The Leader News
BREAKING
Top Ad
Biz

රේනෝ සිල්වා සම්පත් බැංකුවේ අයිතියෙන් සියයට 6.1ක් ගනී!

T

The Leader Desk

March 7, 2023 • 5:02 AM

රේනෝ සිල්වා සම්පත් බැංකුවේ අයිතියෙන් සියයට 6.1ක් ගනී!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'හිරු' මාධ්‍ය ජාලයේ හිමිකරුවා වන රේනෝ සිල්වා සම්පත් බැංකුවේ කොටස් සඳහා රුපියල් කෝටි 100ක් එනම් බිලියනයක් ආයෝජනය කරමින් සිය කොටස් හිමිකාරීත්වය සියයට 6 ඉක්මවා අත්පත් කරගෙන ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
  • මෙම ආයෝජනයේ ඉදිරියේ ඇති ප්‍රතිලාභ සලකමින් එය සිදු කළ බව පවසමින් එම පුවත්පතට අදාල ගනුදෙනුව පිළිබඳව රෙනෝ ද සිල්වා සනාථ කර තිබේ.
  • සම්පත් බැංකුවේ වැඩිම කොටස් හිමිකාරීත්වය දරන්නේ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ පාලනය යටතේ ඇති වැලිබල් වන් සමාගමටය.
  • අපයනන සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රභාෂ් සුබසිංහ ගේ පාලනය යටතේ ඇති අයෙන්කා හෝල්ඩිංග්ස් සමාගමට සහ සේවක අර්ථ සාධක අරමුදලටද සියයට 9.97ක් බැගන් සම්පත් බැංකුවේ කොටස් අයිතිකාරීත්වයක් ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):



ඔහු රුපියල් 56 බැගින් කොටස් මිලියන 20ක් පසුගිය සිකුරාදා වන විට ලබා ගෙන ඇති අතර ඒ අනුව ඔහුගේ සියයට 2.84ක්ව පැවති සම්පත් කොටස් හිමිකාරීත්වය සියයට 6 ඉක්මවා වර්ධනය කරගෙන ඇති බව 'ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස්' පුවත් පත වාර්තා කරයි.

මෙම ආයෝජනයේ ඉදිරියේ ඇති ප්‍රතිලාභ සලකමින් එය සිදු කළ බව පවසමින් එම පුවත්පතට අදාල ගනුදෙනුව පිළිබඳව රෙනෝ ද සිල්වා සනාථ කර තිබේ.  රේනෝ සිල්වා වෘත්තීය අලෙවිකරුවකු වන අතර ඔහු මේ වනවිට හිරු නාළිකා අයත් ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් සමාගමේ හිමිකරුවා වෙයි.

සම්පත් බැංකුවේ වැඩිම කොටස් හිමිකාරීත්වය දරන්නේ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ පාලනය යටතේ ඇති වැලිබල් වන් සමාගමටය. එය සියයට 15ක ප්‍රතිශතයකි.

අපයනන සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රභාෂ් සුබසිංහ ගේ පාලනය යටතේ ඇති අයෙන්කා හෝල්ඩිංග්ස් සමාගමට සහ සේවක අර්ථ සාධක අරමුදලටද සියයට 9.97ක් බැගන් සම්පත් බැංකුවේ කොටස් අයිතිකාරීත්වයක් ඇත.

ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගමේ නිර්මාතෘ ඉන්ද්‍ර කුමාර ද සිල්වාට සම්පත් කොටස්වලින් සියයට 8.2ක් හිමි වන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

(lankasara.com)


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...