The Leader News
BREAKING
Top Ad
Biz

සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් ශ්‍රී ලංකන් ගොඩගන්න අත ගහයි

T

The Leader Desk

April 29, 2024 • 4:47 AM

සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් ශ්‍රී ලංකන් ගොඩගන්න අත ගහයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආර්.එම්. මනිවන්නන්
  • මනිවන්නන් සභාපතිත්වයෙන් යුතු සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අත්පත් කර ගැනීම සඳහා ලංසු තැබීමේ ක්‍රියාවලියට පිවිස ඇත.
  • Dharshaan Elite Investment Holding (Pvt) Ltd 3.
  • FITS Aviation (Private) Limited 4.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය සඳහා කළ අභිලාෂ කැඳවීම්වලට කැමැත්ත පළ කළ සමාගම් 06 අතර  'ශෙරිෂා ටෙක්නොලොජීස් (Sherisha Technologies Private Limited ) සමාගම ද සිටින බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ගුවන් සේවා ක්‍ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් සිදු කරමින් මෙරට ජාතික ගුවන් සේවය අන්තර්ජාතික තලයට ගෙන ඒමටත් වර්තමානයේ පත්ව ඇති ඛේදනීය තත්ත්වයෙන් මුදවා ගැනීමටත් මැදිහත්කරුවෙක් ලෙස ක්‍රියා කිරීමට මෙරට කීර්තිමත් ව්‍යවසායකයෙක් වන ආර්.එම්. මනිවන්නන් සභාපතිත්වයෙන් යුතු සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අත්පත් කර ගැනීම සඳහා ලංසු තැබීමේ ක්‍රියාවලියට පිවිස ඇත.

පසුගියදා අවසන් වූ කැමැත්ත ප්‍රකාශ කිරීමේ (EOI) ක්‍රියාවලියට පිවිසීම හරහා 'සුප්‍රීම් ග්ලෝබල් සමාගම' විසින් අනුග්‍රාහකත්වය දක්වන ''ශෙරිෂා ටෙක්නොලොජීස් සමාගමේ'' ඉදිරිපත් වීම සුවිශේෂී සහභාගීත්වය දැකගත හැකි වූ අතර, මෙම සමාගම විසින් ගුවන් සේවය අත්පත් කරගතහොත් එය මෙරට ජාතික ගුවන්සේවයේ ගුවන් සමාගමේ හිමිකාරිත්වය සහ කළමනාකාරිත්වයේ පරිවර්තනීය වෙනසක් පෙන්නුම් කිරීමට සමත් වනු ඇතැයි ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් කිහිප දෙනෙකුම අදහස් පළකර ඇත. 
 
 
 
ශ්‍රීලංකන් ගුවන් සේවය මිල දී ගැනීම සඳහා කැමැත්ත පළ කර ඇති පාර්ශව 6 පහත පරිදි වේ.

1. AirAsia Consulting Sdn. Bhd.

2. Dharshaan Elite Investment Holding (Pvt) Ltd

3. FITS Aviation (Private) Limited

4. Sherisha Technologies Private Limited

5. Treasure Republic Guardians Limited

6. Hayleys PLC
 
උපායමාර්ගික සන්ධානයක් 

සුප්‍රීම් ග්ලෝබල් සමාගම විසින් MBS Investments, කටාර්හි ශෙයික් නයෙෆ් බින් ඊඩ් අල්තානි ගේ පුද්ගලික කාර්යාලයේ ආයෝජන අංශය සහ කලින් SunEdison Energy India පුද්ගලික සමාගම ලෙස හැඳින්වූ Sherisha Technologies පුද්ගලික සමාගම ඇතුළු ප්‍රබල ආයෝජක සමාගම් කිහිපයක එකමුතුවෙන් ශක්තිමත් සමුහයක් පිහිටුවා ඇත. 

supremeglobal logoමෙම උපායමාර්ගික සන්ධානය ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අත්පත් කර ගැනීම සඳහා 'සුප්‍රීම් ග්ලෝබල්' හි ප්‍රයත්නයට අනුග්‍රහය දැක්වීම සඳහා සැලකිය යුතු මූල්‍ය හා මෙහෙයුම් උපක්‍රමික හා උපායමාර්ගික ශක්තිමත්භාවයක් ලංසු තැබීමේ ක්‍රියාවලියට දායකත්වය ලබා දී තිබේ.

මූල්‍ය අලාභ සහ උපායමාර්ගික නොගැලපීම් ඇතුළුව වසර ගණනාවක් පුරා අභියෝග රාශියකට මුහුණ දුන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පුද්ගලීකරණය කිරීමේ ක්‍රියාවලිය ඉතාමත් තීරණාත්මක අදියරකට පැමිණ ඇත. 
 
'සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගම' මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයට සිය අනුබද්ධිත සමාගම් හා සේවා හරහා විවිධාංගීකරණ ව්‍යාපාර ක්ෂෙත්‍රයන් ඔස්සේ දේශීය ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන අතර  පළපුරුදු ව්‍යවසයකත්වය හා ජාත්‍යන්තර ව්‍යවසායක සමාගම් හා එකතුව ගොඩ නගන්නාවු මූල්‍යමය ශක්තියෙන් ශ්‍රී ලංකාව වඩාත් සමෘධිමත් දිශානතියකට යොමු කිරීමට පුද්ගලික ව්‍යවසායකත්වය හැකියාව ඇති සුප්‍රීම් ග්ලෝබල් සමාගම ඒ වෙනුවෙන් නව්‍ය හා උපායමාර්ගික සැලසුම් හඳුන්වාදීම මගින් ශ්‍රී ලංකාවේ ගුවන් සේවයට අවශ්‍ය ජවය සහ ලාභ සහිත ව්‍යාපාරයක් ලෙස වර්ධනය කර සුබදායක දිශානතියකට යොමු කිරීමට මූලික පියවර දැනටමත් අරඹා ඇත.
 
ඉන්දීය හා කටාර් හවුල්කාරිත්වය

ඉන්දු-ලංකා කලාපයේ වත්මන් භූ දේශපාලන ගතිකත්වය අනුව මෙම ලංසුව විශේෂයෙන් කැපී පෙනේ. 

'ෂෙරීෂා පුද්ගලික සමාගම'ට ඉන්දීය රජයේ සහය ලැබෙන බව දැඩි ලෙස විශ්වාස කරන අතර, ශ්‍රී ලංකා සමාගමක් ප්‍රබල ඉන්දීය සමාගමක් සමඟ සම්බන්ධ වීම සහ කටාර් ආයතනයකින් සැලකිය යුතු මූල්‍ය අනුග්‍රහයක් ලැබීම, මෙම කලාප අතර සබඳතා සහ අන්‍යෝන්‍ය අවශ්‍යතා ශක්තිමත් කිරීම සංකේතවත් කරයි.

එමෙන්ම කටාර්හි අති විශාල ආයෝජනයක් සහ උපාය මාර්ගික ව්‍යවසායක ක්‍රියාවලිය ගෝලීය වශයෙන් මෙම ක්‍රියාවලිය ප්‍රබල බවට පත් කරයි,

මෙම හවුල්කාරීත්වය හරහා මෙම සමාගම විසින් ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් අත්පත් කරගතහොත් වැඩිදියුණු කළ මෙහෙයුම් හැකියාවන් සහ වඩා හොඳ මූල්‍ය ස්ථාවරත්වයක් සඳහා මෙම සබඳතා උපයෝගී කර ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අවස්ථාව සැලසෙනු ඇතැයි මුල්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රවීනයින් කිහිපදෙනෙකුගේ ම  අදහසවී තිබේ. 

ඉන්ධන අර්බුදයෙන් ලංකාව ගලවා ගත් හැටි..

මෑත කාලීනව ශ්‍රී ලංකාව තුල විශාල අර්බුදයක් නිර්මාණය කල බලශක්ති අර්බුදය තුළ අසරණ වූ පොදු ජනතාව ගේ ජීවිත යළිත් යම්තාක් දුරට හෝ යතාවත් කරන්නට මෙන්ම යළිත් ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් සමාගම සිය කැපවීම සක්ෂි සහිතව පෙන්නුම් කර ඇත. 
 
එහිදී සෑම විදේශ ඉන්ධන සැපයුම්කරුවෙක් ම බංකොලොත් යැයි හංවඩු ගැසූ මේ ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා දීම ප්‍රතික්ෂේප කරද්දී, ඉන්ධන නොමැතිව මෙරට ආර්ථිකය සීඝ්‍රයෙන් කඩා වැටෙද්දී, ඒ හරහා ගිණි ඇවිළෙමින් ශ්‍රී ලංකාව දවා අළු කරමින් සිටි ගැඹුරු ආර්ථික අර්බුදයක් වැලැක්වීමට උපකාරී වූ ඉන්ධන ගෙවීම් සඳහා ශ්‍රී ලංකා රුපියල් භාර ගැනීම වැනි නව්‍ය ගෙවීම් විසඳුම් සමඟින් සියලු පුද්ගලික ව්‍යවසායකයින් කර හරිද්දී 'සුප්‍රීම් ග්ලෝබල් සමාගම' මූල්‍යමය වශයෙන් අර්බුදකාරී රටට ඩොලර් බිලියන 1.5 කට අධික ණය ලබා දීමෙන් මියැදමින් තිබූ මෙරට ආර්ථිකය ට නව ජීවන මාර්ගයක් ලබා දුන්නේය.
 
ඒ අනුව සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් විසින් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අනාගත අත්පත් කර ගැනීම තවදුරටත් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් කරන සහ සංවර්ධනය නව දිශානතියකට යොමු කරන ගමනක සුබවාදී ඇරඹුමක් වනු ඇතැයි මුල්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින් කිහිපදෙනෙකු අනාවැකි පළකර ඇත. 

දකුණු ආසියාවේ සාර්ථක බහුජාතික සහයෝගීතාවය
 
ජනතාවට බරක් වූ 'ශ්‍රී ලංකන්' විකුනන්න යයි
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ කටාර් යන රටවල ව්‍යාප්තව ඇති ඒකාබද්ධ වාණිජ හා ක්‍රමෝපායික විශේෂඥතාව සහ සම්පත් ශ්‍රී ලංකන් ගුවන් සේවය පුනර්ජීවනය කිරීමට පමණක් නොව ජාත්‍යන්තර ගුවන් සේවා වෙළඳපොළ තුළ එහි තරඟකාරිත්වය ඉහළ නැංවීමට ද ශපත කර ඇත.
 
මෙම හවුල්කාරීත්වයට සම්බන්ධ පාර්ශ්වකරුවන් සහ මැදිහත්කරුවන් සමීපව නිරීක්ෂණය කරන විට මෙම ව්‍යවසයක තීරණය තුල ක්‍රමක්‍රමයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අනාගත ගමන් මග පිළිබඳව යහපත් සුබවාදී බලාපොරොත්තු තබා ගත හැකි අතරම සෑම අංශයකින්ම ජාතික ගුවන් සේවය සංවර්ධනය කිරීමට විශාල හැකියාවක් ඇත.
 
මෙම අත්පත් කර ගැනීම දකුණු ආසියාවේ සාර්ථක බහුජාතික සහයෝගීතාවයේ  ව්‍යවසායකත්ව සන්ධානයක් ලෙසින් ආදර්ශයක් බවට පත් කරමින් රටක් සංවර්ධනයට පුද්ගලික සමාගම් වල හවුල්කාරීත්වයක් විසින් සිදු කළ විශිෂ්ටතම සන්ධානගත ක්‍රියාවලිය ලෙසින් ගෝලීය ආර්ථික ව්‍යුහය තුළ නිර්වචනය කළ හැකිය.

 (විශේෂ ලියුම්කරුවකු විසිනි)

Sherisha Technologies backed by Supreme Global Holdings in the race to acquire Sri Lankan, supported by Qatar funding

සබැඳි පුවත් :

ශ්‍රීලංකන් මිලට ගන්න ධම්මිකත් කැමැත්තෙන් !



 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් ශ්‍රී ලංකන් ගොඩගන්න අත ගහයි | The Leader