leader s

පසුගිය සතියේ දී කාන්තාවන් දෙදෙනෙකු සිරගත කර සිටින අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි යන දෙදෙනා නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් සමගි ජනබලවේගයේ සාමාජික කාන්තාවන්

දෙදෙනෙකු විසින් වසන්තගේ සහ සිරිධම්ම හිමි ගේ ජායාරූප රැගෙන ගෝල්ෆේස් වෙත පාගමනින් ඒමට පිටත් වූ අතර ඔවුන්ව පානදුර ප්‍රදේශයේ දී පානදුර පොලීසිය විසින් අත්තඩංගුවට ගන්නා ලදී.

එම අත්තඩංගුවට ගන්නා අතරතුර පානදුර පොලිසියේ OIC විසින් එම ස්ථානයේ සිටි පොලිස් කාන්තාවන් දෙදෙනෙකු ගේ බෙල්ලෙන් අල්ලා තල්ලුකර එම කාන්තාවන් දෙදෙනා අත්තඩංගුවට ගන්නා ලෙස කියයි.

මෙම පොලිස් නිලධාරියාගේ ක්‍රියා කලාපය පිළිබඳ සිවිල් සමාජය ඉතා කලකිරීමට ලක්ව FACEBOOK එක පුරා සිය දුක ලියා ඇත. අල ළූණු එක ගෝනියක දමා ඇතුවාක් මෙන් සිවිල් සමාජයද එකම ගෝනියේ සිටින අල ළූණු මෙන් සිටින නිසා අපට ඔවුන්ගේ දුක ගැන කණගාටුවක් නැත.

නමුත් පොලිස් නිලධාරියාගේ ක්‍රියාකලාපය පිළිබඳ සිවිල් නොවන කණ්ඩායම් දක්වන අදහස් ඉතා විහිලු සහගතය.


 1988/89 වකවානුවේ දී R. ප්‍රේමදාස විසින් අන්තරේ මිලේඡ්ච මර්ධනයකට ලක් කළේය. ඊට සජබේ අද සිටින බොහෝ සමාජික සාමාජිකාවන් ද සෘජුව හා වක්‍රව සම්බන්ධ විය. නමුත් අද වන විට වසන්ත සහ සිරිධම්ම හිමි නිදහස් කර ගැනීමට පාගමන් යන්නේ එදා ඔවුන්ව මර්ධනය කල පිරිසම ය. කුමාර් ගුණරත්නම් ට මේ ගැන ඇත්තේ ආඩම්බරයක් වුවද අපට අනුව නම් ලැජ්ජාවකි.

ගැහැණු හා පිරිමි වෙන්කොට සැලකීම යනු සාම්ප්‍රදායික ලිබරල් අදහසකි. ගැහැණුන් යනු දුබලයන් ලෙස දැකීමද ඊටම අයත් ය. එහෙත් විප්ලවවාදී වීම යනු මෙම වෙනස්කොට සැලකීමෙන් තොරව කටයුතු කිරීමයිම. ගැහැණුන් හෝ පිරිමින් හෝ වේවා ගත යුතු වැඩක් ඇත්නම් එය කුමන හෝ ලෙස ඉටුකර ගැනීම කෙසේ හෝ කල යුතුය.


කුමාර් ගුණරත්නම්, අනුර, සජිත් තමන්ගේ පක්ෂයන් හසුරුවන විට එහි සිටින කාන්තාවන් ට "සුදු මැණික" වෙනුවට "පට්ට බැල්ලි"ලෙස කතා කොට ලබා ගත යුතු වැඩේ ගනී. ටිල්වින් මෙන්ම අනුරද පක්ෂයේ සාමාජිකාවන්ගෙන් වැඩ කරවා ගන්නේ එසේය. මෙය ETHICS ගැන ගැටලුවක් නොව පක්ෂයේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාම පිළිබඳ ගැටලුවක් වේ.

සජිත් ප්‍රේමදාස ගේ පක්ෂය යනු මොන්ඩිසෝරියක් නොවේ. තමන්ගේ වැඩේ කර ගැනීමට කාන්තාවන් ට සලකන්නේ බල්ලන්ට වඩා අන්ත ලෙසයි. පොලීසියේ තල්ලුවට හඬන මහත්වරු පක්ෂ තුළ පහර දීම් ගැන කතා කරන්නේ නැත.

සාලිය පීරිස් ද පොලිස් නිලධාරියාගේ ක්‍රියා කලාපය ගැන කනගාටුව ප්‍රකාශ කර ඇත. අපි අහන්නේ සාලියගෙන් ඔය Chamber ඇතුලේ නවක නීතීඥ වරියන්ට නඩුවක් ගෙනයාමට කතා කරන්නෙ මෙනවිය කියාද ? කියලයි.


පොලීසියේ ඉන්න බොහේ පොලිස් කාන්තාවන් එක්කෝ පිරිමි ලඟ ඇඹරෙන හුරතල් වන්නන්  ය. එසේ නැතහොත් සන්සිල්ක් ගා සුවද ගගහා ඉන්නා කාන්තාවන් ය. තවත් පිරිසක් වන්නේ වොලි බෝලි ගහන යකඩ වැනි ගැහැණුන්ය. කාන්තාවන් අත්තඩංගුවට ගැනීමට අණ දුන් විට එය ක්‍රියාත්මක කල යුත්තේ පොලිස් කාන්තාවන් විසින් ය. ඔවුන් එය ක්‍රියාත්මක නොකර පැත්තකට සන්සිල්ක් සිනහව දාගෙන සිටී නම් බෙල්ලෙන් අල්ලා තල්ලුකර හෝ එම කාර්‍යය ඔවුන් ලවා ඉටුකර ගත යුතුය. රාජ්‍ය බලය යනු එයයි.

 

(Samabima Party)


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්