leader s

අබුඩාබි නුවරදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලියේදී ස්කොට්ලන්තය කඩුලු 10 ක් පරාජය කළ

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණට පැනගත්හ.

සෙනසුරාදා (27 වැනිදා) රාත්‍රියේ අබුඩාබිහිදී පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 95 ක සම්බන්ධතාවක් පැවැත්වූ විශ්මි ගුණරත්න (නොදැවී 24) සහ නායිකා චමරි අතපත්තු (නොදැවී 59) ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10 ක ජයක් කරා කැඳවාගෙන ගියහ.

පන්දු 26 කින් ලකුණු 24 ක් ලබාගත් විශ්මි ගුණරත්න තම කඩුල්ල ආරක්‍ෂාකරගෙන සිටිද්දී ආක්‍රමණයට පිවිසි චමරි අතපත්තු පන්දු 35 කින් ලකුණු 59 ක් ලබාගත්තාය. ඇයගේ ඉනිම හතරේ පහර 10 කින් සහ හයේ පහරකින් සමන්විත විය.

කාසියේ වාසිය දිනාගත් චමරි අතපත්තු කිසිදු පැකිළීමකින් තොරවම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තාය.

SL women
ඉනෝෂි ප්‍රියදර්ශනී (11/3) සහ සුගන්ධිකා කුමාරි (27/2) හමුවේ ස්කොට්ලන්ත පිතිකාරිණියන් එකා පසුපස එකා දැවී ගියහ. 10 වැනි ඕවරය නිමාවේදී ස්කොට්ලන්ත ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 5 කට 52 ක් ලෙසිනි. ඒ වන විට ඉනෝෂි ප්‍රියදර්ශනී, ඕවර 3 කදී ලකුණු 06 කට කඩුලු 3 ක් දවාගෙන සිටියාය.

අවසන් ඕවර හතර ආරම්භ වීමට පෙර ලකුණු සංඛ්‍යාව කඩුලු 6 කට 79 ක් දක්වා ඉහළ ගොස් තිබුණ නමුත් කවීෂා දිල්හාරි සහ සුගන්ධිකා කුමාරි එක්ව පන්දු 9 ක් ඇතුළතදී ස්කොට්ලන්ත ඉනිම නිමා කළහ.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තිබුණේ ලකුණු 95 ක පහසු ඉලක්කයකි.

idoeiei

ඕවර 3.1 (පන්දු 19) ලකුණු 13 කට කඩුලු 4 ක් දවාගත් පිට දඟ පන්දු යවන්නී, කවීෂා දිල්හාරි, තරගයේ දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමිකර ගත්තාය.

මෙම තරගාවලියේ සහභාගී වූ පළමු තරගයේදී තායිලන්ත කාන්තා කණ්ඩායම පරදවා ලකුණු 67ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම  සමත් විය.

ඒ අනුව, සුදුසුකම් තේරීමේ තරගාවලියේ පළමු තරග දෙකම ජයගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටී.

ස්කොට්ලන්ත කාන්තාවෝ - ඕවර 18.1 කදී 94 යි
(කැත්රින් බ්‍රයිස් 22, ඇලිසා ලිස්ටර් 13, ලෝනා ජැක් 24, ඉනෝෂි ප්‍රියදර්ශනී 11/3, සුගන්ධිකා කුමාරි 27/2, කවීෂා දිල්හාරි 13/4)

ශ්‍රී ලංකා කාන්තාවෝ - කිසිවකු නොදැවී 95 යි
(විශ්මි ගුණරත්න නොදැවී 24, චමරි අතපත්තු නොදැවී 59)

(kelimandala.lk)

 

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්