මහරෑ රටෙන් පලාගිය ජනාධිපතිවරයා තවමත් නිල ඉල්ලා අස්වීමේ ලිපිය එවා නැත.
ඔහුගේ ධුර කාලය ගැන කිව හැක්කේ ඔහු හැම විටම කර ඇත්තේ තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවයන්ට ප්‍රමුඛත්වය දෙමින්, රට දෙවෙනි තැනට දමා, නිසි දේ කිරීම ප්‍රමාද කර, බාල විදියට කිරීමයි. මෙයත් ඒ ආකෘතියේම වැඩකි.
ඊයේ විදේශ මාධ්‍ය සාකච්ඡාවකදී ඇසු ප්‍රශ්නයකට උත්තර දෙමින් මම කිව්වේ: “Always wrong, and even when remedying problems, too little, too late.”
ඔහු අවම වශයෙන් කල යුතුව තිබුනේ ලංකා රාජ්‍යය සතු ගුවන් යානයෙන් අපට නැති ඉන්ධන පුච්චා විදෙස් පොළොවකට පය තැබූ අවස්ථාවේ ආපසු හැරී, සාක්කුවේ තිබුණු ඉල්ලා අස්වීමේ ලිපිය අස්සන් කර කතානායක තුමාට බාර දෙන ලෙස කියා ගුවන් යානයේ නියමුවාට භාර දීමයි.
නමුත් එවැනි ගෞරවනීය හැසිරීමක් දක්නට ලැබුනේ නැත. ඔහු පතන්නේ කරපු විනාශයට තවත් එකතු කරන්නටයි. හනුමා ගිනි තැබූ තත්වයට තමන් පලාගිය දේශය පත් වනු දැකීම ඔහුගේ නරුම ප්‍රාර්ථනාව විය යුතුයි.
මෙවන් අධමයෙකු පලවා හැරීම වැනි යුග මෙහෙවරක් කල අප ජනතාව මේ නරුම ප්‍රාර්ථනාව සාක්ෂාත් කර ගැනීමේ කාර්යයට දායක විය යුතු නැහැ. දැන් කල යුත්තේ තවත් ගිනි ඇවිලීම නොව, ඇවිලුණු ගිනි නිවා, විනාශ වුනු රට ගොඩ නැගීමේ කාර්යයට උර දීමයි. තව දුරටත් වීදි සටන් වල යෙදීමෙන් සිදු වන්නේ පලා ගිය හනුමාගේ ගිනි ගත් වලිගය බවට අප පත්වීමයි.
(මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(රොහාන් සමරජීව ගේ ෆේස්බුක් පිටුවෙන් )