The Leader News
BREAKING
Top Ad
Biz

ශ්‍රී ලංකාව මැලේසියාවේ විදුලි සන්දේශ යටත් විජිතයක් වන ලකුණු?

T

The Leader Desk

March 26, 2023 • 4:43 PM

ශ්‍රී ලංකාව මැලේසියාවේ විදුලි සන්දේශ යටත් විජිතයක් වන ලකුණු?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ටෙලිකොම් රජය සතු 49.5% විකුණන්නේ නම් 44.98% ක් කොටස් හිමි මැලේසියාවේ GTLH වෙත විකිණිය යුතුයි.
  • එමනිසා මැලේසියානු සමාගම විසින් ඉතිරි කොටස් මිලදී ගැනීම ප්‍රතික්ශේප කලහොත් පමනක් රජයට තෙවැනි පාර්ශවයකට තමාසතු 49..5 % ක කොටස් විකිණිය හැකිවේ.
  • දැනටමත් ඩයලොග් ආයතනයේ 82.74% කට වඩා වැඩි කොටස් ප්‍රමාණයක් මැලේසියාවේ ඩයලොග් ආසියාටා සතුවන අතර ටෙලිකොම් ආයතනයත් මැලේසියාව සතුවූ විට ශ්‍රී ලංකාවේ සමස්ථ විදුලි සන්දේශ අයිතිකරු මැලේසියාව වනු ඇත.
  • ගිවිසුම කඩකර ලයිකා මොබයිල්, රිලයන්ස්, අම්බානි වැනි තෙවැනි ගැනුම්කරුවෙකට රජය සතු කොටස් පැවරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ තිරය පිටුපස සිටින ගෝල බාලයන් උත්සාහය දරමින් සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):



ටෙලිකොම් පෞද්ගලීකරණ ගිවිසුම අනුව මැලේසියානු ජාතික ශ්‍රී ලංකා සම්භවයක් හිමි දමිළ බෞද්ධ ආනන්ද ක්‍රිෂ්ණන් සතු GTLH සහ ශ්‍රී ලංකා රජය සතු කොටස් තෙවන පාර්ශවයකට විකිණීමට තහංචි පනවා ඇත. එමනිසා මැලේසියානු සමාගම විසින් ඉතිරි කොටස් මිලදී ගැනීම ප්‍රතික්ශේප කලහොත් පමනක් රජයට තෙවැනි පාර්ශවයකට තමාසතු 49..5 % ක කොටස් විකිණිය හැකිවේ.

දැනටමත් ඩයලොග් ආයතනයේ 82.74% කට වඩා වැඩි කොටස් ප්‍රමාණයක් මැලේසියාවේ ඩයලොග් ආසියාටා සතුවන අතර ටෙලිකොම් ආයතනයත් මැලේසියාව සතුවූ විට ශ්‍රී ලංකාවේ සමස්ථ විදුලි සන්දේශ අයිතිකරු මැලේසියාව වනු ඇත. දකුණු ඉන්දියනු, පෘතුග්‍රීසි, ලංදේසි සහ ඉංග්‍රීසි යටත් කර ගැනීම් වලට සාපේක්ෂව මෙය සුන්දර අත්පත් කරගැනීමකි.

ගිවිසුම කඩකර ලයිකා මොබයිල්, රිලයන්ස්, අම්බානි වැනි තෙවැනි ගැනුම්කරුවෙකට රජය සතු කොටස් පැවරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ තිරය පිටුපස සිටින ගෝල බාලයන් උත්සාහය දරමින් සිටී.

ඔහුන් තම අරමුණ ජයගත්තද අනාගතයේ දිනක ජාත්‍යන්තර අධිකරණයක් හමුවේ GTLH (මැක්සීස්) වෙත අති විශාල වන්දි මුදලක් ගෙවීමට සිදුවනු ඇත. එය සමහර විට රජය සතු කොටස් විකුණා ලබාගන්නා මුදලටත් වඩා වැඩිවනු ඇත.

අතට ලැබෙන ඩොලර් ගැන පමනක් හිතන ජාතියකට, ලෝකයේ සියළුම රටවල් හා දැනට සම්බන්ධවී තිබෙන ටෙලිකොම් සතු සබ්මැරීන් ෆයිබර් ඔප්ටික් කේබල් පද්ධතියද මේ අනුව අහිමි වනු ඇත.


Lalitha Hewa(ලාලිත හේවාගමගේ)
සමාජ මාධ්‍ය ක්‍රියාකාරික
mail4hewagamage@gmail.com

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...