leader s

20/20 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබේ.


ඒ ඊයේ (01) උගන්ඩා කාන්තා කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 67කින් ජය ගැනීමත් සමග ය.

 


තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 154ක් ලබාගත්තේය.

එම ඉනිම වෙනුවෙන් විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 73ක් ලබාගැනීමට සමත් වුණි.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි උගන්ඩා කාන්තා කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු දෙකක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 87ක් පමණය.

 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙම තරගවටයේ දී ලබාගත් තෙවන ජයග්‍රහණය මෙය වේ.

(adaderana.lk)

 



සබැඳි පුවත් :
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දෙවන ජයත් වාර්තා කර පෙරමුණට

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්