සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ ගණනාවක් එක්ව ලබන ජනවාරි මාසයේදී එළිදැක්වීමට

නියමිත නව දේශපාලන සන්ධානය සඳහා නායකත්ව මණ්ඩලයක් පත්කිරීමට යෝජනා වී ඇතයි 'දේශය' ඉරිදා ජාතික පුවත්පත වාර්තා කරයි.

එහෙත් නව දේශපාලන සන්ධානයේ නායකත්වය ස.ජ.බ නායක සජිත් ප්‍රේමදාස ටත්, මහ ලේකම් ධූරය ස.ජ.බ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර ටත් හිමිවනු ඇති බවත්, නායකත්ව මණ්ඩලය පක්ෂ නායකයාගේ සහායට ක්‍රියාත්මක වන සංවිධානයක් බවත් 'දේශය' පුවත් වාර්තවේ තවදුරටත් සඳහන් වේ.

නව සන්ධානයේ නියෝජ්‍ය නායක තනතුරක් ඇතිකොට එම තනතුර තමන්ට ලබා දෙන ලෙස දකුණු පළාත නියෝජනය කරන එක්තරා මන්ත්‍රීවරයකු (හිටපු ඇමැතිවරයකු) විසින් කරන ලද ඉල්ලීම ස.ජ.බ විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි ද 'දේශය' වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් තවදුරටත් සොයා බැලීමේදී අනාවරණය වුයේ සජබ නව සන්ධානයේ නියෝජ්‍ය නායකයා ලෙස ඩලස් අලහප්පෙරුම පත්කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත්ව ඇතත් විපක්ෂ නායකවරයා ඒ සම්බන්ධයෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි. 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image