බදු දැලෙන් රිංගා යන ව්‍යාපාරිකයන් මෙන්ම බදු අය කර ගැනීම් නිසි ලෙස ඉටු නොකරන

නිලධාරීන් පිළිබඳ සොයාගත හැකි පරිදි දත්ත එකතු කිරීමේ විද්‍යුත් ක්‍රමවේදය වන ‘රැම්ස්‘ තොරතුරු පද්ධතිය (Random access management information system) ලබන දෙසැම්බර් මස සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

බැංකු, රේගුව, සුරාබදු ආදී මුදල් ගනුදෙනු සිදු වෙන ආයතන ගණනාවක් මෙම ‘රැම්ස්‘ පද්ධතිය මඟින් නිරීක්ෂණයට ලක් වන අතර එය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වෙයි.

මෙයට වසර ගණනාවකට පෙර මෙම තොරතුරු පද්ධතිය ලංකාවට හඳුන්වා දී තිබු අතර නිලධාරීන් විදෙස් රටවලට ද යවා එම පද්ධතිය ක්‍රියාත්මක කරන ආකාරය ගැන පුහුණුව දී තිබුණ ද නොයෙක් තාක්ෂණික ගැටලු මතු කරමින් එය ක්‍රියාත්මක වීම ප්‍රමාද කර ඇති බව කියති.

මෙම නව පද්ධතිය මඟින් නිලධාරීන්ට ආදායම් බදු එකතු කර ගැනීමට පහසු වන අතර ආදායම් බදු නොගෙවා පැහැර හරින අය අනාවරණය කර ගැනීමටත් හැකියාව ලැබේ. ආදායම් ලිපි ගොනු විවෘත කර නැති පිරිස සොයා ගැනීම මෙන්ම නිලධාරීන් ආදායම් බදු එකතු කිරීම පැහැර හැර තිබේ නම් ඔවුන් පිළිබඳව මෙම නව ක්‍රමවේදය යටතේ හෙළිදරව් කර ගැනීමට අවස්ථාව සැලසේ.

මෙම පද්ධතිය හරියාකාරව ක්‍රියාත්මක වන්නේදැයි රජයේ බලය ලත් ප්‍රධානීන්ට ඔවුන්ගේ ජංගම දුරකථනය හෝ පරිගණකයෙන් පරීක්ෂා කිරිමට ද මෙහිදී අවස්ථාව හිමි වේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ගේ අධීක්ෂණය මත මේ වැඩසටහන ක්‍රියාත්මක වෙයි.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්