(සමබිම පක්ෂයේ ලිපියකි)

 

අප පක්ෂය කලක සිටම ලංකාවේ මහාචාර්යවරුන් සම්බන්ධයෙන් එල්ල කළේ දැඩි විවේචනාත්මක කියවීම් ය.

මෙය ලංකාවේ සාමාන්‍ය ජනයා හට පෙනුනේ දිරවාගත නොහැකි පරස්පරතාවක් ලෙසය.

එනම් එක් පැත්තකින් අහස උසට ජේෂ්ඨ, ශ්‍රේෂ්ඨ යනුවෙන් නම් දරාගත් දෙවියන් මෙන් දිස් වූ මහාචාර්යවරුන් පිරිසක් සහ තවත් පැත්තකින් කිසිදු උපාධියක් නොමැති (සාරයක් නොමැති) පක්ෂයක් විසින් විවේචනයට බඳුන් වීමයි.

මෙම පරස්පරතාව ලිහිල් කිරීමට අප විසින් කොතෙකුත් උත්සාහයන් දැරුවද ඒවා නැවතුනේ අසාර්ථකත්වයෙන් ගෙනි.

නමුත් දැන් එම ප්‍රයත්නයට නව ආලෝකයක් ගෙන ඒමට ඉදිරිපත්ව සිටින්නේ අන් කවරෙකුවත් නොව කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස අංශයේ ශ්‍රේෂ්ඨ මහාචාර්යවරයෙකු වන නිර්මාල් දේවසිරියන්ය.[චීන ජාතිකයෙක් නොවේ.]

අප නැවතත් මෙම පරස්පරතාවයතාවය ලිහා ගැනීමට මෙම ලිපිය තුලින් උත්සාහයක් ගනිමු. මෙය අපගේ කලින් උත්සාහයන්ට වඩා ඔබට දිරවා ගැනීමට පහසු වන බව නිසැකය.


nirmal thamaluතමලු මලිත්ත පියදිගම - නිර්මාල් දේවසිරි

 
පසුගිය දිනයක දී තමලු මලිත්ත පියදිගම යන තැනැත්තා කාල් මාක්ස්ගේ කෘති කියවා ඇති බවට ප්‍රසිද්ධියට පත්වූ හෙයින් එය අරභයා නිර්මාල් දේවසිරි යන ශ්‍රේෂ්ඨ මහාචාර්යවරයා විසින් මෙසේ ප්‍රකාශයක් කරන ලදී. එනම් ”දාස් කැපිටාල්” නොව සාමාන්‍ය සිංහල පොතක් පවා කියවා අවසන් කිරීම ඔහුට ඉතා අපහසු කාර්යයක් බවත් තම ජීවිතය තුළදී අද වනතුරු කිසිදු සිරියස් (හෝ සීරියස් නොවන) පොතක් තමන් විසින් කියවා අවසන් කර නොමැති බවත් ඔහු විසින් ප්‍රකාශයට පත් කරන ලදී.


පළමුව අපට තමලු මලිත්ත පිළිබඳ කිවීමට ඇත්තේ මෙයයි. ඔබ තමලු මලිත්ත විසින් ප්‍රකාශ කරන දේවල් වලට ප්‍රථමව ”ඔහුගේ ශරීරය” දෙස බලන්න. එවිට ඔබට ඔහු විසින් ෆේස්බුක් තුළ තමන් දාස් කැපිටාල් කියවා ඇති බව ඇඟවෙන ලෙස ප්‍රකාශ කරන්නේ ඇයිද යන්නට පිළිතුර හමුවේ.

 මෙය දර්ශන අශෝක කුමාරට ද අදාළ වන්නකි. ඔබ දර්ශන අශෝක කුමාර කියන දේ වලට අවධානය යොමු කිරීමට පෙර ඔහුගේ ශරීරය දෙස බලන්න. එවිට ඔබට ඔහු විසින් තැන තැන තමන් ඩෙරීඩා කියවූ ආචාර්යවරයෙක් බව හැඟවෙන ලෙස ප්‍රකාශ සිදු කරන්නේ ඇයිද යන්නට පිළිතුරු හමුවේ.

මෙය කියවන ඔබ “අප විසින් යමෙකුගේ ශරීරයට ඇද කියනවා” යනුවෙන් විවේචනයක් ඉදිරිපත් කළ හැක. නමුත් අපට කීමට ඇත්තේ මෙවැනි දේ බටහිර දී අදාල නොවුනත් ලංකාව වැනි රටක දී අතිශයින් අවාසනාවන්ත ලෙස අදාල වන බවයි.


දර්ශන අශෝක කුමාරව කියවීමේ දී ඔහුගේ ශරීරය, ගම වැනි කාරණා හැඟවුම්කාරක ලෙස ගැනීම ලංකාව වැනි රටක දී අත්‍යවශ්‍ය වෙයි. අපගේ වාසනාවකට මෙන් තවමත් දර්ශනගේ සිට නිර්මාල් දක්වා කිසිවකුටත් ”තමන්ට අවිඥානයක් ඇත” යන්න තවමත් අවබෝධ වී නොමැත. එසේ වූවා නම් වූවා නම් දර්ශන සුදු/කළු ශරීර වර්ණභේදය පිළිබඳ කරන විසංයෝජන ලංකා සමාජයට අදාළ වන විග්‍රහයන් නොව තමන් ගේ අහම(EGO) පිළිබඳ කරන විග්‍රහයන් බව අවබෝධ වනු ඇත.


ඒ අනුව තමලු මලිත්තගේ ”ප්‍රාග්ධනය කියවීම” සමාජය පිළිබඳ කරන විග්‍රහයක උත්සාහයක් නොව තමන් පිළිබඳ ප්‍රකාශයක් [SUBJECTIVITY]කිරීමට දරන උත්සාහයකි.

ව්‍යුහවාදයට අනුව ”කියවීම” යන්න සම්බන්ධයෙන් අපට නව අදහසකට පැමිණිය හැක.


යම්කිසි පොතක අර්ථය ඇත්තේ එම පොත තුළ නොවන අතර එහි සිට තවත් පොතකට යෑමේ දී ය.[DE-CENTERING] එනම් හැඟවුම බිහි වන්නේ එක් හැඟවුම්කාරයක සිට තවත් හැඟවුම්කාරයක් තුලට යෑම තුළ යි. මෙය දීප්ති විසින් ලංකාවට ගෙන ආ නව අදහසකි.


මෙය තුලින් අපට කියවීම සම්බන්ධව ප්‍රපංචවේදී අදහසක [PHENOMENOLOGICAL IDEA] සිට සාරයක් නොමැති ව්‍යුහවාදී අදහසකට මාරුවිය හැක. [FORM WITHOUT SUBSTANCE]

එනම් ඔබ ”කියවීම” – READING-යන්න හරියාකාරව සිදු කරන්නේ නම් ඔබ විසින් එක් පොතක් හෝ යම්කිසි පොත් කිහිපයක් කියවා ”කියවීම” – READING AS A WRITING – යන්න අවසන් කළ නොහැකි අතර දිගින් දිගටම අනවරතව ”කියවීම” සිදු කළ යුතු බවයි.

කියවීම දුෂ්කර ක්‍රියාවක් ලෙස දැනෙන එක් හේතුවක් වන්නේ එයයි.


DKGසමබිම පක්ෂයේ නායක - දීප්ති කුමාර ගුණරත්න


දීප්ති විසින් ඉහත කී නව අදහස සමඟ පෙරලා ඔහු විසින් තවත් යමක් ප්‍රකාශ කරන ලදී. එනම් ආචාර්ය, මහාචාර්ය, සිවිල් බුද්ධිමතුන් යැයි කියමින් ගෙවල් වල පොත් කඳු ගසා ගෙන සිටින්නන් ”කියවීම” යන්න සිදු නොකරන බවයි.

මෙය ලංකාවේ සාමාන්‍ය මිනිසාට කිසිසේත් දිරවාගත නොහැකි දෙයක් විය.

මෙය දීප්ති විසින් ද මිනිසුන් හට අවබෝධ කිරීමට කෙතරම් උත්සාහයක් ගත්තත් ”මහාචාර්ය” යන හැඟවුම්කාරය තුල ඇති බලය නිසා ඒවා සාර්ථක වූයේ නැත.

නමුත් දැන් වන විට එයට නිර්මාල් විසින් නව ආලෝකයක් සපයා ඇත. නිර්මාල් ඔහු විසින් ම ඉදිරියට පැමිණ තමන් කිසිදා ”කියවීම” යන්න සිදුකර නොමැති බවට ප්‍රකාශයක් කර ඇත.

නිර්මාල්, ”ශ්‍රේෂ්ඨ මහාචාර්ය අර්ජුන පරාක්‍රම” විසිනි විසින්, ”දීප්ති ඔය කියන පොත් වල හැඳින්වීම හරි කියවලා තියෙනවා, ඒකත් ලොකු දෙයක්” යනුවෙන් ඔහු සමග පවසා ඇති බව [QUOTE – REPEAT OR COPY OUT (WORDS FROM A TEXT OR SPEECH WRITTEN OR SPOKEN BY ANOTHER PERSON )]කියයි.

එය එසේ අර්ජුන පරාක්‍රම විසින් පවසා ඇති බවට අප ද පිළිගනී.

Arjuna para
නමුත් මෙහිදී ABSENT වන දෙයක් පැවසිය යුතුය. එනම් අර්ජුන පරාක්‍රම විසින් පශ්චාත් ව්‍යුහවාදය සම්බන්ධයෙන් කරන ලද ඔහුගේ පශ්චාත් උපාධි නිබන්ධනය ගයාත්‍රී ස්පිවැක් (ඩෙරීඩාගේ OF GRAMMATOLOGY පොතෙහි ඉංග්‍රීසි පරිවර්තිකාව) විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි. දැන් ඔබ මෙය නිර්මාල්ගේ ”කියවීම” සම්බන්ධව සිදුකර ඇති ආලෝකාත්මක ප්‍රකාශයත් සමඟ සසඳන්න. එවිට ඔබට අර්ජුන පරාක්‍රමවද ”කියවීම” සම්බන්දයෙන් දිරවා ගැනීමට පහසු වනු ඇත.



ප්ලේටෝ ලියන්නේ සොක්‍රටීස් කියනම දේද ?

cc


අප පොත කියවීමෙන් ලබන්නේ අත්දැකීමක් ද?

ඩෙරීඩාගේ ‘කියවීමේ දර්ශනයට’ අනුව කියවීම යනු, යමක් විද්‍යාමාන වීමක් නොවේ.

විසංයෝජනයට අනුව, පොත යනුවෙන් දෙයක් නොමැති අතර පවතින්නේ අනුභූතියට ලක් වන, සංවේදනයට ලක් වන දෙයක් පමණි. [PRESENT] කියවන්නා සහ කඩදාසි එකතු කර STAPLE කරන්නා ‘කතුවරයා’ ලෙස ගැනීම විද්‍යාමාන වන දේවල් පවතී යැයි සිතා සමපේක්ෂණය කරන පාරභෞතිකයකි.

[METAPHYSICS OF PRESENCE] ඒ අනුව, පොත් කියවිය නොහැකි ය. මන්ද, ව්‍යුහවාදයට සහ විසංයෝජන දර්ශනයට අනුව කියවීම යනු, අත්දැකීමට අදාළ ක්ෂේත්‍රයක් නොව ව්‍යුහාත්මක ගොඩනැංවීමක් වන නිසා ය.

ඒ අර්ථයෙන්, අර්ජුන පරාක්‍රම අපට පෙන්වන්නේ, ඔහුට ව්‍යුහවාදය හෝ විසංයෝජනය ගැන ඥාණ-විභාගාත්මක අවබෝධයක් නැති බවයි.

 නමුත්, ඔහුගේ කියවීම නිහතමානී නිර්මාල් ”අනුභූති-උත්තර හැඟවුම්කාරකයක්” කොට දීප්තිගේ කියවීම හැඟවුමක් [SIGNIFIED] කරයි.

විවාදයකින් තොරව මෙය විද්‍යාමානයන්ගේ පාරභෞතිකයකි.

දීප්ති නම් සරලමතිකියා කියවන පොත්වල සංඥාව සන්දර්භගත කරන දෙවියා අර්ජුන පරාක්‍රම ය.[ONTO-THEOLOGY] එය, දීප්ති නම් සංඥාව[SIGN] සිවිල් සන්දර්භයක් තුළ කියවීමකි. අර්ජුනගේ ඉංග්‍රීසි අර්චනකාමී ඇදහිල්ලක් බවට පත් කිරීමකි. එනම්, අර්ජුනගේ ඉංග්‍රීසි භාෂාව වෙනස්කම්වල ඓක්‍යයකි යන ව්‍යුහවාදී ප්‍රවාදය සාරය දක්වා ඌනනය කිරීමකි.


හේගල්ගේ ‘පෙරවදන’ පිළිබඳ දර්ශනවාදය විසංයෝජනය කරමින් ඩෙරීඩා කියන්නේ [HEGEL’S THEORIES OF MEANING AND TELEOLOGY UNDER THE BANNER OF THE METAPHYSICS OF PRESENCE], පෙරවදන් තුළ ඇත්තේ පොතේ අන්තර්ගතය තුළ නැති දේවල් බවයි. එහි ඇත්තේ, කතුවරයා සහ කෘති අන්තර්ගතිකත්වය [INTERTEXUALITY] අතර ප්‍රතිවිරෝධයන් ය.


මින් පැහැදිලි වන්නේ, නිර්මාල් සහ අර්ජුන පරාක්‍රම යන විශ්ව විද්‍යාල ගුරුවරුන් දෙදෙනාටම ව්‍යුහවාදය හෝ විසංයෝජනය පිළිබඳව ඇත්තේ, ටෙලිග්‍රෑම් අවබෝධයක් බවයි. නමුත්, දෙදෙනාම සිවිල් පොරවල් ය.

පශ්චාත්-නූතන ධනවාදී පරිභෝජන සමාජයක විශ්ව-විද්‍යාල සංස්කෘතිය තුළ බිහි වන්නේ, මෙවැනි පුස්සන් ය.

තවමත් මේ බොහෝ දෙනා ‘භාෂාව’ සම්බන්ධයෙන් ගිලී සිටින්නේ, අත්දැකීම්වාදයක් තුළය. අත්දැකීමට වඩා අවිඥාණය නම් ව්‍යුහය ප්‍රාථමික බව මේ ජීවිත කාලය තුළ ඉගෙන ගැනීමට ඔවුන්ට වාසනාවක් නැත.

පංචේන්ද්‍රියන්ට ග්‍රහණය වන සත්‍යය යනු, කාන්ට්ට පෙර බිහි වූ දර්ශනවාදවල පූර්ව-නූතන ඥාණ-විභාගය යි.


කියවීම සහ ලිවීම ගැන මේ විශ්වවිද්‍යාල ගුරුවරුන්ට ඇත්තේ, ගම්ලත්ගේ මට්ටමේ න්‍යායික අවබෝධයකි. මින්, නිර්මාල් තමන් X කණ්ඩායමේ සිටියා යැයි තමන්ව විකිණීමේදී ප්‍රකාශ කරන වාක්‍යයකි. නමුත්, ඉන් ප්‍රකාශ වන්නේ, හුවමාරු වටිනාකමක් මිස ප්‍රයෝජ්‍ය වටිනාකමක් නොවේ. මෙය, මුහුණු පොතේ හැඟවුම්කාරක සමඟ සෙල්ලම් කිරීමට සුදුසු වුවත් චින්තනයට අදාළ කරුණක් නොවේ.


අප ඉහත අදහස කියන්නේ, මෝහයෙන් මුළා වී සිටින ජනකායක් ඉන් මුදවා ගැනීමට නොවේ. ජනයා ඉල්ලන දෙය ඔවුන්වත් නොදන්නා තත්ත්වය තුළ ඔවුන්ව අවිද්‍යාවෙන් වඩා අවිද්‍යාවකට තල්ලු කිරීම අපගේ ප්‍රාර්ථනය යි. මන්ද, මුහුණු පොත ද අතිරික්ත-වටිනාකම් උපයන සමාගමක් නිසා ය. එය, අධ්‍යාපන වැඩබිමක් නොවේ.

ලංකාවේ දී බටහිර දී මෙන් නොව ”මහාචාර්ය” යන හැඟවුම්කාරකය පිළිබඳ මිනිසුන් තුළ ඇත්තේ ප්‍රයෝජ්‍ය වටිනාමකට වඩා අර්චනකාමී බැඳීමකි. මෙය අවබෝධ කරගැනීමට අවිඥානය(UNCONSCIOUS) යන්න වටහා ගැනීම වැදගත්ය. සරලව පැවසුවහොත් අවිඥානය යනු අපගේ සිතීමට පටහැනිව අප තුළින් සිදුවන ක්‍රියාව (ACTION) ලෙස හඳුනා ගත හැකිය.

එනම් ලංකාවේ මිනිසුන් සිතීම තුළ දී මහාචාර්යවරුන් යනු අපි වගේම වෙනසක් නැති වෘත්තිකයන් පිරිසක් යනුවෙන් දන්නා නමුත් ක්‍රියාව තුළින් ඒය ආධ්‍යාත්මීකරනයකට ලක් කරයි. අප මෙය සරලව කල්පිත උදාහරණයකින් වටහා ගනිමු.

දිනක ලලිත් ධර්මසේකර, මහාචාර්ය නිර්මාල් දේවසිරි සහ තවත් සාමාන්‍ය පුද්ගලයකු රැගෙන ත්‍රීවිල් හයර් එකක් ගියා යැයි සිතන්න. එහිදී යම් තැනකදී ඔහුගේ ත්‍රීවිල් රථය කාර්මික දෝෂයක් නිසා මග නවතියි. මෙහිදී දෝෂය යන්න කුමක්ද පිළිබඳ මත දෙකක් මහාචාර්ය නිර්මාල් සහ තීරෝද රථ රියදුරු ලලිත් විසින් ඉදිරිපත් කරයි. ඔබ සිතන අන්දමට මෙහි සිටින තුන්වෙනි පුද්ගලයා දෝෂය ලෙස පිළිගනු ඇත්තේ මෙයින් කාගේ අදහසද? පිළිගන්නේ මහාචාර්ය නිර්මාල්ගේ අදහසයි. ඒ ඔහුගේ නමට ඉදිරියෙන් ”මහාචාර්ය” යන්න ඇති නිසාය. [SYMBOLIC LOGIC]

මෙහි දී හාස්‍යජනක දෙය නම් ලලිත් පවා අවසානයේ දී පිළිගැනීමට නියමිත වන්නේ මහාචාර්ය නිර්මාල් ගේ අදහසයි. ලලිත් ”සිතීම” තුළ දී ඔහු ත්‍රීවිල් පිළිබඳ වඩා යමක් නිර්මාල්ට වඩා දන්නා බව විශ්වාස කලත් ක්‍රියාව තුළ දී මහාචාර්ය යන හැඟවුම්කාරකයෙහි බලයට අවනත වනු ඇත.

නිර්මාල් කියවන්නේ නැති බව ඔහු විසින් මිනිසුන් හට පැවසීමට අවශ්‍යතාවයක් නැත. නිර්මාල් කියවන්නේ නැති බව ඔහුගේ කතා ආසන මිනිසුන් හොඳාකාරවම දනී. එහෙත් ඔවුන් විසින් නිර්මාල් තුළ යම් කිසි දෙයක් ඇතැයි කියා විශ්වාස කරති.[SUBJECT IS SUBSTANCE]  මෙසේ ඇතැයි කියා සිතෙන දෙය තමන්ගේ මනස්ගාතයක් බව අවබෝධ කරවීම ඉතා අපහසුය.


නැවතත් පැවසිය යුතුව ඇත්තේ අපගේ වාසනාවකට මෙන් නිර්මාල් ඇතුලු අපගේ සතුරන් ලෙස සිටින පිරිසට ”අපට අවිඥානයක් ඇත” යන්න තවමත් වැටහී නොමැත. අවිඥානය නිසා සිදුවන තවත් දෙයක් නම් තමන්ව ස්වයං විනාශයක් කරා ගෙනයාමයි. [DEATH DRIVE] නිර්මාල් වැන්නන් අනවරතව උත්සාහ කරමින් සිටින්නේ තමන්ගේ නම ඉතිහාසයට යවා ගැනීමටයි.


නමුත් ඔවුන්ට අමතක වන්නේ ඔවුන්ට අවිඥායක් ඇති බවය. අවිඥානයට අනුව තමන්ගේ හතුරා වන්නේ බාහිරින් ඇති අයෙකු නොව තමන් තුළ ම සිටිනා කොටසකි.

නිර්මාල් තමුන් කිසිවක් කියවා නොමැති බව පවසන විට දී මිනිසුන් තේරුම් ගන්නේ ඔහු අවංක නැතහොත් නිහතමානි [HUMBLE] පුද්ගලයෙකු බවයි.

නමුත් අවිඥානය යන්නට අනුව පැවසූවොත් නිර්මාල් මෙසේ සිදු කරමින් සිටින්නේ ස්වයං විනාශයක්. ඔහුව තවදුරටත් බාහිරින් කෙනෙකුට විනාශ කිරීමට අවශ්‍ය වන්නේ නැත. ඔහු විසින් ඔහුවම විනාශයට පත් කර ගනිමින් සිටී.

(සමබිම පක්ෂයේ පොඩි එකා)


NOTE BY NIRMAL

මට වරක් අර්ජුන පරාක්‍රම දීප්ති කුමාර ගුණරත්න අරභයා මා සමග කළ ප්‍රකාශයක් මතක් වේ. ඒ ඔහු දීප්ති හදුනාගත් අළුතය. “මොනව වුනත් මිනිහ ඔය කියන පොත්වල හැදින්වීම් හරි කියවල තියෙන බව පේනව“ අර්ජුන එසේ කීවේ එය ම ජයග්‍රහණයක් බව කීමටයි.



(උපුටා ගැනීම - 3mana.com)

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්