පොහොට්ටුවේ කළුතර රැළිය 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ප්‍රතිචාර දැක්වීමකි. 22 සංශෝධනය විසින් ලංකාවේ පක්ෂ දේශපාලනය උණුසුම්

කර ඇති ප්‍රමාණයේ පිළිබිඹුවකි.

පක්ෂ නායකවරුන්ගේ රැස්වීමේ දී 22 සංශෝධනයට කමිටු අවස්ථාවේ සංශෝධන ඉදිරිපත් කිරීම පිළිබඳ නීතිපතිවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මත දෙකක් දැරුවෝය.  

මෙවැන්නක් ගැන පාර්ලිමේන්තුවට පූර්වාදර්ශ තිබුණේ ද නැත.

 

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා නඩු සටහන් අනුව, වසර 2 ½ කින් ජනපතිවරයාට (රනිල්ට) පාර්ලිමේන්තුව විසිරුවා හැරිය හැකි බවත්, එය වෙනස් කිරීමට (වසර 4  ½ දක්වා වැඩි කිරීමට) නොහැකි බවත් නීතිපති හෙළි කළේය. පොහොට්ටුව, ඩලස් කණ්ඩායම, විමල් කණ්ඩායම, අනුර ප්‍රියදර්ශන කණ්ඩායමේ අභිලාශය වූවේ වසර 4 ක් හෝ වසර 4 ½ ක් යන තුරු ඡන්දය කල් දමා ගැනීම ය. තව මාස 6 කින්, ජනාධිපතිවරයාට තමන් කැමති ඕනෑම වෙළාවක පාර්ලිමේන්තුව විසිරුවා හැරිය හැකිය. 

 

සජබ හා ජවිපෙ සතුට


වහා මහා මැතිවරණයක් ඉල්ලන්නේ සජබ සහ ජවිපෙ යි. සජබට ඇත්තේ මන්ත්‍රී ධූර 38 කි. විපක්ෂයේ හවුල් පක්ෂ සමඟ ඡන්ද 49 යි. පොහොට්ටුවේ සහ විමල්, ඩලස්, අනුර ප්‍රියදර්ශන, ශ්‍රීලනිප කණ්ඩායම්වල සහාය නැතිව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ යෝජනාවක් සම්මත කරන්නට විපක්ෂ නායක/ජ.වි.පෙ.ට  නොහැකිය.!

දැන් විපක්ෂයේ ද ඉරණම ඇත්තේ ජනපති අතේය.

 

මාර්තුවල පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට ලැබීම ගැන පක්ෂ දෙකම සතුටුය. සජබ බහුතරයකගේ මතය පක්ෂ දෙක එක්විය යුතු බවය.  ‘රනිල් එක්ක අපට ආණ්ඩු කළ හැකියි‘ ඔවුහු කියති. ජනපති බලය අඩු කරන්නේ නැතුව වුවත් හෝ ඡන්දයකට යන්නට පවා ඔවුන් කැමති ය.

 

අගමැති කැබිනට් මණ්ඩලය පත් කිරීමේ අද පවතින පරම බලය ජනපති රනිල් අත තිබිය දී පවා ඡන්දයට සජබ කැමතිය. ඒ නිසාම ඔවුන් දැන් රනිල් ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කරන්නේ නැත.


පාර්ලිමේන්තුවට ගෙන ආ රාජාසන කතාව, අයවැය, 22 සංශෝධනය වැනි කිසිදු යෝජනාවලට විරුද්ධ  වූවේ ද නැත. සාධනීය විවේචණයකින් ඔබ්බට යන්නේම නැත.  ආණ්ඩුව ලබාදුන් මුදල්, කෝපා ඇතුළු කමිටු සියල්ල නිතරඟයෙන් බාර ගත්තෝය. තවම විපක්ෂයේ බව පෙන්වන්නට ‘කෝප් ඡන්දය‘ වැනි කෘතීම අවස්ථා නිර්මාණය කර පරාජය වන්නේය.


ද්‍රවිඩ ජාතික සන්ධානයේ සුමන්දිරන් සහ ශානක්‍යන් ගේ දැඩි විවේචන පවා අඩුවී ඇත. ද්‍රවිඩ ජාතික සන්ධානයේ නිල මතය ආණ්ඩුවට ආර්ථික ප්‍රශ්නය විසඳන්නට ඉඩ දිය යුතු බවය. ඡන්දයක් ඔවුන්ට ඕනෑ නැත. ඡන්දකට ගියත් ප්‍රශ්නයක් ද නැත.


ඡන්දයකට යාම ඩලස් (13), විමල් (13), අනුර ප්‍රියදර්ශන (6) ට මාර්තු මැතිවරණයක් අතිශයින් අවාසිදායක ය. ප්‍රධාන පක්ෂ තුන (සජබ, එජාප, පොහොට්ටුව) සමඟ සන්ධාන ගත නොවන්නේ නම් ඔවුන්ට අනිවාර්යයෙන්ම ශ්‍රීලනිප සමඟ හෝ සන්ධාගතවීමට සිදුවන්නේ ය. තනිව තරඟ කර දිස්ත්‍රික් ආසන ජය ගත නොහැකි බව රහසක් නොවේ.


අරගලය ඇරඹීමට පෙර ජවිපෙ ට තිබුණු කැමැත්ත රට පුරා ගිණි තැබීම් මාලාව සමඟ ආපහු හැරී ඇත. නාගරිකයේ ඔවුන්ගේ ජයප්‍රියත්වය ඉහළය. ජවිපෙ 2004 පාර්ලිමේන්තුවේ ආසන 31 ක් ලැබීය. පළාත් සභාවේ ආසන 81 ක් දිනුවේය. ජවිපෙ - පෙරටුගාමී බෙදීම නිසා එදා ජවිපෙට තිබූ බලය අද තිබේද? නැත!

රත්නපුර, කළුතර, කුරුණෑගල, මොණරාගල, හම්බන්තොට, අනුරාධපුර, පොළොන්නරුව, මාතර, ගාල්ල පොහොට්ටුව සතු බලය අවතක්සේරු කළ නොහැකිය.  මාතලේ, මහනුවර, බදුල්ල, පුත්තලම, කෑගල්ල දිස්ත්‍රික්කවල සිංහල බහුතර ඡන්දදායකයින් සංඛ්‍යාවක් සිටින ආසන කිහිපයේ ද තත්වය එයම වේ.


ජවිපෙ හා පෙරටුගාමීන් ගේ බෙදීම ජවිපෙ හි පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව සීමා කළේ යම් ලෙසක ද, 2020 දී එජාප - සජබ බෙදීම නිසා එයම සිදු විය. පාරම්පරික එජාප පාක්ෂිකයා ලක්ෂ 12 ක් ඡන්ද පොළට ගියේ නැත. සජබ ඉදිරි මැතිවරණයක දී තනි විශාලතම පක්ෂය විය හැකි යැයි ඔවුන් සිතන බව සන්දර්භයකදී වුව ද, සජබ ට පාර්ලිමේන්තුවේ සරළ බහුතරය (ආසන 113 ක්) පහසු නැති බව ඔවුහු දනිති.


මේ සියල්ල කියන්නේ මාස 6 කින් පසුව ඕනෑම මොහොතක එළැඹෙන මැතිවරණයක දී කිසිදු පක්ෂයකට බහුතර බලය හිමි නොවන බව ය.


තරුණ නියෝජනය කෝ?


27 2

වත්මන් පාර්ලිමේන්තුවේ තරුණ නියෝජනය 13% කි.  නවක මන්ත්‍රීවරුන් 79 ක් 2020 පාර්ලිමේන්තුවට ආවේය.  අවු. 25-30 මන්ත්‍රීවරුන් ඇත්තේ 5 ක් පමණී.

ඡන්දයෙන් පත් වූ 196 න් 142 ක් ම වයස 60 ට අඩු නමුත්, මිනිසුන්ට පෙනෙන්නේ මෙය නාකි පාර්ලිමේන්තුවක් ලෙස ය.

වයස 80 ට වැඩි සම්බන්ධන්, වාසුදේව හා විග්නේෂ්වරන් ගැන හැමෝම කථා කරති.

70 ට වැඩි ජනපති, අගමැති, හිටපු ජනපති ගැන කතා කරති. නමුත්, කිසිවෙකුට තරුණයින් පාර්ලිමේන්තුවට ගෙනන ක්‍රමයක් ගැන අදහසක් හෝ වැඩපිළිවෙලක් නැත.

1981 දිස්ත්‍රික් සංවර්ධන සභාවෙන් රංජිත් මද්දුම බණ්ඩාර, ඉම්තියාස් බාකීර් මාකර්, මර්වින් ජේ කුරේ, උපාලි පියසෝම, ජස්ටින් ගලප්පත්ති, ගුණපාල තිස්සකුට්ටිආරච්චි, සුරනිමල රාජපක්ෂ තරුණයින් පාර්ලිමේන්තු ආවේය.  


තරුණ කෝටාව යටතේ පලාත් පාලනයෙන් දේශපාලන ඇරඹී මහින්ද අමරවීර,  නිශාන්ත පෙරේරා, සහන් ප්‍රදීප්, සම්පත් අතුකෝරල,  අජිත් රාජපක්ෂ, විරසුමන වීරසිංහ, අගලවත්ත මංජු, චාමර සම්පත් දසනායක, ශාන්ත බණ්ඩාර, අශෝක ප්‍රියන්ත ඇතුළු 20 කට වැඩි සංඛ්‍යාවක් පාර්ලිමේන්තු ආවෝය. තරුණ කෝටාව නොවන්නට මේ කිසිවෙකුත් පාර්ලිමේන්තු එන්නේ නැත.  


තරුණයින් හා කාන්තාවන්ට ඊලඟ ඡන්දයට පෙර දොර විවර කළ යුතුය. ආංශික අධීක්ෂණ කාරක සභා හෝ ජන සභා හෝ පළාත් පාලනය හරහා හෝ තරුණයින් දේශපාලනයට ගෙන්වා නොගන්නේ නම් ඊලඟ පාර්ලිමේන්තුවටත් ‘නාකි පාර්ලිමේන්තුව‘ යැයි බැන බැන සිටින්නට සිදු වනු ඇත.    

සජබ-එජාප වෙන්ව තරඟ කරන්නේ නම් එජාප පාක්ෂිකයින් ඡන්දපොළට එන්නේ නැත. එජාප සුළු ජාතික ඡන්ද පදනම ද අද සජබට නැත. එය වක්‍රව පොහොට්ටුවට වාසි සහගත ලෙස පසුගිය ජනපතිවරණයේ ද, මහා මැතිවරණයේ ද හැසිරෙනු ලැබීය.  

පළාත් පාලන ඡන්දයක බලය සජබ/එජාප කඳවුරට ගැනීමට නම් කුඩා පක්ෂ තමන්ට වටා ගොනු කර ගත යුතුය.    


ජවිපෙ කොයිබටද? 

z p01 no leadership

නාගරික මධ්‍ය පන්තිය ජවිපෙ ට යම් ආකර්ෂණයක් ඇතත් ඔවුන්ගේ ඡන්ද පදනම ගොවි, ධීවර, හා අව වරප්‍රසාදිත කණ්ඩායම් හි ආකර්ෂනය තවමත් ඔවුන්ට නැ.  2004 දී මෙන් පාර්ලිමේන්තු ආසන 41 ක්, පළාත් සභා ආසන 81 ක් ලබා ගැනීම පහසු නැත.

පාර්ලිමේන්තුව වට කිරීමට ජනතාව කැඳවීම සහ මැයි 9 රට පුරා සිදු වූ ගිණි තැබීම්  ද, දෙවන අරගලයට නායකත්වය දීමේ කතාව ද විසින් නාගරික මැද පන්තිය හේතු ඇතිව හෝ නැතිව ජවිපෙ න් තාවකාලිකව නමුත් දුරස්ථව ඇත.

එජාප - සජබ බෙදීම සේම ජවිපෙ - පෙරටුගාමී බෙදීම ඔවුන්ගේ සංවිධාන ශක්තිය හා ජීව ගුණය පහත දමා ඇත.


ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය


ජනපති බලය අඩු කිරීම, ස්වාධීන කොමිෂන් සභා නැවත පිහිටුවීම, ප්‍රසම්පාදන කොමිෂන් සභාව පිහිටුවීම, නැතිව ඡන්දයකට යාම තුලින් යහපාලන සංකල්පය තුල බලාපොරොත්තු වූ තුලන හා සංවරණ ක්‍රියාව යථාර්ථයක් වන්නේ නැත.

මේ වන විට 'සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය' ඇතුළු සිවිල් සංවිධාන උත්සහ කරන්නේ පවතින අර්බුදය තුල ප්‍රතිසංස්කරණ දිනා ගැනීමට ය.

අතිශයින් පක්ෂග්‍රාහී වූ මේ මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම හා  රාජ්‍ය සේවා කොමිසම යටතේ ඡන්දයක යාමත් ඉන් පසුව ආණ්ඩු පිහිටුවීමත් අර්බුදකාරී වනු ඇති බව සිවිල් ක්‍රියාකාරිහු හොඳින්ම දනිති.

 2018 දින 52 ආණ්ඩුවෙන් පසුව නැවත එජාප කැබිනට් මණ්ඩලය පත් කරන විට එවකට බලතල සීමා කර තිබූ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති සරත් ෆොන්සේකා, පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරුන්ට කිසිම අමාත්‍යාංශයක් දුන්නේ නැත. එවැනි තත්වයකට පත්වීමට කිසිදු සජබ මන්ත්‍රීවරයෙකු නැවත සුදානම් වන්නේ නැත. ආණ්ඩු පක්ෂය ද ජනාධිපතිවරයා සෘජුව විවේචනය නොකරන්නේ ඒ නිසාය.
 
 
නියමිත දිනට ඡන්දය පවත්වන්නේ නම් මහා මැතිවරණයකට තව වසර 3 ½ ක් තිබේ. ව්‍යවස්ථාවට අනුව තව මාස 6 කින් ජනාධිපතිවරයාට මහා මැතිවරණයක් කැඳවිය හැකිය. ඡන්දයක් ඉල්ලන කණ්ඩායමක් සිටී. ඡන්දයකින් දිනන්නට බැරි කණ්ඩායමක් ද සිටී. ඒ සියල්ලම අතර  මිනිසුන් මිලියන 20 දැවැන්ත ජීවන අරගලයක නිරතව සිටී.  ඔවුන් අමතක කර දේශපාලනය කථා කිරීම විහිළුවකි.
 
 
 
Rajith(රජිත් කීර්ති තෙන්නකෝන්)
ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු)

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්