theleaderlk 01

පසුගිය දා අමාත්‍ය ධූරයෙන් ඉවත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකු දැයි සොයා බැලිය යුතු බවට

මන්ත්‍රීවරුන් පිරිසක් අතර සාකච්ඡාවක් සිදුව ඇති බව 'නෙත් නිවුස්' වාර්තා කරයි. 

ආණ්ඩු පක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

ඒ අනුව මෙම කරුණ සම්බන්ධයෙන් 'නෙත් නිවුස්' වැඩිදුර සොයා බැලීමක් කර ඇති අතර එහිදි අනාවරණ වී ඇත්තේ, රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා සතුව ඇත්තේ ශ්‍රි ලංකාවේ විදෙස් ගමන් බලපත්‍රයක් බවයි.

කෙසේ වෙතත් ඔහුට ජපානයේ නේවාසික වීසා සහ යුරෝපා සංගමයේ රටවල් වලට යා හැකි Schengen වීසා ඇති බවද වාර්තා වේ. 

කෙසේවෙතත් එලෙස නේවාසික වීසා හිමි අයෙකු ද්විත්ව පුරවැසියෙකු ලෙස නොසැලකේ. 

සාමාන්‍යයෙන් කිසියම් රටක පුරවැසිභාවය හිමි වු අයෙකුට අදාළ රටේ පුරවැසියෙකුට හිමිවන සියලු හිමිකම් හිමිවේ.

21 වන ආණ්ඩුක්‍රම සංශෝධනය අනුව ද්විත්ව පුරවැසියෙකුට මෙරට ජනාධිපතිධූරය හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් දැරීමට අවකාශය හිමි නොවේ. 

කෙසේවෙතත් ඉහත කරුණු සලකා බැලීමේදි රොෂාන් රණසිංහ හිටපු අමාත්‍යවරයා ද්විත්ව පුරවැසියෙක් නොවන බැවින් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය දැරීමේ ගැටළුවක් මතු නොවන බව 'නෙත් නිව්ස්'  වැඩිදුරටත් වාර්තා කරයි. 

(nethnews.lk)


pe2024 2

worky sin

නවතම පුවත්