The Leader News
BREAKING
Top Ad
Biz

Zomato ශ්‍රී ලංකාව හැරයයි!

T

The Leader Desk

February 13, 2023 • 4:39 AM

 Zomato ශ්‍රී ලංකාව හැරයයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොව පුරා රටවල් ගණනාවක අවන්හල්, ආපනශාලා ආදිය පිළිබඳ තොරතුරු, මෙනු සහ පරිශීලක සමාලෝචන ඉදිරිපත් කරනු ලබන ආහාර බෙදාහැරීමෙහි නිරත සමාගමක් වන Zomato, ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු
  • 2008 වසරේ දී ඇරඹි ඉන්දියානු බහුජාතික සමාගමක් වන Zomato, 2019 වසර වන විට රටවල් 24 ක නගර 10,000 කට වැඩි ප්‍රමාණයක ව්‍යාප්ත වූ සේවා සැපයුම්කරුවෙකු විය.
  • Mitsubishi Corporation ශ්‍රී ලංකාවෙන් යාමට තීරණය කරයි මෙරට යටිතල පහසුකම් ව්‍යාපෘති ගණනාවකම ප්‍රධාන පාර්ශවකරුවෙකු වූ ජපානයේ Mitsubishi Corporation, ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අවසන් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
  • ඒ අනුව 2023 මාර්තු 31 දින වන විට Mitsubishi Corporation කොළඹ කාර්යාලය වසා දැමීමට තීරණය කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

නවතා දැමූ බව දැනුම් දී සිටී.

2008 වසරේ දී ඇරඹි ඉන්දියානු බහුජාතික සමාගමක් වන Zomato, 2019 වසර වන විට රටවල් 24 ක නගර 10,000 කට වැඩි ප්‍රමාණයක ව්‍යාප්ත වූ සේවා සැපයුම්කරුවෙකු විය.

zomato1


Mitsubishi Corporation ශ්‍රී ලංකාවෙන් යාමට තීරණය කරයි



මෙරට යටිතල පහසුකම් ව්‍යාපෘති ගණනාවකම ප්‍රධාන පාර්ශවකරුවෙකු වූ ජපානයේ Mitsubishi Corporation, ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අවසන් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව 2023 මාර්තු 31 දින වන විට Mitsubishi Corporation කොළඹ කාර්යාලය වසා දැමීමට තීරණය කර ඇත.

Mitsubishi Corporation හි ශ්‍රී ලංකා කාර්යාලය එම සමාගමේ පළමු විදෙස් කාර්යලවලින් එකකි. එය ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතාවයේ ද වැදගත් කාර්යභාරයක් ඉටු කළේය.

ශ්‍රී ලංකාවේ අහිතකර ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සහ ආර්ථික දැක්ම සහ විදේශ ණය පැහැර හැරීම Mitsubishi Corporation හි මෙම තීරණයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.

Mitsubishi Corporation මෙරට ක්‍රියාත්මක වූ ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) අරමුදල් සපයන ප්‍රධාන පෙළේ ජපාන යටිතල පහසුකම් ව්‍යාපෘති කිහිපයකම ප්‍රධාන හවුල්කරුවා විය.

කෙසේවෙතත් ජපානය විසින් යෝජනා කරන ලද ව්‍යාපෘති වූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සහ LNG බලාගාර ව්‍යාපෘතිය ඇතුළු ප්‍රධාන පෙළේ ව්‍යාපෘති කිහිපයක් පසුගිය කාලයේ දී අවලංගු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ජපානය අතර හොඳහිත පළුදු වී තිබුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වරක් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසා සිටියේ, ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යූහගතකරණය කර අවසන් වන තෙක් ජයිකා සංවිධානය විසින් ලබා දුන් ණය මත මෙරට තුළ ක්‍රියාත්මක කර තිබූ ව්‍යාපෘති 12 ක වැඩකටයුතු තාවකාලිකව නතර කර ඇති බවයි.

වාර්තා වන අන්දමට මේ වන විට Mitsubishi Corporation කොළඹ කාර්යාලයේ 20 ක පමණ පිරිසක් සේවය කරනු ලබයි.

Mitsubishi Corporationහි ව්‍යාපාර පහත පරිදි ක්ෂේත්‍ර ගණනාවක විහිදී පවතී.

Industry
Natural Gas
Industrial Materials
Petroleum & Chemicals Solution
Mineral Resources
Industrial Infrastructure
Automotive & Mobility
Food Industry
Consumer Industry
Power Solution
Urban Development


(adaderana.lk)

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...