leader s

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් දිනා ගැනීමේ පදනමක් ලෙස ගනිමින් කතානායකට

එරෙහි විශ්වාසභංගයේදී ඡන්දය පාවිච්චි කිරීමට බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ සමීපතමයින් රහස් සාකච්ඡා වටයක් ආරම්භ කර ඇති බව හෙළිවේ.

මෙම විශ්වාසභංග යෝජනාව මාර්තු 19 වෙනි දින විවාදයට ගන්නා අතර 20 වෙනි දින ඡන්දය විමසීමට නියමිත ය.

එහිදී කතානායක පරාජයට පත් කිරීම සඳහා මන්ත්‍රීවරුන් බහුතරය යොදා ගැනීමට බැසිල් රාජපක්ෂ කටයුතු සංවිධානය කරමින් සිටින බවට වාර්තා වේ.

එම ප්‍රයත්නය සාර්ථක කර ගත හොත් පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා අත්සන් 113 ලබා ගැනීම වහාම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මේ වනවිට බැසිල් රාජපක්ෂ සමග නාමල් රාජපක්ෂ ද මෙම මෙහෙයුමේ පුරෝගාමීන් ලෙස කරට කර ක්‍රියා කරමින් සිටින බව අනාවරණය වේ.

(lankatruth.com) 

 


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්