leader s

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනාගැනීමට අද (8) සමත් විය.

අබුඩාබිහිදී පැවැති අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල (169/5) ලකුණු 68 කින් ස්කොට්ලන්තය පිල (101/7) පරාජය කරමින් ශූරියෝ බවට පත්වූහ.

චමරි අතපත්තු නැවත වරක් ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණයේ දැවැන්තම කොටස්කාරී බවට පත්වෙමින් පන්දු 63 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහර 4  ක් සමගින් ලකුණු 102 ක් රැස්කිරීමට සමත් වූවාය.

 

438302576 845941727570945 3998162847448248423 n

 

ශූරතාව දිනූ  ශ්‍රී ලංකාව සහ අනු ශූරතාව හිමිකරගත් ස්කොට්ලන්තය, බංගලාදේශයේදී ලබන ඔක්තෝම්බර් මස පැවැත්වෙන විස්සයි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීය.


තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළහ.

ඒ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 169ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 101ක් පමණි.

උදේෂිකා ප්‍රබෝධනී ලකුණු 13කට කඩුලු 3ක් දවා ගත්තාය.


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්