ගෝල්ෆේස් අරගලයේ දෙවන අදියර ඉදිරි මැතිවරණයේ දී ප්‍රකාශයට පත්වන බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජිකයෙකු ප්‍රකාශ කර තිබේ.


“අරගලයේ දෙවන අදියර ඡන්දයේදී ප්‍රකාශයට පත්වෙනවා. පළමුවැනි අදියරයේදී කපුටයි, මයිනයි ගෙදර යැව්වත් කපටි නරියෙක් බලයට පැමිණියා. මේ මයිනෝ, කපුටෝ ඔක්කොම සුද්ද කරලා මනුෂ්‍යත්වය තිබෙන ජනාධිපති කෙනෙක් පත්කරගෙන ඒ වගේම පාර්ලිමේන්තුවත් මාලිමාවෙන් පත්කර ගන්න එක ස්ථිරයි.” සමන්ත විද්‍යාරත්න ත්‍රිවිධ හමුදා සාමූහිකයේ හපුතලේ ආසන සමුළුව අමතමින් පැවසීය.

ජේආර්ගේ සිට විධායක ජනාධිපති ධුරය විනාශකාරි බවත් ඒ ධුරයේ බලතල යොදවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් අත්සන් කර, විශාල බද්දක් පටවා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

දේපොළ බද්දක් යනුවෙන් තවත් අසාධාරණ බද්දක් ක්‍රියාත්මක කිරීමට මේ පාලකයන් සූදානම් වුවත් ජාතික ජන බලවේගය එය ක්‍රියාත්මක කරන්න ඉඩ නොදී පරාජය කරන බවද සමන්ත විද්‍යාරත්න කියා සිටියේය.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අපේ පාලනයක් යටතේ සාකච්ඡා කරමින් ජනතාව නොපෙළෙන තත්වයකට පත්කරනවා. විගණකාධිපතිවරයා 2022 වර්ෂයට ඉදිරිපත් කළ වාර්තාවෙන් රුපියල් බිලියන 904ක් පොලු තබා ඇති බව හෙළිකර තිබුණා. ඒ ආදායම් රජයට ලබාගනිමින් බදු වංචාකර තිබෙන ජොන්ස්ටන්ලගෙන් ඇලෝසියස්ලාගෙන් ස්ථිර වශයෙන්ම අයකර ගන්නවා.”

ආදායම් වැඩිකර ගෙන වියදම් අඩුකර ගැනීමේ ක්‍රම අනුගමනය කිරීම මාලිමාවේ ප්‍රතිපත්තිය බව ඔහු අවධාරණය කළේය.

2024 අයවැයෙන් හිටපු ජනාධිපතිවරු හතර දෙනෙකුට සහ සජිත්ගේ මවට රුපියල් මිලියන 1100ක් වෙන්කර ඇති බවත් නිල නිවාස, වාහන, ආරක්ෂකයන් ලබාදී මාධ්‍ය ඒකකයක් අනුයුක්ත කර, කෑම බීම පවා මහජන මුදලින් සපයන බව පෙන්වා දුන් සමන්ත විද්‍යාරත්න ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ පළවැනි කැබිනට් තීන්දුව ලෙස එම සියලු වියදම් කපා හරින බව කියා සිටියේය.

 
(චතුරංග මේදිස්)

samantha1

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්