The Leader News
BREAKING
Top Ad
Biz

අපනයන ආදායම ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරයි

T

The Leader Desk

February 2, 2023 • 5:15 AM

අපනයන ආදායම ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව අපනයනනේ ඉපයූ ඉතිහාසයේ වැඩිම අගය 2022 වසරේදී වාර්තා කර ඇත. එය අමෙරිකානු ඩොලර් බිලියන 13කට අධිකය.
  • මෙරට අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 13 ඉක්මවා ගියේ ඉතිහාසයේ ප්‍රථම වරටයි.
  • මීට පෙර ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලබා තිබුණේ 2021 වසරේයි.
  • එහිදී ලද ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 12.5කි.
අකුරු ප්‍රමාණය (Font Size):



ශ්‍රී ලංකා මහ බැංකු පැවසුවේ 2022 වසරේ අපනයන ආදායම, 2021 වසරේ වාර්තා වූ ඉහළම අගයට වඩා සියයට 4.9ක ඉහළ යෑමක් බවයි. මෙරට අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 13 ඉක්මවා ගියේ ඉතිහාසයේ ප්‍රථම වරටයි.

මීට පෙර ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලබා තිබුණේ 2021 වසරේයි. එහිදී ලද ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 12.5කි.


2022 අපනයන ආදායම වැඩි වුණේ මෙහෙමයි

Exports.jpg1

ඉකුත් 2022 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 13.1ක අපනයන ආදායමක් ලබා ඇත. මෙම වර්ධනය සඳහා ඇඟලුම්, මැණික්, දියමන්ති හා ස්වර්ණාභරණ, යන්ත්‍රසූත්‍ර හා යාන්ත්‍රික උපකරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදිත ඇතුළු කාර්මික අපනයන මෙම ආදායම ඉහළ යෑමට හේතු වී ඇත.

එහිදී වැඩිම ආදායමක් උපයා ඇත්තේ රෙදි පිළි සහ ඇගලුම් අපනයනයෙනි. 2021 වසරට සාපේක්ෂව 2022 වසරේ එහි අපනයන වැඩිවීම අමෙරිකානු ඩොලර් මිලියන 516.9කි. මැණික්, දියමන්ති සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ අපනයන ආදායමේ වැඩිවීම 2021 වසරට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 173.8 කි.


වෙළෙඳ ගිණුමේ සමස්ත හිඟයෙහි පහළ යෑම සඳහා බලපෑ ප්‍රධාන අයිතම පහතින් දැක්වේ.

Exports.jpg2

ඉකුත් දෙසැම්බර් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,068ක් දක්වා ඉහළ ගොස් ඇත. එය 2021 වසරේ දෙසැම්බර් මාසය සාපේක්ෂව සියයට 7.7ක ඉහළ යාමකි.

මේ අතර, 2022 වසරේ සමස්ත ආනයන වියදම, සියයට 11.4ක පහළ ගොස් ඇත. එය දැක්වුණේ අමෙරිකානු ඩොලර් මිලියන 18,291ක් ලෙසයි. මේ සඳහා හදිසි නොවන ආනයන සීමා කීරීමට ගත් ක්‍රියාමාර්ග සහ 2022 වසරේ වැඩි කාලයක් වෙළඳපොළ තුළ පැවති විදේශ විනිමය ද්‍රවශීලතා ගැටළු හේතු වී ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස 2022 වසරේ වෙළඳ ගිණුමේ හිඟය, 2021 වසරේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 8,139 සිට, 2010 වසරේ සිට වාර්තා වූ අවම අගය ලෙස, අමෙරිකානු ඩොලර් මිලියන 5,185 දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බංකුව පවසයි.

economy 3

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...