සංක්‍රාන්ති ලිංගික ක්‍රියාකාරිනියක පිළිබඳව වන බොලිවුඩ් චිත්‍රපටයක ප්‍රධාන භූමිකාව, හිටපු විශ්ව රූ රැජිනක වන සුෂ්මිතා සෙන් වෙත ලබාදීමට තීරණයකර ඇත.

 

මෙය ඉන්දියාවේ සංක්‍රාන්ති ප්‍රජාව අතර මතභේද ඇති කිරීමට හේතුවී තිබෙන අතර, අවස්ථාවක් ලැබෙන තෙක් බලා සිටි ඉන්දියානු සංක්‍රාන්ති ලිංගික නිළියන්ගෙන් කෙනෙකුට මෙම චරිතය හිමිවිය යුතුව තිබූ බව ඇතැමුන්ගේ මතයවී තිබේ.

තිර පරීක්ෂණය යහපත් අයුරින් සිදුවිය.

ප්‍රධාන චරිතයේ හොඳම මිතුරියගේ චරිතයට නව්‍යා සිං ඉදිරිපත් වූවා ය. ඇය ආත්ම විශ්වාසයෙන් යුතුව තමන් විසින් කියවිය යුතු කොටස ඉදිරිපත් කළ අතර, මිත්‍රශීලි සහ චරිතයට අවශ්‍ය පමණට සරාගී බවක් දැක්වූයේ ප්‍රධාන චරිතයට හිමිවිය යුතු අවධානය ඉන් පැහැරගෙන තමන් වෙත නතුවීමට ඉඩ නොතබමිනි.

ඇයට ඇගේ චරිතයට අදාළ දෙබස් ද හොඳින් මතක තිබිණි.

ඇය ඇගේ ඉදිරිපත් කිරීම සාර්ථකව සිදු කළත්, අනතුරුව කාමරය පුරා පැතිර ගියේ අහිතකර නිහඬතාවකි.

අවසානයේ දී නිහඬතාව බිඳිමින් තිර පරීක්ෂණය විනිශ්චය සඳහා පැමිණ මේසයට වාඩිවී සිටි එක් අධ්‍යක්ෂකවරයෙක් නව්‍යාගෙන් ඇසුවේ මෙවන් ප්‍රශ්නයකි.

"ඒත් ඔයා කවුද?" ඔහු නව්‍යාගෙන් ඇසීය. "ගැහැණියක්ද පිරිමියෙක්ද?"

"මගේ හදවත මගේ දෙපා මුල කඩා වැටෙනවා වගේ මට දැනුනා," නව්‍යා පවසන්නී ය. "ඒ කටුක ප්‍රශ්නය බොලිවුඩයේ නිළියක් ලෙස මම අසා පුරුදු ප්‍රශ්නයක්. ඒත් ඒක කිසි විටෙකත් පහසු වුණේ නැහැ."

Navya sigh

නව්‍යා ගම්බද බිහාරයේ සිටි හින්දි චිත්‍රපට කර්මාන්තයේ හෝ බොලිවුඩයේ කේන්ද්‍රස්ථානය වූ මුම්බායි වෙත පැමිණ තිබුණේ වයස අවුරුදු 18 දී ය. ඇය තම මව සමග කළ අවසන් සංවාදයේ දී ද මවට පැහැදිළි කර තිබුණේ, තමන් උපතේ දී ලැබූ ලිංගිකත්වය තවදුරටත් තමන්ගේ අනන්‍යතාව නොවන බවයි.

"මම පිරිමි ළමයෙක් නෙවෙයි..." දෙදෙනා ඔවුන්ගේ නිවසේ ආලින්දයේ අසුන්ගෙන මදුරුවන් තලමින්, රාත්‍රී අහස දෙස බලාගෙන සිටිද්දී නව්‍යා පවසා තිබුණි.

"මගේ ආත්මය ගෑණු ළමයෙක්ගේ."

සඳ දෙස බලා සිටි නව්‍යාගේ මව තමන් පුදුමයට පත්වූ බව නොපෙන්වා හිස වැනුවා ය.

"පොළොවේ පය ගහලා ඉන්න," ඇය නව්‍යාට පැවසුවා ය. "ඔයා පිරිමි ළමයෙක්."

32415නව්‍යා තම දෙමාපියන් අතහැර මුම්බායිහි පදිංචියට ගියා ය.


තම ලිංගික අනන්‍යතාව නොසඟවා සිටීමට ගත් තීරණයෙන් අනතුරුව තවදුරටත් තමන්ට ගමේ වාසය කළ නොහැකි බව නව්‍යා දැන සිටියා ය. ඇය ගමේ නායකයාගේ වැඩිමහල් මුණුපුරා වූ අතර, ගම් නායකයාත්, ගම්වැසි ගතානුගතික පන්ජාබි ප්‍රජාවත් පිළිගත්තේ සාම්ප්‍රදායික ස්ත්‍රී පුරුෂ භූමිකාවන් පමණකි.

නව්‍යා අන්තර්ජාලයෙන් ඇය හා මිතුරු වූ සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් වන මහීට පණිවිඩයක් එව්වා ය. මහී වසර ගණනාවකට පෙර බිහාරයෙන් පිටව ගිය අයෙකු වන අතර ඇය නව්‍යාට ද එයම කරන ලෙස උපදෙස් දුන්නා ය. එමෙන්ම කිලෝමීටර් 1700ක දුරකින් පිහිටි මුම්බාය වෙත පැමිණ තමන් හා ජීවත්වන ලෙසත් ඇයට ආරාධනා කළා ය.

නව්‍යා මේ අසා ඉතාමත්ම සතුටට පත්වූවා ය. ඇය ඉන්දියාවේ මහජන සේවා නාලිකාවක් වන දූරදර්ශන් රූපවාහිනියේ චිත්‍රපට සහ කතාමාලා නරඹමින් හැදී වැඩුණු අයෙකි. ඇගේ ප්‍රියතම රූපවාහිනී වැඩසටහන වූයේ ඉන්දියාවේ රූ රැජිනවීමට තරග කරන නිරූපිකාවන්ගේ පරිකල්පනීය ලෝකය වන 'මේ බානුන්ගී මිස් ඉන්ඩියා' ය. නාට්‍යය අතරේ පෙන්වන සංගීතයට නටන රූමත් කාන්තාවන්ගෙන් කෙනෙකුවීමට හෝ, නැතහොත් ඊට වඩා හොඳ ප්‍රධාන කාන්තා චරිතයකට රඟපෑමට ලැබීම කුමනාකාර දෙයක් වනු ඇත්දැ යි නව්‍යා සිතින් මවාගෙන තිබුණි. මුම්බායිහි දී ඇය සමීප වන්නේ මේ ලෝකයට ය.

තමන් සතුවූයේ මුදල් ස්වල්පයක් පමණක් හෙයින්, මුම්බායිහි වීදි ආහාරවලින් යැපීමට නව්‍යාට සිදුවිය. ඇතැම් විට දිනකට එක් 'වඩා පාව්' (ගැඹුරු තෙලේ බදින ලද අර්තාපල් පැටියක්, මැදින් දෙකට කැපූ බනිසක් තුළ තබා වළඳන එනම් කෙටි ආහාරය) එකකින් පමණක් සෑහීමට ඇයට සිදුවිය.

මේ අතර, නිරූපිකාවක් සහ චිත්‍රපටිවල සුළු චරිත රඟපාමින් ජීවත්වූ මහී, මුම්බායි නගරයේ කෙමෙන් වැඩෙන සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවට නව්‍යා හඳුන්වාදුන්නා ය.

මහී හරහා LGBT නර්තන ශිල්පීන්, නිරූපිකාවන්, සහ නළුවන් මුණගැසීමේ අවස්ථාව නව්‍යාට ලැබිණි. මෙයින් සමහරෙක් රටේ වඩාත්ම ප්‍රසිද්ධ චිත්‍රපට සහ ප්‍රචාරණ ව්‍යාපාරවලට සම්බන්ධ වූ අය වූවත්, අනෙක් පිරිස, විශේෂයෙන් LGBT ප්‍රජාවේ සංක්‍රාන්ති සාමාජිකයන්, තමන් උදෙසා අරගල කරමින් සිටිය හ. ඇය හඳුනන කිහිප දෙනෙක් එදිනෙදා ජීවත්වීම සඳහා මුදල් ඉපයීමට චිත්‍රපට, නැටුම් සහ නිරූපණ ශිල්පයේ යෙදෙන අතරේ ලිංගික සේවා සැපයීමට ද යොමුවී සිටියහ.

"සංක්‍රාන්ති කට්ටියට බොලිවුඩ්වල වැඩ ලැබෙනවා අඩු යි," යි ඇය පවසයි. "ඔයාට විලාසිතා සංදර්ශනවලට හරි චිත්‍රපටවලට හරි තිර පරීක්ෂණ ලැබෙයි. නමුත්, ඒ අයගෙන් ආයේ තොරතුරක් ලැබෙන්නේ අඩුවෙන්. සමලිංගික විලාසිතා නිර්මාණකරුවො, නිෂ්පාදකයො පවා අපට අවස්ථා ලබාදෙන්නේ අඩුවෙන්. බොහෝවිට සංක්‍රාන්ති ප්‍රජාවට බාධා පමුණුවන්නේ LGB ප්‍රජාවෙම අය තමයි."

නමුත් නව්‍යාට විලාසිතා සංදර්ශන සඳහා මෙන්ම Grazia සඟරාව සඳහා නිරූපිකාවක්වීමට ද ආදී අවස්ථා කිහිපයක් ලැබුණි. ඇයට එරට සංක්‍රාන්ති ලිංගිකයන් සඳහා වන විශාලතම රූ රැජින තරගය වන මිස් ට්‍රාන්ස් ක්වීන් ඉන්ඩියාහි අවසන් තරගකාරියක මෙන්ම සන්නාම තානාපතිවරියක බවට පත්වීමට ද හැකි විය.

NAVYA SINGH

ඇය මුම්බායි වෙත පැමිණ වසර හතක් ඉක්මයාමෙන් පසු නව්‍යාට අපරාධ පිළිබඳ වූ නාට්‍ය මාලාවක් වන සාව්දාන් ඉන්දියාහි සංක්‍රාන්ති කාන්තාවකගේ භූමිකාවක් ලැබිණි. ඇයට ඉතා ඉක්මනින් Instagramහි ජනප්‍රියවීමට ද හැකිවූ අතර, ඇගේ ගිණුමට අනුගාමිකයන් 100 000කට වඩා එකතුවිය.

නාට්‍යමාලාවේ පළමු කථාංගය විකාශයවීමෙන් පසුව ඇයට ඇගේ දෙමාපියන්ගෙන් ඇමතුමක් ලැබිණි. ඇය බිහාරය හැරගිය දා සිට ඔවුන් ඇය සමග සබඳතා පවත්වා තිබුණේ නැත.

"එයාලා මට කිව්වා, 'අපට සමාවෙන්න, සංක්‍රාන්ති ලිංගිකත්වය මොකද්ද කියලා අපි දැනන් හිටියේ නැහැ. ඒත් ඔයාව ටීවී එකේ දකිද්දී අපට ඒක දැන් තේරෙනවා. ඔයා අපේ දරුවා,' කියලා."

නව්‍යා ඉතා සතුටින් ඔවුන් තම ජීවිතයට නැවත පිළිගත් අතර, ජීවිතය කෙමෙන් සුබවාදීවන්නට විය.

2022 මුල් භාගයේ දී මුම්බායිහි LGBT ප්‍රජාව රූපවාහිනියේ විකාශයවීමට නියමිත කතා මාලාවක් කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන්නට වූහ. 'තාලි' නම් වූ මෙම කතා මාලාව, ඒඩ්ස් රෝගයෙන් මියගිය ලිංගික සේවා සපයන්නියකගේ දියණියක් හදාවඩාගත් මුම්බායිහි සංක්‍රාන්ති ලිංගික ක්‍රියාකාරිනියක වන ගෞරි සවාන්ත්ගේ ජීවිතය පාදකකර ගැනීමට නියමිතව තිබුණි. 2014 දී, දරුවෙකු හදාවඩා ගැනීමේ අයිතිය ඉල්ලා ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ පළමු සංක්‍රාන්ති ලිංගික පුද්ගලයාබවට පත්වූ සවාන්ත්, වෙනස් ආකාරයක පවුලක් ඇති අයෙකු ලෙස ප්‍රශංසාවට ලක්වූවා ය.

xfgrසුෂ්මිතා සෙන් තම චරිතය රඟදැක්වීම තමාට ඉමහත් ගෞරවයකැ යි සවාන්ත් පවසයි.


"තාලි ගැන මුලින්ම අහපු වෙලාවේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ඉන්න ප්‍රමුඛ හා වීර භූමිකාවක් ඒකෙ තිබ්බ එක ගැන අපට ලොකු සතුටක් දැනුනා," නව්‍යා පවසන්නී ය. "එය අපේ ප්‍රජාව ලද විශාල ජයග්‍රහණයක්. ඒක අපට තේරෙන භූමිකාවක් වගේම, අපේ ප්‍රජාවේ කෙනෙක් ගැන යි ඒකෙන් පෙන්නන්නේ."

නමුත් නව්‍යාගේ ප්‍රියතම බොලිවුඩ් නිරූපිකාවක සහ සංක්‍රාන්ති නොවන කාන්තාවක වන නිළි සුෂ්මිතා සෙන්, ගෞරි සවාන්ත්ගේ චරිතය සඳහා තෝරාගෙන ඇති බව පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී නිවේදනය කරනු ලැබුණි.

"ගෞරිගේ චරිතය සංක්‍රාන්ති ලිංගික නොවන නිළියකට ලැබීම ගැන මට දැනුණේ විශාල කණගාටුවක්. ඒ ගැන කණගාටු වුණු එකම එක්කෙනා මං නෙවෙයි," නව්‍යා පවසයි.

මෙම තෝරාගැනීම සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ පිරිසකගේ විවේචනයට ලක්විය.

"ඇයි සංක්‍රාන්තික නොවන කාන්තාවක් සංක්‍රාන්ති චරිතයක් රඟපාන්නේ?" එක් ට්වීටර් පණිවුඩයක් ප්‍රශ්නකර තිබුණි. "මේ අවුරුද්ද මොකද්ද? 1995 ද?
සංක්‍රාන්ති චරිතවලට සංක්‍රාන්ති නළුවන් ගන්න!"

තවත් ට්විටර් පරිශීලකයෙක් මෙසේ අදහස් දක්වා තිබුණි: "ඉතාමත්ම හොඳින් රංගනයේ යෙදී තියෙන සංක්‍රාන්ති ලිංගික නළුවන්ගේ දිග ලැයිස්තුවක් මට ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත්, බොලිවුඩයෙන් මීට වඩා අපේක්ෂා කරන්න පුළුවන් මොනවද?"

fdf

"ගැටළුව තමයි සංක්‍රාන්ති ලිංගිකයන්ට ප්‍රමාණවත් තරම් විවිධත්වයක් සහ සංකීර්ණබවක් ඇති භූමිකාවන් නොමැතිකම," සංක්‍රාන්ති ලිංගික නිළි කල්කි සුබ්‍රමනියම් BBCයට පවසා සිටියා ය.

"අපට පිරිනමන භූමිකාවන් ඒකාකාරීයි: ඒවා බොහෝ විට ලිංගික ශ්‍රමිකයො, විවාහ මංගල්‍යයකට ආශිර්වාද කරන පසුබිම් චරිතයක්, ශාප කරමින් ඉන්න ඝෝෂාකාරී පුද්ගලයා ආදී චරිතවලට සීමාවෙනවා.

"දකුණු ඉන්දීය චිත්‍රපට කර්මාන්තය වගේ ඉන්දියානු සිනමාවේ සමහර කොටස්වල මේක මේ වෙනකොට වෙනස්වෙමින් තිබෙනවා. එහෙත් බොලිවුඩයේ නම් නෙවෙයි."

ඉන්දියාවේ වඩාත් ප්‍රසිද්ධ සංක්‍රාන්ති ලිංගික නිළියක වන අංජලී අමීර් විචාරක පැසසුමට ලක්වූ දමිළ භාෂා චිත්‍රපටයක් වන පෙරන්බු වෙත රංගනයෙන් දායකවූ අතර, එහිදී ඇය රඟපෑවේ ජනප්‍රිය නළු මම්මූතිගේ සංක්‍රාන්ති ලිංගික ප්‍රේමිය ලෙස ය. අංජලී ඉන්දීය සිනමාවේ ප්‍රධාන කාන්තා චරිතයක් රඟපෑ පළමු සංක්‍රාන්ති ලිංගික කාන්තාව යි.

සිනමාවේ LGBT චරිතවල ඇති ඒකාකාරීබව බිඳදැමීම සඳහා මෙම චරිතය ඉටුකළ භූමිකාව විචාරක ප්‍රශංසාවට ලක්විය. එම චිත්‍රපටයේ අංජලීගේ චරිතය ප්‍රධාන නළුවා සහ ඔහුගේ ආබාධිත දියණිය හුදකලා ජීවිතයකින් "ගලවාගන්නා" අතර, ඔවුන් තිදෙනා ආදරණීය පවුලක් තනනු පෙන්වයි.

නමුත් ගෞරි සවාන්ත්ගේ චරිතයට සුෂ්මිතා සෙන් තෝරාගැනීමේ තීරණයට අංජලී අමීර් සහාය දෙයි.

"සුෂ්මිතා සෙන් වගේ ප්‍රසිද්ධ නිළියක් මේ චරිතය නිරූපනය කිරීම සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවට හොඳයි," අංජලී BBCයට පවසයි. "ඒකෙන් පේන්නේ අපේ කතා ප්‍රධාන ධාරාවේ කතාබවට පත්වෙනබව නේ. අපේ කතා වැඩි වැඩියෙන් මිනිස්සු අතරට ගියාම, මිනිස්සුන්ට අපිවත් මිනිස්සු විදියට පේන්න පටන්ගත්තාම, අපට තවත් චරිතයන් විවරවේවි."

anjaliඅංජලී අමීර් - ඉන්දියානු සිනමාවේ ප්‍රමුඛ කාන්තා චරිතයක් රඟපෑ පළමු සංක්‍රාන්ති ලිංගික නිළිය.


පෙරන්බු චිත්‍රපටයේ ඇගේ චරිතය සඳහා නළු මම්මූතිගෙන් සහ සුප්‍රසිද්ධ අධ්‍යක්ෂ රාම්ගෙන් ප්‍රසිද්ධියේම ලැබුණු සහයෝගය නිසා ඇයට දැන් සංක්‍රාන්ති නොවන කාන්තාවන්ගේ චරිත ද ලැබෙන බව අංජලී පවසයි. නමුත් බොලිවුඩය තවමත් ඒ සම්බන්ධයෙන් දකුණු ඉන්දීය චිත්‍රපට කර්මාන්තය තරම් ප්‍රගමනයට ලක්ව නොමැතිබවත් ඇය පවසන්නී ය.

"සංක්‍රාන්තික පුද්ගලයින් සඳහා වැඩිපුර චරිත ලියැවෙන්නේ ඔවුන් වින්දිතයන් හෝ ලිංගික ශ්‍රමිකයන් විදියට නිරූපනය කරමිනුයි. මම එයින් ඈත්වෙලා ඉන්න උත්සාහ කරනවා. මට ඕනේ හොඳ චරිත විතරක් රඟපාන්න යි," ඇය පවසයි. "මම හිතන්නේ සුෂ්මිතා සෙනුත් එහෙම යි. නළුවො කරන්නේ ඒක යි. ලිංගික අනන්‍යතාව ඒකට අදාළ කරගත යුතු නැහැ."

මේ මතය ගෞරි සවාන්ත් ද දරන අතර, ඇය සුෂ්මිතා සෙන් අමතා පණිවිඩයක් පළ කරමින් තම චරිතය රඟපෑමට ඇය තෝරාගැනීම "මගේ ප්‍රජාවට ඉමහත් ගෞරවයක්" යනුවෙන් පවසා තිබේ.

සුෂ්මිතා ඊට ප්‍රතිචාර දැක්වූයේ, "අපි මේක කරමු!" යනුවෙනි.

සුෂ්මිතා ඇගේ ද පළමු තේරීමවූයේයැ යි ගෞරි සවාන්ත් කළ ප්‍රකාශය පසුව හින්දුස්ථාන් ටයිම්ස් උපුටාදක්වා තිබුණි.

පසුගිය දා නව්‍යාට තාලිහි සුළු චරිතයක් සඳහා ආරාධනා ලැබුණු නමුත්, එක් දිනක් එහි දර්ශන තලයේ රැඳී සිටීමෙන් පසුව ඇය ආපසු හරවා යවා තිබුණේ ඇය තවදුරටත් අවශ්‍ය නොවන බව පවසමිනි. එම තීරණය තමන්ට ඉමහත් දුකක් වූ බව ඇය පවසන්නී ය.

"චිත්‍රපට රූගත කිරීම්වල දී නිෂ්පාදන කාලසටහන් වෙනස්වීම සහ ඇතැම් පුද්ගලයන් තවදුරටත් අවශ්‍ය නොවීම සාමාන්‍ය දෙයක්," ඇය පවසයි. "නමුත් ඔයා බොලිවුඩයේ සංක්‍රාන්ති කාන්තාවක් නම්, ඒක නිතරම සිදුවෙනබව පේන්න තියෙනවා. ඔයාගේ කාලයට අගයක් නොලැබෙනවා වගේම, ඔයාගේ මූණ ඒගොල්ලන්ට අනවශ්‍ය වෙනවා. ඔයා ප්‍රධාන ධාරාවේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් හිස්තැන් පිරවීමට ඉන්න පසුබිම් චරිතයක් වෙනවා."

නව්‍යා නිරූපණ සහ චිත්‍රපට චරිත සඳහා තිර පරීක්ෂණවලට සහභාගී වන අතරතුරේ, නවාතැන් සඳහා මුදල් උපයා ගැනීමට රාත්‍රී සමාජශාලාවල රංගනයේ යෙදෙයි. ඇය සංකීර්ණ හා ශක්තිමත්, සියල්ලන් කැමැති චරිතයක් ලැබීම ගැන සිහින දකින නමුත්, බොලිවුඩයේ හින්දි චිත්‍රපට කර්මාන්තයේ එම කොටස් සංක්‍රාන්ති නිළියන් සඳහා ලැබෙන්නේ ඉතා අල්ප වශයෙන්බව දනියි. තාලි සහ ගෞරි සවාන්ත්ගේ චරිතය ගැන බොහෝදෙනා බලාපොරොත්තු තබාගෙන සිටියේ එබැවිනි.

"ගෞරි අපටත්, අපේ ප්‍රජාවටත් ගොඩක් වැදගත් කෙනෙක්," ඇය පවසයි. "සංක්‍රාන්ති නිළියකට එම චරිතය රඟපෑමට ලැබුණා නම් ඒක කෙතරම් ප්‍රබල ප්‍රකාශයක් වේ ද කියලා හිතලා බලන්න? ඒක ඇගේ වෘත්තීය ජීවිතය වෙනස් කරන්න තිබුණා. ඈට ප්‍රධාන ධාරාවට පිවිසීමට එයින් ඉඩක් ලැබෙන්නට තිබුණා."


(BBC සිංහල සේවය )

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image