ලුම තියුණු ලෙස පහළට; සරසවි මූල්‍ය අර්බුදයක●ආන්දෝලනාත්මක සිදුවීම් මැද එන්වීඩියා ප්‍රධාන විධායක ධුරයෙන් ඉල්ලා අස්වේ●ඕස්ට්‍රේලියානු සරසවිවලට නව සීමා: ලාංකික සිසුන්ට බලපාන්නේ කෙසේද?●
Top Ad
විදේශ

උසස් පාසල් සහතික අර්බුදය මැද ඉන්දුනීසියානු උප ජනාධිපති ධුරයෙන් ඉවත් වෙයි

Awara

Awara

November 13, 2026 • 2:41 PM

උසස් පාසල් සහතික අර්බුදය මැද ඉන්දුනීසියානු උප ජනාධිපති ධුරයෙන් ඉවත් වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොව තෙවැනි විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය වන ඉන්දුනීසියාව මේ දිනවල දැඩි දේශපාලන කැළඹීමකට මුහුණ දී සිටී.
  • එරට උප ජනාධිපති 39 හැවිරිදි ගිබ්‍රාන් රකබුමිං රකා (Gibran Rakabuming Raka) සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ඊට ආසන්නතම හේතුවයි.
  • මතුපිටින් මෙය අධ්‍යාපන සහතිකයක් පිළිබඳ ගැටලුවක් ලෙස පෙනුණද, ඒ පිටුපස ඉන්දුනීසියානු දේශපාලනයේ දැවැන්ත බල අරගලයක් ක්‍රියාත්මක වන බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
  • ගිබ්‍රාන් සිංගප්පූරුවේ සහ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබා උපාධියක්ද හිමිකර ගෙන ඇති බව පැවසුවද, ඔහු උසස් පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කළ බවට පිළිගත හැකි සාක්ෂි නොමැති බව එරට ව්‍යවස්ථාදායක අධිකරණය පසුගිය මාසයේ තීන්දු කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ලොව තෙවැනි විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය වන ඉන්දුනීසියාව මේ දිනවල දැඩි දේශපාලන කැළඹීමකට මුහුණ දී සිටී.

එරට උප ජනාධිපති 39 හැවිරිදි ගිබ්‍රාන් රකබුමිං රකා (Gibran Rakabuming Raka) සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ඊට ආසන්නතම හේතුවයි.

මතුපිටින් මෙය අධ්‍යාපන සහතිකයක් පිළිබඳ ගැටලුවක් ලෙස පෙනුණද, ඒ පිටුපස ඉන්දුනීසියානු දේශපාලනයේ දැවැන්ත බල අරගලයක් ක්‍රියාත්මක වන බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

අධ්‍යාපන සුදුසුකම් සහ අධිකරණ තීන්දුව

ඉන්දුනීසියානු මැතිවරණ නීතියට අනුව, ජනාධිපති හෝ උප ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට නම් අපේක්ෂකයා අවම වශයෙන් උසස් පාසල් (High School) අධ්‍යාපනය සම්පූර්ණ කර තිබිය යුතුය.

ගිබ්‍රාන් සිංගප්පූරුවේ සහ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබා උපාධියක්ද හිමිකර ගෙන ඇති බව පැවසුවද, ඔහු උසස් පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කළ බවට පිළිගත හැකි සාක්ෂි නොමැති බව එරට ව්‍යවස්ථාදායක අධිකරණය පසුගිය මාසයේ තීන්දු කළේය.

2024 මැතිවරණ ප්‍රතිඵල අවලංගු කිරීමට තමන්ට බලයක් නොමැති බව අධිකරණය පැවසුවද, මෙම තීන්දුව පදනම් කරගනිමින් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට පාර්ලිමේන්තුව තුළ පියවර ගැනුණි.

ඒ අනුව, පසුගිය අඟහරුවාදා ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්තෝ හමුවී සිය ඉල්ලා අස්වීම භාර දුන් ගිබ්‍රාන්, බදාදා සවස් වන විට නිල වශයෙන් ධුරයෙන් ඉවත් විය.

විවාදාත්මක දේශපාලන ගමන


ගිබ්‍රාන් යනු ඉන්දුනීසියාවේ අතිශය ජනප්‍රිය හිටපු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (ජෝකොවි) ගේ වැඩිමහල් පුත්‍රයාය.

2019 වසරේදී සෝලෝ (Solo) නගරයේ නගරාධිපති ධුරයට තරග කරන තෙක් ඔහු චොකලට් සහ චීස් පෑන්කේක් අලෙවි කරන ව්‍යාපාර ඇතුළු ආහාර ව්‍යාපාර කිහිපයක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකි.

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට උප ජනාධිපති ධුරය සඳහා වූ අවම වයස් සීමාව (වයස අවුරුදු 40) ඔහු සම්පූර්ණ කර නොතිබුණි.

එවකට ව්‍යවස්ථාදායක අධිකරණයේ අගවිනිසුරුවරයා වූ ඔහුගේ මාමා කෙනෙකු (අන්වර් උස්මාන්) විසින් නාමයෝජනා භාර ගැනීමට ඔන්න මෙන්න කියා තිබියදී වයස් සීමාව ලිහිල් කරමින් දුන් තීන්දුවක් හරහා ගිබ්‍රාන්ට තරග කිරීමට අවස්ථාව හිමි විය.

පසුව එම අගවිනිසුරුවරයා ළබැඳියාවන් අතර ගැටුමක් (Conflict of interest) මත ආචාරධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු වී ධුරයෙන් ඉවත් කළද, ඔහු දුන් තීන්දුව එලෙසම ක්‍රියාත්මක විය.

ප්‍රබෝවෝ - ජෝකොවි සන්ධානයේ දෙදරීම

වත්මන් ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්තෝ මීට පෙර අවස්ථා දෙකකදී ජෝකොවි හමුවේ ජනාධිපතිවරණ පරාජය වූ අයෙකි.

2024 මැතිවරණයේදී ජෝකොවිගේ ජනප්‍රියත්වය තමන් වෙත ලබා ගැනීමේ උපායමාර්ගයක් ලෙස ප්‍රබෝවෝ විසින් ජෝකොවිගේ පුත්‍රයා සිය උප ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරා ගන්නා ලදී.

"ජෝකොවි සාධකය" මත ඔවුන් ජයග්‍රහණය කළද, මෙම දේශපාලන සන්ධානය ආරම්භයේ සිටම පැවතියේ අස්ථාවර මට්ටමක බව විශ්ලේෂකයෝ පවසති.

ජෝකොවිගේ සමීපතමයෙකු මෙන්ම ජනාධිපති ප්‍රබෝවෝගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ ලිස්ටියෝ සිගිත් ප්‍රබෝවෝ ඇතුළු සිව්දෙනෙකු ජනාධිපතිවරයාගේ දුරකථනයට රහසිගතව සවන් දුන් බවට චෝදනා එල්ල වීමත් සමඟ මෙම බෙදීම තවත් උග්‍ර විය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනාට එරෙහිව රාජද්‍රෝහී චෝදනා යටතේ විමර්ශන ආරම්භ කර ඇති බව ඉන්දුනීසියානු පොලිසිය බ්‍රහස්පතින්දා නිවේදනය කළේය.

ඉන්දුනීසියාවේ ඉදිරි දේශපාලන ගමන කුමක්ද?


ඉන්දුනීසියානු ව්‍යවස්ථාවට අනුව, පුරප්පාඩු වූ උප ජනාධිපති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් නම් කරන අපේක්ෂකයින් දෙදෙනෙකු අතුරින් අයෙකු දින 60ක් ඇතුළත එරට ඉහළම ව්‍යවස්ථාදායක මණ්ඩලය (MPR) විසින් තෝරා පත් කර ගත යුතුය.

මෙම සිදුවීමත් සමඟ ජෝකොවි හිතවාදීන් සිය සමීප කවයෙන් ඉවත් කර සිය 'ගෙරින්ද්‍රා' (Gerindra) පක්ෂය වටා බලය ඒකරාශී කර ගැනීමට ජනාධිපති ප්‍රබෝවෝට අවස්ථාව ලැබේ.

ජනප්‍රියත්වය පහත වැටීමේ අභියෝගය

බලය තනි පුද්ගලයෙකු වටා කේන්ද්‍රගත වීම තුළ රටේ සියලුම මහජන විරෝධතාවල ඉලක්කය ජනාධිපතිවරයා වෙත යොමු වීමේ අවදානමක් පවතින බව දේශපාලන විශ්ලේෂක කෙනඩි මුස්ලිම් පෙන්වා දෙයි.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී 81.2% ක් ලෙස පැවති ජනාධිපති ප්‍රබෝවෝගේ ජනප්‍රියත්වය මේ වන විට 44.5% ක් දක්වා පහත වැටී ඇති බව සමීක්ෂණ වාර්තා පෙන්වයි.

ආර්ථික අර්බුද, වීදි විරෝධතා සහ නොමිලේ ආහාර ලබා දීමේ වැඩසටහන වැනි ප්‍රතිපත්ති පිළිබඳ මහජන අප්‍රසාදය මධ්‍යයේ 2029 මීළඟ මැතිවරණය තෙක් සිය සන්ධානය පවත්වා ගැනීම ජනාධිපතිවරයාට ප්‍රබල අභියෝගයක් වනු ඇත.


වැඩිදුර තොරතුරු ඇතුළත් මූලාශ්‍ර සබැඳිය

The Guardian: Did Indonesia’s vice-president just resign because he didn’t have a high school diploma?


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...