leader s

ඡායාරූපයේ සිටින පොලිස් නිලධාරියාට කවුරුවත් මෙසේ වෙඩිතියන්නට අණකරන්නට නැතුවා ඇතිය.


එසේ අණකරන්නට දෙයක් නැත. මේ පොලිස් නිලධාරීන් ද ඉන්නේ වෙහෙසට පත්වෙලාය. කලකිරිලාය. දරු පවුල්කරුවන් වන බහුතරයක් පොලිස් නිලධාරීන්ට ලැබෙන්නේ පොඩි පඩියකි. අතිකාල, බටා ආදියට දැන් තර්ජන එල්ලවී තිබේ.

අතට ලැබෙන පඩිපත ණය තුරුස් ගෙවා ගෙදර කෑම බීම ටික සපයාගන්නටත් මදිය. වෙන වැඩක් කරන්නට වෙලාවක් ද නැත. ඒ මදිවාට උද්ඝෝෂණය.

එක එක පඬිවරු මූණ ඉස්සරහට ඇවිත් ජීවිතය ගැන දේශනා පවත්වති. බැරියර් පෙරළති. කඩති; බිඳිති. උපරිමයෙන් කෝපාවිෂ්ට කරති. සියල්ල ඉවසා සිටිය යුතුය. වෙඩිතියන්නට අණ ලැබෙන්නේ නැත. පහරදෙන්නට පවා අණක් ලැබෙන්නේ නැත. කඳුළු ගෑස් පමණි.

ඉතින් ඌ ඒ ලැබුණු අවස්ථාවේ දෙන්නං ජම්බු කියා මෙහෙම කරන තැනට ගොස් ඇත. එය අරගලයේ ජයග්‍රහණයක්ද පරාජයක්ද කියා සිහිබුද්ධියෙන් සිතාබලන්න.

දැන් මේ පොලිස්කාරයන්ගේ රතුඉර පැනලාය. දැන් උන් බලාඉන්නේ අවස්ථාවක් ලැබෙන තෙක්ය.

අරගලයට ද දැන් කඳුළුගෑස්වලින් එහා යමක් අවශ්‍යය. නැතිනම් අරගලය දියවී යයි. පොලිසිය ද කඳුළුගෑස් ඇඟට දමාගසන තැනට ඇවිත්ය.


ප්‍රචණ්ඩත්වය, කැරැලි, මර්දනය ගැන දන්නා අය මේ මොහොත සලකන්නේ breaking point එකක් ලෙසයි. එය උපරිම ආතතියෙන් යුත් මොහොතකි. කාගේ හෝ එක් පුංචි චලනයකින් බලතුලනය බිඳී යනු ඇත. එය අරගලයට මෙන්ම ආණ්ඩුවට ද දේශපාලනිකව ඉතා වැදගත්ය.


 

AJITH PARAKUM
(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk

 

 

{gallery}radicalcenter2022531{/gallery}

 

Leader Whats app

 

 

 



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්