The Leader News
BREAKING
අභ්‍යවකාශය ජයගත් ලංකාවේ මනිවන්නන් චීනයේදී ලෝකයටම දුන් පණිවිඩය●අයාලේ යන ගවයන් ගැන ඉන්දියානු දෘෂ්ටියෙන් සානුකම්පිත බැල්මක්●කුණු කූඩයට යන ෂටල්කොක්වලින් ලෝකය දිනූ 18 හැවිරිදි පාසල් සිසුවිය● කොළඹ වරායේ ඉඩම් බදු දීම සහ ඒකාධිකාරය පිළිබඳ පාර්ලිමේන්තු විමසුමක්●කඩා වැටෙන මුදල් ඒකකය බේරාගන්න ඉන්දුනීසියාව පොලී අනුපාත ඉහළ දමයි●මහා බලවතුන්ගේ යෝල්ටා සමුළුව වෙනුවට ‘නාලන්දා සංවාදයකට’ කාලයයි●රාමසාන් සමයට පෙර ඩොලරය පාලනයට බංග්ලාදේශයෙන් නව මෙහෙයුමක්●රනිල් මහින්දට සුබ පතයි; දයාසිරිට ලොකු තනතුරක්●ක්‍රිෂ් නඩුවේ විමර්ශන පුළුල් වෙයි; ඉන්දීය අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුට වරෙන්තු සූදානමක්●යාපනයේ මගේ Encyclopedia ව නික්ම ගොසිනි●
Top Ad
විශේෂාංග

අයාලේ යන ගවයන් ගැන ඉන්දියානු දෘෂ්ටියෙන් සානුකම්පිත බැල්මක්

Nethmini

Nethmini

November 20, 2026 • 3:45 PM

අයාලේ යන ගවයන් ගැන ඉන්දියානු දෘෂ්ටියෙන් සානුකම්පිත බැල්මක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාලඹේ, කහන්තොට, අතුරුගිරිය සහ වල්ගම ඇතුළු ප්‍රදේශවලින් ලැබුණු මහජන පැමිණිලි පදනම්ව, කඩුවෙල මහ නගර සභාව විසින් අයාලේ යන ගවයන් අල්ලා ගැනීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කොට ඇති බව වාර්තා වේ.
  • එනිසා එම සතුන් මස් පිණිස යොදා ගැනීමේ අවදානමක් පවතින බවට සත්ව හිමිකම් ක්‍රියාධරයන් එල්ල කරන චෝදනා හේතුවෙන් මේ වන විට සමාජය තුළ විවාදාත්මක කතිකාවක් ගොඩනැඟී තිබේ.
  • එම ගොවිපළ තුළ සෘජු ගව ඝාතන සිදු නොවුණද, කිරි වැරූ එළදෙනුන් ඇතුළු සත්ව කාණ්ඩ ටෙන්ඩර් පටිපාටියක් යටතේ බැහැර කිරීමේ (Culling) ක්‍රියාවලියක් සිදු වෙමින් පැවතීම සත්ව හිමිකම් ක්‍රියාධරයන්ගේ සැකය තවදුරටත් තීව්‍ර කිරීමට හේතු වී ඇත.
  • ඒ අතරේ මෙම රැකබලා ගැනීම ඔවුන් ඝාතනය කිරීමකින් කෙළවර නොවන බවට රජයේ වගකිව යුතු පාර්ශ්වයක කිසිවකුගෙන් පැහැදිලි අදහසක් පළ නොවීම ද බොහෝ දෙනකුගේ කුකුසට හේතු වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

මාලඹේ, කහන්තොට, අතුරුගිරිය සහ වල්ගම ඇතුළු ප්‍රදේශවලින් ලැබුණු මහජන පැමිණිලි පදනම්ව, කඩුවෙල මහ නගර සභාව විසින් අයාලේ යන ගවයන් අල්ලා ගැනීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කොට ඇති බව වාර්තා වේ. මෙම මෙහෙයුමේ මුල් දින තුන තුළ පමණක් ගවයන් 35 දෙනෙකු අල්ලා ගැනීමට හැකි වූ අතර, ඉන් ගවයන් 21 දෙනෙකු අනුරාධපුරයේ සිට කිලෝමීටර 23ක් පමණ දුරින් පිහිටි, පරසන්ගස්වැව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ (NLDB) ගොවිපළ වෙත යොමු කළ බව කඩුවෙල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න විසින් තහවුරු කොට තිබේ.

NLDB ගොවිපළට යොමු කළ ගවයන්ගේ ඉරණම කුමක්ද?

කෙසේ වෙතත්, මෙම සතුන් එහි රඳවා තබා ගන්නා නිශ්චිත කාලසීමාව පිළිබඳ නිශ්චයක් නොමැත. එනිසා එම සතුන් මස් පිණිස යොදා ගැනීමේ අවදානමක් පවතින බවට සත්ව හිමිකම් ක්‍රියාධරයන් එල්ල කරන චෝදනා හේතුවෙන් මේ වන විට සමාජය තුළ විවාදාත්මක කතිකාවක් ගොඩනැඟී තිබේ.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) යනු පශු සම්පත් සංවර්ධනය, අභිජනනය, කිරි සහ පශු නිෂ්පාදන කළමනාකරණය සඳහා පිහිටුවන ලද ලාභාපේක්ෂිත ආයතනයක් මිස, වයස්ගත හෝ අසරණ සතුන් රැකබලා ගන්නා රැකවරණ නිවාසයක් (Sanctuary) නොවේ. එම ගොවිපළ තුළ සෘජු ගව ඝාතන සිදු නොවුණද, කිරි වැරූ එළදෙනුන් ඇතුළු සත්ව කාණ්ඩ ටෙන්ඩර් පටිපාටියක් යටතේ බැහැර කිරීමේ (Culling) ක්‍රියාවලියක් සිදු වෙමින් පැවතීම සත්ව හිමිකම් ක්‍රියාධරයන්ගේ සැකය තවදුරටත් තීව්‍ර කිරීමට හේතු වී ඇත.


ඒ අතරේ මෙම රැකබලා ගැනීම ඔවුන් ඝාතනය කිරීමකින් කෙළවර නොවන බවට රජයේ වගකිව යුතු පාර්ශ්වයක කිසිවකුගෙන් පැහැදිලි අදහසක් පළ නොවීම ද බොහෝ දෙනකුගේ කුකුසට හේතු වී තිබේ. එමෙන්ම කඩුවෙල මහ නගර සභාවේ මෙම ක්‍රියාව ආදර්ශයට ගනිමින් අප රටේ සෙසු පළාත් පාලන ආයතන ද අයාලේ යන අසරණ ගවයනට මෙම ඉරණම උදා නොකරන බවට අපට සහතික විය නොහැකි බවට ද මත පළ වෙමින් තිබේ. ඒ පිළිබඳව මෙම කරුණු දැක්වීම සිදු කරනුයේ එම පදනමේ සිට බව පළමුව ප්‍රකාශ කළ යුතුය.

ශ්‍රී ලාංකික සහ භාරතීය සංස්කෘතිය තුළ ගවයාට හිමි තැන

ශ්‍රී ලාංකීය ජන සමාජයේ ගවයාට හිමි වනුයේ උතුම් තැනකි. අතීතයේ අප ජන සමාජයේ අතිශය ප්‍රචලිතව තිබූ සුත්ත නිපාතයේ බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය ගව ඝාතනයේ බරපතළ විපාක දක්වා තිබේ. එහි සඳහන් කරුණු භාරතීය වෛදික සම්ප්‍රදායට අයත් මහා භාරතය, මනුස්මෘතිය, භාගවත පුරාණය, අථර්වවේදය යන භාරතීය මූලාශ්‍රවලට සමාන්තර බව පෙනී යයි.

එමෙන්ම අතීතයේ සිට කෘෂිකර්මය සිය ප්‍රධාන ජීවිකාව කොට ගත් අපගේ ගැමි සමාජය ගවයාට දරුවකු මෙන් සැලකූ බවත් ගව මස් අනුභවය නීච කටයුත්තක් සේ සැලකූ බවත් පෙනේ. එමෙන්ම මෙම ජන සංස්කෘතික මූලයට භාරතීය සම්භවයක් ඇති බවත් අතිශයින් පැහැදිලි ය.

ඉන්දියාවේ ගව සංරක්ෂණ නීති සහ ප්‍රාන්ත ප්‍රවේශයන්


මෙම තත්ත්වය හමුවේ, අයාලේ යන ගවයන් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව අනුගමනය කරන නීතිමය සහ සංස්කෘතික ප්‍රවේශයන් අධ්‍යයනය කිරීම වැදගත් වේ. හින්දු ආගම තුළ එළදෙන පූජනීය සත්වයකු ලෙස සැලකීම ඉන්දියාවේ ගව සංරක්ෂණ ප්‍රතිපත්තිවල ප්‍රධාන සංස්කෘතික පදනම වී ඇත. එහෙත් ඉන්දියාවේ ගව ඝාතනය පිළිබඳ නීති මධ්‍යම රජයට වඩා ප්‍රාන්ත මට්ටමින් විවිධ ස්වරූප ගනී.

උත්තර ප්‍රදේශ්, මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන්, ගුජරාට් සහ මහාරාෂ්ට්‍ර ඇතුළු ප්‍රාන්ත 20කට වැඩි සංඛ්‍යාවක ගව ඝාතනය මෙන්ම ගව මස් විකිණීම හා ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. එම නීති උල්ලංඝනය කරන්නන්ට වසර 10ක් දක්වා සිරදඬුවම් නියම කළ හැකිය. ඊට සාපේක්ෂව කේරළය, බටහිර බෙංගාලය, අරුණාචල් ප්‍රදේශ්, මිසෝරාම් සහ නාගාලන්තය වැනි ප්‍රාන්තවල ගව ඝාතනයට සහ ගව මස් අලෙවියට නීතිමය අවසරය පවතී. එමෙන්ම ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල මී ගවයන් ඝාතනයට අවසර ඇති අතර, එරටින් අපනයනය කරන ‘බීෆ්’ නිෂ්පාදනවලින් 90%ක් පමණ මී ගව මස් වීම විශේෂත්වයකි.

'ගෝශාලා' සහ 'රාෂ්ට්‍රීය ගෝකුල්' මෙහෙයුමේ සාර්ථකත්වය

ගව රැකවරණය සහ කළමනාකරණය සඳහා ඉන්දියාව සාම්ප්‍රදායික සහ නවීන ක්‍රමවේද ඒකාබද්ධ කළ සුවිශේෂී ආකෘතියක් ක්‍රියාත්මක කරයි. ආගමික, ප්‍රජා හෝ පුණ්‍ය සංවිධාන මඟින් පවත්වාගෙන යන ‘ගෝශාලා’ (Goshala) ආකෘතිය හරහා අයාලේ යන, වයස්ගත හෝ කිරි අස්වැන්න අඩු ගවයන්ට ජීවිත කාලය පුරාම රැකවරණය සැපයේ.

පන්සල්, කෝවිල් සහ ග්‍රාමීය ප්‍රජාවන් හරහා සතුන්ට රැකවරණය දීමේ සම්ප්‍රදායක් ශ්‍රී ලංකාවේ ද පැවතුණද, ඉන්දියාව එම සංකල්පය නවීන රාජ්‍ය ප්‍රතිපත්ති සහ මූල්‍ය යාන්ත්‍රණ සමඟ ඒකාබද්ධ කර තිබීම කැපී පෙනේ. 2014 දෙසැම්බර් මාසයේදී ආරම්භ කළ ‘රාෂ්ට්‍රීය ගෝකුල් මෙහෙයුම’ (Rashtriya Gokul Mission) මඟින් දේශීය ගව වර්ග සංරක්ෂණය, ජානමය වැඩිදියුණු කිරීම සහ කිරි නිෂ්පාදනයේ ආර්ථික ශක්‍යතාව ඉහළ නැංවීම සිදු කෙරේ.

ඒ යටතේ හරියානා, සහිවාල් සහ බෙලාහි වැනි දේශීය ගව වර්ග පාලනය කරන ගොවීන්ට රුපියල් 5,000 සිට 20,000 දක්වා මූල්‍ය දිරි දීමනා ලබා දෙන අතර, මාර්ගවලින් මුදා ගන්නා ගවයන් ගෝශාලාවල රඳවා තැබීම සඳහා ප්‍රාන්ත මට්ටමින් දීමනා සපයයි. නිදසුනක් ලෙස හරියානා ප්‍රාන්තයේ පැටවකුට රුපියල් 300ක්, එළදෙනකට රුපියල් 600ක් සහ ගවයකුට රුපියල් 800ක් බැගින් දීමනා ලබා දෙන බව වාර්තා වේ.

ස්වයංපෝෂිත ආර්ථික ආකෘති සහ නවීන තාක්ෂණ භාවිතය


සතුන් මාර්ගවලින් අල්ලා ඉවත් කිරීමෙන් (Culling) පමණක් ගැටලුවේ මූල හේතුව විසඳෙන්නේ නැති බව අවබෝධ කරගත් ඉන්දියාව, කිරි නොදෙන පිරිමි පැටවුන් හෝ ගවයන් ‘ආර්ථික බරක්’ ලෙස සලකා අතහැර දැමීම අවම කිරීමට පියවර ගෙන ඇත. ඒ සඳහා ලිංග-වෙන් කළ ශුක්‍රාණු තාක්ෂණය (Sex-Sorted Semen) භාවිත කරමින් ගැහැනු පැටවුන් බිහිවීමේ සම්භාවිතාව ඉහළ නැංවීමට කටයුතු කෙරේ. තවද, රැකවරණ මධ්‍යස්ථාන රාජ්‍ය අයවැය මත පමණක් යැපෙන ඒකක නොවී ස්වයංපෝෂිත ආයතන බවට පත් කිරීමේ වැඩසටහන් ප්‍රාන්ත මට්ටමින් ක්‍රියාත්මක වේ.

මධ්‍ය ප්‍රදේශ් හි ‘ස්වාවලම්බි ගෝශාලා’ සහ ‘කාම්ධෙනු නිවාස්’ ආදී වැඩසටහන් හරහා ආයතනික හවුල්කාරිත්වයෙන් කොම්පෝස්ට්, කාබනික පොහොර, ජෛව වායු සහ Bio-CNG නිෂ්පාදනයෙන් ආදායම් උපයයි. උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ගෝශාලා 7,700කට අධික සංඛ්‍යාවක් හරහා ගවයන් ලක්ෂ 16කට අධික ප්‍රමාණයක් රැකබලා ගන්නා අතර, ‘සහභාගිතා යෝජනා’ යටතේ ගවයන් ගොවීන්ට භාර දී දිරි දීමනා ලබා දෙනු ලැබේ.

මීට අමතරව රාජස්ථාන් ප්‍රාන්තය ‘නන්දිශාලා’ වැඩසටහන යටතේ පංචායත් ග්‍රාමීය සමිතියකට රුපියල් කෝටි 1.57ක් දක්වා ප්‍රතිපාදන වෙන් කරන අතර, ඡත්තීස්ගාර් ප්‍රාන්තය ‘ගෞධාම් නිවාස’ මධ්‍යස්ථාන 1,460ක් පිහිටුවීමට සැලසුම් කර ඇත. එමෙන්ම උත්තරාඛණ්ඩ් ප්‍රාන්තයේ මාසිකව රුපියල් 12,000 දක්වා රැකවරණ දීමනා ලබා දෙන අතර හිමාචල් ප්‍රදේශ් හි මාසික දීමනා රුපියල් 700 සිට 1,200 දක්වා ඉහළ නංවා තිබේ. මේ අතර ඉන්දීය සමාජයේ ජාත්‍යන්තර කීර්තියට පත් ව්‍යාපාරික ප්‍රජාව මෙම කටයුතු සඳහා සෘජු දායකත්වය ලබා දීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවට ගැළපෙන මානුෂීය සහ ප්‍රායෝගික විසඳුමක් කරා

ඒ අනුව සමස්තයක් ලෙස බලන කල, කඩුවෙල මහ නගර සභාව මුහුණ දෙන අයාලේ යන ගව ගැටලුව හුදෙක් සතුන් අල්ලා රජයේ ගොවිපළකට යොමු කිරීමෙන් පමණක් තිරසාරව විසඳිය නොහැකි බව පැහැදිලි වේ. ඉහත සඳහන් ඉන්දීය අත්දැකීම්වලින් පෙනී යන්නේ සත්ව සුබසාධනය තහවුරු කරන අතරම, ප්‍රජා සහභාගීත්වය, නවීන අභිජනන තාක්ෂණයන් සහ කාබනික පොහොර හෝ ජෛව වායු නිෂ්පාදනය වැනි ස්වයංපෝෂිත ආර්ථික ආකෘතීන් ඒකාබද්ධ කිරීම මඟින් මෙම ගැටලුවට වඩාත් ප්‍රායෝගික හා මානුෂීය විසඳුමක් ලබා දිය හැකි බවයි.


ඉන්දීය මඟපෙන්වීම් මත හෝ එවන් මානුෂීය ක්‍රියාමාර්ග අතුරින් ශ්‍රී ලංකාවට ගැළපෙන සාධනීය ක්‍රියාදාමයන් මඟින් ඉහත සඳහන් ගැටලුව විසඳීම කෙරෙහි ජනපතිවරයා ප්‍රමුඛ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය යන්න අපගේ වැටහීම ය.
 

උපුටා ගැනීම සහ මූලාශ්‍රය : vinivida.lk

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

හිටපු මානව විද්‍යා මහාචාර්ය

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා ශ්‍රී ලාංකීය මානව විද්‍යා ක්ෂේත්‍රයේ විද්වතෙකු, ලේඛකයෙකු, ගීත රචකයෙකු සහ සාහිත්‍යවේදියෙකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ ප්‍රවීණයෙකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්යවරයෙකු ලෙසද කටයුතු කර ඇති ඔහු, ශ්‍රී ලාංකීය ජන සංස්කෘතිය, සමාජය හා කලාව පිළිබඳ සිය ශාස්ත්‍රීය දැනුම සහ නිර්මාණාත්මක දායකත්වය ඔස්සේ ප්‍රකට වී ඇත.

View all stories by ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...