ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දෙසූ ධර්මය අද බොහෝ අය පාවිච්චි කරන්නෙ බලය ලබා ගැනීමේ මෙවලමක් විදියට. දහමට පටහැනි අර්ථ නිරූපණ

ඔස්සේ ආගම විකෘති කරගෙන. සමහර හාමුදුරුවරු දේශපාලනීකරණය වෙලා. තවත් සමහර හාමුදුරුවරු පූජ්‍ය භූමිකාව පසෙක ලා පූජකයන් සහ කපුවන් බවට පත්වෙලා.

මීට දශක ගණනාවකට පෙර පූජ්‍ය වල්පොල රාහුල හාමුදුරුවෝ පෙන්වා දුන්නේ ලංකාවේ බොහෝ අය පුරවැසියන් නොව වහලුන් බවයි. මේ අදහස අදටත් වලංගුයි.

බුදු දහමේ පදනම නිවහල් චින්තනය නිසා, මේ වහලුන් පුරවැසියන් ලෙස ඉහළට සවා තැබීම යුගයේ කාර්ය භාරය වූවත්, ආගමික ආයතන වැඩි වශයෙන් උත්සාහ ගන්නේ ජනතාව වහලුන් බවට පත් කරලීමටයි.

ඒ නිසා, බණක් කියන්නෙත් හිට් වෙන්න බලාගෙන මිස, ධර්මාවබෝධය ලබා දීම සදහා නෙවෙයි.

මිනිසුන් මානසික රෝගීන් බවට පත් කරන මේ තත්වය වෙනස් කරලන්න පුළුවන්ද?

මිත්‍යාවෙන් ජනතාව මුදාගෙන ඔවුන් සැබෑ බුදු දහම කරා යොමු කළ හැක්කේ කෙසේද?

ලෝකයේ අනෙකුත් ආගම්වලත් මේ තත්වය දකින්ට තියෙනවාද?

මේ පිළිබදව අමෙරිකාවේ මිනසෝටාහි ජේන්ස්විල් නුවර මෙත්තා භාවනා මධ්‍යස්ථානයේ වැඩවසන පූජ්‍ය පණ්ඩිත මිස්සක කමලසිරි ස්වාමීන් වහන්සේ සමග කළ සජීවී සංකච්ඡාව.


 
 
 

Leader Whats app

  

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්