ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වෙනම පූර්ණ බලැති තානාපති ධූරයක් ස්ථාපිත කිරීමට ආණ්ඩුව තීන්දු කර ඇත. 


දැනට මැතිසබයට ඉදිරිපත් කර තිබෙන ආර්ථික පරිවර්තන පනත මගින් ඊට අවශ්‍ය ප්‍රතිපාදන සලසා තිබේ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමේ ප්‍රධාන කාර්යභාරය ඉටුකළ යුත්තේ මෙම තානාපතිවරයාය.

වසර 4ක ධූර කාලයක් සඳහා පත්කෙරෙන ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ තානාපතිවරයා තනතුරෙන් ඉවත් වූ පසු වසර තුනක් යන තෙක් ජාත්‍යන්තර වෙළෙඳාමට සම්බන්ධ ආයතනයක කිසිදු තනතුරක් නොදැරිය යුතු බව ඔහුගේ පත්වීමට අදාළ විශේෂිත කොන්දේසියකි. 

(deshaya.lk)

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්