පලාත් පාලන ඡන්දය කල්දායි කියන සාකච්ඡාව ආයෙත් උඩට ඇවිත්. රටේ රාළ නං දැන් පලාත් පාලන මැතිවරණය ගැන

කතා කරන්නේ නැති තරම්. මාර්තු 09 වෙනිදා තියන්න තිබුණ පලාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද දිනය කල් දානකොටම රටේ රාළ කිව්වා ආයෙත් මේ පලාත් පාලන ඡන්දය එන්නේ නෑ කියලා. ආයෙත් කවදා හරි එන්නේ අලුත් පලාත් පාලන ඡන්දයක්. ආයෙත් නාමයෝජනා කැදවපු අලුත් අපේකෂකයෝ තරඟවදින පලාත් පාලන ඡන්දයක්.



නොතියන ඡන්දයක් වගේම ඡන්දයක් දිනාගන්න බැරි, දිනාගන්න කෙනෙක් නැති පලාත් පාලන ඡන්දයක් වෙනුවෙන් වචන නාස්ති කරලා වැඩක් නෑ. විපක්ෂයත් රටට නොකිව්වට එයාලත් දන්නවා මේ ඡන්දය ආයෙත් එන්නේ නෑ කියලා. ඒත් එයාලට වෙන එල්ලෙන්න සටන් පාඨයක් නැති හින්දා ඒකෙම එල්ලිලා ඉන්නවා.


ඒකට හොඳම උදාහරණය තමයි ගිය සිකුරාදා Water stage එකේ පැපරල් සංවිධානයේ මූලිකත්වයෙන් කැදවලා තිබුණ පලාත් පාලන මැතිවරණයට තරඟ කරන පක්ෂ නායකයන්ගේ රැස්වීම. එතනට විජිත හේරත්. රංජිත් මද්දුම බණ්ඩාර, උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායමක් ඇවිත් හිටියා. එළියේ පොර ටෝක් දෙන එයාලා එතනදී කිව්වේ මොකක් හරි ක්‍රමයකට ඡන්දය කල්දායි කියලා. ගොඩක් අය හිටියේ අප්‍රියෙල් 25 ඡන්දයක් නෑ කියන ස්ථාවරයේ. එතන හිටපු සෝමවංශ අමරසිංහගේ පක්ෂේ නියෝජිතයා නම් ලස්සන කතාවක් කිව්වා. එයා කිව්වේ මෙහෙම බෙදිලා රනිල් පරද්දන්න බෑ. රනිල් පරද්දන්න නම් පළල් එකඟතාවයක් සහිත සාමූහික ක්‍රියා මාර්ගවලට යන්න ඕනි කියලයි.

එතන හිටිය ගොඩක් අය ඒ කතාව අනුමත කරද්දී ජවිපෙ විජිත හේරත් නං මූණ බෙරි කරගෙන හොර ගොනා වගේ ඉන්නවා දැක්කා. ඇත්තටම දැන් ඡන්දයක් වෙනුවෙන් සටන් කරනවා නම් සටන් කරන්න ඕනි මහා මැතිවරණයක් වෙනුවෙන්. හැබැයි රනිල්ගේ ඔළුවේ තියෙන්නේ ජනාධිපතිවරණයක්. කොහොමත් දැන් කාටකාටත් රනිල් ගහන පදයට නචන්න වෙලා තියෙන හින්දා රනිල් ගේන ඡන්දයකට ලෑස්ති වෙන්න වෙනවා. තව මාස 18 ක් ඇතුලත ජනාධිපතිවරණයක් එනවා. ඒ ජනාධිපතිවරණයේදී අපිට නං අපේ කියලා අපේක්ෂකයෙක් නෑ. අපිට නැති උනත් දැන් ඒ ජනාධිපතිවරණයට අපේ නොවෙන අපේක්ෂකයෝ කීපදෙනක් ඉදිරිපත් වෙන්න ලෑස්ති පිට ඉන්න බව පේනවා. රනිල් ඉන්නවා. සජිත් සහ අනුර දෙන්නම එනවා. මෛත්‍රීත් එනවා කියනවා. උවිඳුත් එයි. සමහරවිට අන්තිම මොහොතේ විපක්ෂයෙන් පොදු අපේක්ෂකයෙක් දාන්නත් බැරි නෑ. එහෙම උනොත් පාඨළී, ඩඩ්ලි, ඩලස් වගේ නම්ත් මේ ගොඩට එකතු වෙයි.



හරි දැනට තරගයේ උඩින්ම ඉන්නේ රනිල්. සජිත්, අනුර තුන්දෙනා නේ. මේ අපේක්ෂක මහත්තුරු මම එනෝ. මම එනෝ කියකියා කෑගහලා විතරක් වැඩක් නෑ. ඊට මෙහා මේ මාස දහ අට ඇතුලේ රට ගොඩනගන කෙටි කාලීන වැඩපිලිවෙලවත් අවම වශයෙන් කියන්න ඕනි.



හැබැයි අර සජිත් කියනවා වගේ පිටරට නායකයොත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරලා ආධාර අරන් රට හදනවා වගේ ගොන් කතා නං කියන්න එපා. නැත්තං අනුර කියනවා වගේ අපි ආවට පස්සේ අපේ විදෙස් ශ්‍රමිකයෝ සල්ලි එවයි, ඒවායින් අපි රට හදනවා වගේ අනිරමාර්ථයේ අසම්භාව්‍යක් ක්‍රියා ගැන කියන්නත් එපා. දැන් ආණ්ඩුව කියනවානේ අප්‍රියෙල් මුල් සතිය වෙනකොට IMF ණය වාරිකය හම්බ වෙලා, ණය ප්‍රති ව්‍යුහගතකරණයත් වෙනවා කියලා. එතකොට ඉතින් තවත් ලේසියි. IMF ණය ගත්තේ රනිල් උනාට ඒ ණය ගෙවන්න වෙන්නේ අපිට. ඒ කියන්නේ රනිල් ණය ගන්නේ රටට. ඒක නිසා IMF ණය හම්බ උනාම ඒ සල්ලි වියදම් කරන්නේ කොහොමද, මොකද්ද සැලැස්ම,  ප්‍රමුඛතා මොනවද කියලා කියන්න අපි කාටත් අයිතියක් තියනවා, ඒ ගැන ආණ්ඩුවට මඟ පෙන්වීමක් කරන්න ඕනි වගේම ප්‍රශ්න කරන්නත් ඕනි. ඒක පුරවැසියෙක්ගේ වගකීමක් වගේම යුතුකමක්.එ හෙම නැතුව අර විජිත හේරත් වගේ IMF ණය නං කාටද ගන්න බැරි වගේ කුහක කතා කියන්න එපා.



රුපියල ශක්තිමත් වෙන එක ඉවසා ගන්න බැරිව ටිල්වින් පරල වෙලාලු. කොමා තත්වයට ආසන්නයිලු. ටිල්වින් කියන්නේ ඕක තාවකාලිකයි ළගදීම ඩොලර් එක රුපියල් 400 ට නගිනවා කියලා. ඇත්තටම මේ යකා ඇමරිකන් පිල්ලියක්ද කියලත් හිතෙනවා. ඊළඟට ටිල්වින් කියන්නේ රුපියල ශක්තිමත් වෙන්නේ ආණ්ඩුව ගත්ත ක්‍රියා මාර්ග හින්දා නෙවෙයිලු. බැංකුව ගත්ත ක්‍රියා මාර්ග හින්දලු. හරි කමක් නෑ අපි ඕන්නං මෙහෙමත් කියන්නං රුපියල ශක්තිමත් වෙන්නේ ටිල්වින් ගත්ත ක්‍රියා මාර්ග හින්දා කියලා. දැන් IMF ණයත් හම්බ වෙනවා නම්, රුපියලත් ශක්තිමත් වෙලා නම් දැන් රට හදන්නේ කොහොමද කියලා කියන්න ටිල්වින්ලට පුළුවන් වෙන්න ඕනි. හැමදාම බැරිගේඩ් එකෙන් එහා පැත්තට වෙලා හූ කියන, ගල් ගහන එක නවත්තලා රට හදන යෝජනාවලියත් කියන්න.



හරි,එහෙනම් මෙහෙම කරමු. රටේ රාළ වැඩේ Start කරන්නම්. රටේ රාළ දිගටම හිටියේ IMF ණය හම්බ උනත් නැතත් අපට වෙනත් විකල්ප සහිත වැඩපිළිවෙලක් තියෙන්න ඕනි කියන ස්ථාවරයේ. එහෙම යෝජනාවලියක් පාඨළී ඉදිරිපත් කරලා තිබුණා. කරූගේ සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයත් එහෙම යෝජනාවලියක් ඉදිරිපත් කරලා තිබුණා.

ඇත්තටම ඒ යෝජනාවලි දෙකම හොඳයි. රට ගොඩදාන්න හිතන ඕනි කෙනෙකුට 43 තුනේ යෝජනාවලියත්, සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ යෝජනවලිත් Fallow කළාට කමක් නෑ. කොහොම උනත් අපි මෙතනදී ලොකු බරක් තියන්න ඕනි අපේ අපනයන වර්ධනය කර ගන්න. ඇත්තටම අපනයන ආදායම වැඩි කරගන්න. අපනයනය සදහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න. ඒකට අපේ ආර්ථිකයේ ප්‍රමුඛ තැනක් දෙන්න ඕනි. දැනට අපි තේ, රබර්, ඇඟළුම් වගේ පොඩි පොඩි දේවල් ටිකක් අපනයනය කරනවා. ඇත්තටම අපි මේ ක්ෂේත්‍රයේ පිම්මක් පනින්න ඕනි. රටේ රාළ යෝජනා කරන්නේ ඒ ඉළක්කය සහිතව විධිමත් ආර්ථික ප්‍රතිසංස්කරණයක් ඉක්මනින් රටට ගේන්න ඕනි කියලයි.


විශේෂයෙන්ම රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කරන්න අපට එකපාරට බෑ. ඒකට රට ඇතුලේ ආයෝජන අවස්ථා වැඩි දියුණු කරන්න ඕනි. දේශීය නිෂ්පාදකයා ශක්තිමත් කරන ගමන් විදේශීය ආයෝජන රටට ගේන්න ඕනි.

ඇත්තටම ඉස්සෙල්ලාම කරන්න ඕනි ආයෝජන ගේන්න ලොකුම බාධාවක් වෙලා තියන අපේ මේ ව්‍යුහාත්මක රටාවේ තියන අඩුපාඩු ටික හරිගස්සන එක. අපේ රටට එන ආයෝජකයකුට අවශය රාජ්‍යමය සහයෝගය හරියට හම්බ වෙන්නේ නෑ. නීති පද්ධතිය ඇතුලේ විවිධ වෙනස්කම් තියන රටක ඒ සර්විස් එක හරියට දෙන්න ඕනි. උදාහරණයක් ගත්තොත් කොළඹ වරයා නගරය පාලනය වෙන්නේ වෙනම පනතකින්. ඊට අමතරව BOI එක තියනවා. අයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය තියනවා. පරිසර අමාත්‍යාංශය තියනවා. ලංකාවට එන ආයෝජකයකුට ඉස්සෙල්ලාම ආයෝජනය එපා වෙන්නත මේ ආයතනවල රස්තියාදු වෙන්න ගියහම. පරිසරයට යන්න කියනවා. එතෙන්ට ගියහම BOI එකට යන්න කියනවා. ඔය හැම තැනකම තියෙන්නේ ගැරිල්ල. ඇත්තටම මේ ආයතන අතර සම්බන්ධීකරණයක් නෑ. ලංකාවට එන ආයෝජකයකුට අවශය නීතිමය සහ රාජ්‍යයමය වැඩටික කරන්න තිනි ආයතනයක් ඕනි.



මධ්‍යගත තැනක් ඕනි. මේ ආයතන ගොඩක් හදලා තියෙන්නේ තම තමන්ගේ කට්ටියට තනතුරු දෙන්න මිසක් රටට ආදරේට නෙවෙයි. ඔයාලට මතක ඇති ගෝඨාභය - මහින්ද ආණ්ඩුව කාලේ සෙලන්දිවා කියලා අතරමැදි බ්‍රෝකර් වැඩ කරන්න ආයතනයක් හැදුවා. ඒක හැදුවේ රාජපක්ෂලාට රටේ දේපල නීතියානුකූලව කොල්ල කන්න අවශ්‍ය පරිසරය හදන්න. ආයෝජකයෝ ගෙන්න මේ ක්‍රියාවලියට විධිමත් රාජ්‍ය මැදිහත්වීමක් සහ විධිමත් ආර්ථික ප්‍රතිසංස්කරණ ඕනි. ඊළඟට අපට සේවා සැපයිම හරහා අපනයන ආදායම වැඩි කර ගන්න පුළුවන්. ඉක්මනින් ඒ ක්ෂේත්‍රවලට අත තියන්න ඕනි. ඒවාට අවශය යටිතල පහසුකම් හදන්න ඕනි. යටිතල පහසුකමී කිව්ව ගමන් කට්ටියට මාර ජොලියක් එනවා. එතන තමයි ඇමති සහ නිළධාරියා දෙන්නම එකට එකතුවෙලා හොරකම් කරන තැන. විශේෂයෙන්ම තාක්ෂණික සේවා පැත්ත ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕනි.



ඒ වගේම අධ්‍යාපන පැත්ත සම්බන්ධවත් එහෙම කරන්න පුළුවන්. අධ්‍යාපන දැනුම විකුණන්න පුළුවන් උගතුන් ගොඩක් අපේ රටේ ඉන්නවා. එත් එයාලට අවස්ථාවක් නෑ. ඒකට තැනක් නෑ. අපේ අධ්‍යාපන ක්‍රමය නිදහස් අධ්‍යාපනය කියන සංකල්පය ඇතුලේ හංගලා තියෙන නිසා අධ්‍යාපන දැනුම විකුණන්න පුළුවන් ශක්තිමත් පෞද්ගලික විශ්ව විද්‍යාල පද්ධතියක් අපේ රටේ නෑ. ඇත්තටම වෙන්න ඕනි අපේ රටේ ජනතාවට නිදහස් අධ්‍යාපනය අවස්ථාව දෙන ගමන් විදේශ විනිමය ඉලක්ක කරගත්ත අධ්‍යාපන වෙළදපොලක් රට ඇතුලේ නිර්මාණය කිරීම.

මේ සංකල්පයට විරුද්ධ වෙන්න දැන් ජවිපෙටත් බෑ. මොකද ජවිපෙ නායකයෝ තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය අවස්ථා පළල් කරගන්න අද විදෙස් අධ්‍යාපනය සහ පෞද්ගලික අධ්‍යාපනය යොදා ගන්නවා. ඒක නිසා එයාලට ඒ අවස්ථාව රටක් විදිහට අපි අත්පත් කරගන්නවාට විරුද්ධ වෙන්න බෑ. දැන් ආයෙත් සංචාරක ව්‍යාපාරයේ ලොකු පිබිදීමක් ඇතිවෙමින් තියනවා. දැන් අපේ රට ගැන සංචාරක ආකර්ෂණය ආයෙත් වැඩිවෙලා. ඊයේ පෙරේදා ලෝකයේ ලොකුම නැව් අපේ වරායවල්වලට ආවා.

ඒත් ඒ ආපු සංචාරකයන්ගෙන් බොහොම පොඩි පිරිසක් විතරයි අපේ රටේ යම් කාලයකට හරි නවතින්නේ. ගොඩක් අය One day vist එකකින් පස්සේ ආපහු යනවා. රුසියාව, යුරෝපය වගේම චීන සංචාරකයන් විශාල වශයෙන් දැන් එන්න පටන් අරන්. ඇල්ල වගේ සංචාරක කලාප ආයෙත් සක්‍රීය වෙලා. ඒත් අපිට තියෙන්නේ එහෙම ආකර්ෂණීය සංචාරක කලාප හරිම අඩු ගානක්. රට වටේම සංචාරක ආකර්ෂණය දිනා ගන්න පුළුවන් තැන් කොච්චර තිබුනත් තවමත් ඒවා සංචාරක කර්මාන්තයට හරියට විවෘත වෙලා නෑ. සංචාරක ව්‍යාපාරයේ අභිවෘද්ධිය යොදා ගන්න පුළුවන් දේවල්වලින් අපි තවමත් සියයට කීයකින් විතරද ප්‍රයෝජන අරන් තියෙන්නේ. අපේ සංස්කෘතික අංගයන්, කලාව, ආයුර්වේදය, හෙල වෙදකම, අපේ පැරණි ආහාර රටාවන් වගේ දේවල් සංචාරක ව්‍යාපාරයට බද්ධ කරලාම නෑ. සංචාරක ව්‍යාපාරය තවත් ලොකු ස්කේල් එකක් ඇතුලේ සංවර්ධන කරන්න පුළුවන්.

ඇත්තටම රටේ රාළ කතා කළේ ක්ෂේත්‍ර කීපයක් ගැන විතරයි. තවත් කොච්චර නම් තියනවාද? එහෙම වැඩපිලිවෙලක් ළඟදී රටේ රාළ බළකායෙන් එලියට දානවා. අපේ රටේ අපනයන ආදායම වැඩි කරගන්න ක්‍රම, රට ස්වයංපෝෂිත කර ගන්න ක්‍රමය කවුරුවත් එකතුවෙලා කතා කරමු. දැන්වත් විපක්ෂයේ මහත්තුරු බයිලා ගහන එක නවත්තලා රට ගොඩදාන්න ඕනි යෝජනා ඉදිරිපත් කලොත් නරකද?

 

තමන්ට ජනානිපති වෙන්න රට විනාශ වෙනකම් සජිතුයි. අනුරයි බලා ඉන්න කොට රනිල් අලුත් ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා ජනාධිපතිවරණයට ලැස්ති වෙනවා. රනිල් IMF ක්‍රියාවලියත් එක්ක ජනාධිපතිවරණය බද්ධ කරගන්නවාම තමයි. රනිල් එහෙම කරද්දී අනුර සහ සජිත් රට විනාශ කරන්න උද්ඝෝෂණ, වැඩවර්ජන මෙහෙයමින් ඉන්නවා. ඇත්තටම දැන් වෙන්නේ අනුර සහ සජිත් දෙන්නම ඇණගෙන එකතැන නතර වෙද්දී රට ඉස්සරහට යෑමයි.



ඉතිහාසයත් එකක් ඉස්සරහට යන්නේ නැති ඉතිහාසය ආපස්සට හරවන්න හදන අයට මේ දේශපාලනය ඇතුලේ පවතින්න බෑ. එයාලට තියෙන්නේ බොහොම කෙටි කාලයක්. අනුර සජිත් ස්වර්ණමය යුගය තව සති කීපයකින් ඉවරයි. එහෙම අය තියන්න දේශපාලන කටුගෙයකුත් හදන්න වෙනවා. රටේ වැඩේ කරන්න සවිඥානික දේශපාලන බලවේගයක් ළඟ ළඟම එනවා.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.

මීට
Priyanjith Vitharanaරටේ රාළ
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්