කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල පත් කර ඇත.


කෞෂාලි කුසුමපාල මෙම තනතුරට පත් ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාවද වේ.

පසුගිය පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි කොකා කෝලා සමාගම මෙම පත්වීම ලබාදී ඇත.

කෞෂාලි නව අධ්‍යක්ෂකවරිය ලෙස ශ්‍රී ලංකාව සහ මාලදිවයින පුරා සිටින විවිධ කණ්ඩායම් සමග සහයෝගීතාව ගොඩනගා ගනිමින් කටයුතු කිරීමට නියමිතය.

කෞෂාලි කුසුමපාල 2009 වසරේ සිට විවිධාකාර වූ වෘත්තීය ජීවිතයක් ගොඩනඟා ගෙන ඇති අතර ඇය ලියෝ බර්නෙට්, ෆොන්ටෙරා ඩේරි සහ ඩොමිනෝස් පීසා වැනි සුප්‍රසිද්ධ ආයතන සමඟින් සිය කුසලතා ඔප් නංවාගෙන ඇත.

Coca-Cola හි බෝතල් කිරීමේ හවුල්කරුවන් වන Coca-Cola Beverages Sri Lanka සහ Male’ Aerated Water Company සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඇති උනන්දුව ඉස්මතු කරමින් මෙම පත්වීම සඳහා ඇයගේ උද්යෝගය ප්‍රකාශ කර ඇත.

කෞෂාලි කුසුමපාල මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ වාණිජවේදී උපාධිධාරිණියකි.


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්